ආදිත්‍ය නාරායන්ගේ පැමිණීමත් සමග ඔහුව ළඟින් ඇසුරු කරන්න ලැබුණු කෙනෙක් තමයි සංඛ දිනෙත්. මේ සංඛ ඔහු ගැන කිව්ව දේ.
ආදිත්‍යට මාව හඳුන්වා දුන්නේ සෝනු නිගම්. සෝනු ලංකාවේ කළ ප්රසංගයේදී තමයි මට ඔහුව අඳුනගන්න ලැබුණේ. ආදිත්‍ය එකතැනකට කොටුවුණු චරිතයක් නෙමෙයි. සරලයි. සැහැල්ලුයි. ඒ වගේම නම්‍යශීලියි. ප්‍රසංගය දවසට මගේ "රෑ සිහිනෙන්" සිංදුව ආදිත්‍ය කියනවා. මමත් හින්දි සිංදු කිහිපයක් කියනවා. හින්දි - සිංහල මෂප් එකක් වගේම තවත් සප්‍රයිස් කිහිපයක්ම එදාට සැලසුම් කරල තියෙනවා.
භාරතයේ මහා හඬ පෞරුෂය උදිත් නාරායන්... ඒ හඬ නොදන්න කෙනෙක් නැති තරම්. පසුගිය දවසක අපේ රටටත් ඇවිත් දැවැන්ත ප්‍රසංගයක් ඉදිරිපත් කළා බොහෝ දෙනකුට මතක ඇති. මේ කියන්න යන්නේ උදිත් නාරායන් ගැන නෙමෙයි. ඒ පවුලෙම ඊළඟ අංකුරය, ආදිත්‍ය නාරායන්... ඒ උදිත් නාරායන්ගේ පුතා.
තාත්තගෙන් ගුරුහරුකම් ලබාගෙන තාත්තාගේම අඩි පාරේ යන ආදිත්‍ය දැන් ඉන්දියාවේ රියෑලිටි ප්‍රසංගවල ජනප්‍රියම තරුව බවට පත්වෙලා. ඒ වගේම ඉන්දියාවේ කලාකරුවන් වෙනුවෙන් ලොකු වැඩකට අත ගහන්න හදනව කියලත් ආරංචියි. මේ වෙනකොට ජාත්‍යන්තර ප්‍රසංග රැසක්ම පවත්වල තියෙන ආදිත්‍යගේ මීළඟ ප්‍රසංගය පවත්වන්නේ අපේ රටේ.
මේ ප්‍රසංගයත් එක්ක තම අසල්වැසි රටට පැමිණි පළමු ගමන ගැන ආදිත්‍ය කිව්වේ මේ වගේ දෙයක්.
මම ලංකාවට ආවේ පළමුවැනි වතාවට. මගේ අම්මයි තාත්තයි දෙන්නම මේ ගමනට කැමැත්ත දුන්නා. මම ශ්‍රී ලංකාවේ සංගීතයට කැමතියි. ඒ වගේම ලංකාවේ අය සංගීතයට ගොඩක් දක්ෂයි. අපේ රටෙත් භාෂා ගොඩක් තියෙනවා. ඒත් භාෂාව සංගීතයට බාධාවක් නොවෙයි. දෙරටේම කලාකරුවන්ට මේ ප්‍රසංගය හොඳ අවස්ථාවක් වේවි.
මේ ප්‍රසංගයට ආදිත්‍ය එක්ක අපේ රටේ ජනප්‍රිය ගායක ගායිකාවන් වන භාතිය - සංතුෂ්, දුෂ්යන්ත් වීරමන්, උමාරියා සිංහවංශ, සනුක වික්‍රමසිංහ, සංඛ දිනෙත් සහ සුපර් ස්ටාර් කිරුළ දිනූ පියත් රාජපක්ෂත් එකතුවෙනව.
ඉමිතියාස් එන්ටර්ටේන්ට්මන්ට් සහ සවුන්ඩ් විෂන් එන්ටර්ටේන්ට්මන්ට් යන ආයතනද්වයේ සංවිධායකත්වයෙන් මේ මාසෙ 24 වැනිදා සවස 6.30 ට කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාපිටියේදී පැවැත්වෙන මේ ප්‍රසංගය ඔබටත් අලුත් අත්දැකීමක් වේවි.
මහේෂ් එදිරිසිංහ