අප රටේ සංස්කෘතික ක්ෂේත්රයට වඩා ප්රජාතන්ත්රවාදී ආයතන පද්ධතියක් ස්ථාපිත කර ගැනීම වෙනුවෙන් ඒ පිළිබද සංවේදී කලාකරුවන් කාලයක් තිස්සේ අරගල කළ හැටි සිහිපත් කළ තැකිය.
ඉන්දියාවේ සාහිත්‍ය ඇකඩමිය, නාට්‍ය ඇකඩමිය වැනි ආයතන ගොඩනගා ගැනීමට අවශ්‍ය පනත් කෙටුම්පත් පවා චන්ද්‍රිකා පාලන කාලයේ සකස් කෙරුනේ කලාකරැවන්ගේ බලපෑම් නිසාය.
එහෙත් අද තත්වය ඉතා කණගාටුදායකය. කොතරම් දුර්වලකම් තිබුණද 1956 සිට වත්මන් ආණ්ඩුව දක්වා සංස්කෘතික කටයුතු වෙනුවෙන් කැබිනට් ඇමතිවරයෙක් සිටියේය. අද එවැන්නෙක් නැත. වත්මන් ආණ්ඩුව සංස්කෘතික අමාත්‍යාංශය වයඹ සංවර්ධනයට ඈදා ඇති අතර පාර්ලිමේන්තු පනතක් මගින් සංස්කෘතික අමාත්‍යාශය යටතට පත්කර තිබූ කලා මණ්ඩලය හිතුමතයට අධ්‍යාපන අමාත්‍යාංශයට ඈදා ඇත. ඒ අතර සංස්කෘතික ක්ෂේත්රය වෙනුවෙන් අයවැයෙන් වෙන් කෙරෙන සොච්චම් මුදල යන්නේ වයඹ සංවර්ධනය ප්‍රධාන කොටගත් අමාත්‍යාංශයටය. කලා මණ්ඩලයට වැඩ කරන්නට ප්‍රතිපාදන නොලැබෙයි.
මෙවැනි තත්වයක් යටතේත් අපේ සමහර කලාකරුවෝ සහ ආචාර්ය මහාචාර්යවරු මැසිවිල්ලකින් තොරව, නිලධාරීන් විසින් අටවා දෙන තනතුරු බාරගෙන වැඩ කරති.
මෙවර රාජ්‍ය සාහිත්‍ය උළෙල පවත්වන ලද්දේ සාහිත්‍ය අනුමණ්ඩලයකින් නොව සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් අටවන ලද එවැනි උපදේශක මණ්ඩලයක සහායෙනි. වඩා ප්රජාතන්ත්රවාදී ආයතන පද්ධතියක් වෙනුවෙන් සටන් කළ යුතුව තිබියදී තිබුණු ආයතනත් විනාශ කර ඇති තත්වය බාරගෙන වැඩකිරීම කණගාටුදායකය.
පසුගිය කාලය තුළ මේ කාරණය ගැන කලාකරුවන්ගේ අවධානය යොමු කරවීම සදහා මා මුහුණු පොත මගින්ද පුවත්පත් සම්මුඛ සාකච්ඡා සහ ලිපි මගින්ද දිගින් දිගටම උත්සාහ කළෙමි. එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරවා ගැනීමට හැකි විය. ඊට අදාල ලිපිය ක ඡායා පිටපතක් මෙහි දක්වමි.
මේ වරද නිවැරදි කළ යුත්තේ අගමැතිවරයා බව මෙයින් පැහැදිලිය. මෙයින් එහා යමක් සිදුවෙන්නට නම් බලවත් බලපෑමක් අවශ්‍ය වෙයි. සාහිත්‍යකරුවන් සහ අනෙක් ක්ෙෂ්ත්රකෙලාකරුවන් දෙන දෙයක් බාරගෙන සිටින්නේ නම් කිසිවක් වෙනස් නොවනු ඇත. මෛත්‍රීගේ පාලනයෙන් අපි විප්ලවකාරී පියවරයන් බලාපොරොත්තු නොවෙමු. සුළු පියවරක්වත් ඉදිරියට තබන්නට බැරි නම් තිබුණු දේ තිබුණු විදියට තියෙන්නට හරින ලෙසය අප කියන්නේ.
මේ කාරණය ගැන අවධානය යොමු කරවන ලෙස කලාකරැවන්ගෙන්, විශේෂයෙන් සහෝදර සාහිත්‍ය කරැවන්ගෙන් නැවත ඉල්ලා සිටිමි. මෙය දෙවන වරටද මුහුණු පොතට එක්කරන්නේ ආණ්ඩුවේ නොව, සහෝදර කලාකරුවන්ගේ ප්‍රතිචාරය කෙබදුදැයි බලන්නටය.
ජයතිලක කම්මැල්ලවීර