නාමල් ජයසිංහ අධ්‍යක්ෂණයෙන් නිමවුණු “සහෝදරයා” එළැඹෙන 18 වැනිදා සිට රුපවාහිනිය ආක්‍රමණය කරන්නට සුදානමින් සිටියි.
“කුඹියෝ” සිදු කළ ආක්‍රමණයෙන් පසු සිදු වන මේ ටෙලි ආගමනය වෙනුවෙන් සමාජජාලා මාධ්‍ය වල මෙන්ම අනෙකුත් මාධ්‍යන්වල ද පෙර නොවූ විරු කතාබහක් ගොඩ නැගී ඇත.
විශේෂත්වය වන්නේ මෙම ටෙලි නාට්‍ය දෙකම පුරා හෝරාවක් තිස්සේ ස්වාධින රුපවාහිනී නාලිකාව මඟින් ප්‍රේක්ෂකයන් වෙත ලබා දීමය.
ඉතින් මේ සම්බන්ධයෙන් ලියවුණු අපුරු සටහනක් ඔබ හමුවේ තබන්නට මිරර් ආට් අපි සිතුවා,
“කූඹියෝ ඉවරවෙලා හිතක් හදාගෙන ගෙදර ටී.වි එක ඕෆ් කරන්න අමාරුයි.ඇයි?කූඹියෝ ඉවර වෙන්නේ 8.30ට එතනින් පස්සේ 9 වෙනකල් පැය බාගයක හිස් අවකාශයක් තියෙනවා.ඒ හිස් අවකාශය තුළ හැම ගෙදරකම ටී.වී ඕෆ් වෙන්නේ නෑ.කෙලින්ම බට්න් එක එබෙන්නේ මෙගා රියැලිටි ආතල් වලට.එතනින් පස්සේ ගෙදර දාලා දුවන්න බෑ.අමාරුවෙන් හරි නොබැලුවත් ඒ රියැලටි ආතල් එක ගෙවල් ඇතුළේ උපරිම 10 වෙනකල්වත් දුවනවා.ඒකෙන් වෙන්නේ අර පැය බාගයේ කූඹියෝ ආතල් එක කැඩෙන එක.නින්දට යනකොට අපිට දැන්නේ ජෙහාන් හිරු සුපර් ඩාන්සර් එකේ නටලා,ප්‍රියන්ත මහඋල්පතගම සිරස ජූනියර් ස්ටාර් එකේ සිංදු කිව්වා වගේ එකක්.ඇයි ඒ කාලය ඇතුළේ ඔළුව ෆෘට්සැලඩ් වෙලා ඉන්නේ.ඒක කවුරු බොරු කිව්වත් බහුතර ගෙවල් වල ඔය සිද්ධිය වෙන්නේ.ඇයි ටී.වී හතරක් පහක් නැති නිසා.ඒත් ලබන සතියේ ඉඳලා නාමල්ගේ සහෝදරයා ආපුවම මේ කෙලිය කඩන්න පුළුවන් මරුවට.8ට වාඩි වෙලා 9වෙනකල් එකම ලෝකෙක ජීවත් වෙන්න පුළුවන්.ඒ කියන්නේ 9 වෙනකල් ටී.වි එකටත් එකම ලයින් එකක ඉන්න පුළුවන්.ඒක පට්ට වාසියි ආතල් කුඩු නොකර ගන්නා එකෙක්ට.ඊට පස්සේ 9ට රෑට කන දෙයක් කන්න කෑම මේසයට යන්න පුළුවන් ටී.වි එක ඕෆ් කරලා.ඊටත් පස්සේ 9.45 වෙනකොට ඇඳට එන්න පුළුවන් පොතකුත් අතේ තියාගෙන.ඒක මාරම ෆීල් එකක් වෙයි ගෙවල් වල උන්ට.එතකොට ජෙහානුයි,ප්‍රියන්තයි,සහෝදරයි පට්ට විදිහට ඇඳේ ඉඳන් රීඩ් කරන්න පුළුවන් වෙයි.එහෙම නැති වුණොත් අර රියැලිටි ෂෝ වල නාමල්ටත් ලකාටත් ගොඩවෙන්න වෙනවා ඉස්සරහට.මේ තියෙන තත්වේ උඩ උඹල දෙන්නව නටවන්න ට්‍රයි නොකර ඉන්න එකකුත් නෑ චැනල්කාරයෝ.කෝම හරි උඹලා ප්‍රේක්ෂකයව බේරුවා නියම ටයිම් එකට.සමහර අය කියයි මේකේ ස්තූතියි අයි.ටී.එන් එකට එන්න ඕනේ කියලා.ඒක එහෙම දෙන්න බෑ.සමහර විට නාමල්ගේ සහෝදරයා තිබ්බේ නැත්තන් "සුවහසක් ප්ර්රේක්ෂක ජනතාවගේ ඉල්ලීම මත" කියලා අයි.ටී.එන් එක පබා හරි පබළු හරි නැවත විකාශයක් දෙන්න දෙපාරක් හිතන්නේ නෑ.ඒ නිසා නාමල් සහ ලකා උඹලා මරණයට කැපවුණු හරක් බේරුවේ පිං හරකා කියලා පිටේ හංවඩු නොගහා.
ගයාන් ගාල්ලගේ”