‘’රජ්ජුරුවෝ තෙමිලා හොදටම. එත් එයා දුවගෙන ආවේ අපේ ගමට.
එයා ආවේ අපේ ගමේ ආච්චි අම්මා කෙනෙක්ගේ ගෙමිදුලට. රජ්ජුරුවෝ කීවා ‘ආච්චියේ මාව බේරගන්න’ කියලා එතකොට ආච්චි ඇහුවා ‘ඇයි?’ කියලා මාව අල්ලගන්න පෘතුගීසි සේනවක් එනවා’ ‘කියලා.
උඹ කවුද?’ ආච්චි ඇහුවා. ‘මම සිංහලයෙක්,’
ආච්චි පෙන්නුවා එතන තිබ්බ කොස් ගහ. ‘කොස් ගහකට නැගලා බෙනේට බහින්න එතකොට පේන්නෙ නැහැ.’ රජ්ජුරුවෝ අඩි දෙක තුනක් නැගලා බලා ඉන්නවා. රාජ්ජුරුවන්ට ගස් නගින්න බැහැ. තවත් වෙඩිල්ලක් පත්තු වුණා. ආච්චි අතු ගාමින් හිටිය ඉලපත අරං මෙහෙම කීවා. ‘සිංහලයෙක් වෙලත් තොට බැරිද ගස් නගින්න' කියලා ඉදලෙන් ගැහුවා කකුල් දෙකට. රජ්ජුරුවො නැගලා හැංගුනා බෙනේ ඇතුළේ. ආච්චි ඉක්මනට ඉක්මනට අතුගාලා අඩි පාරවල් වහලා දැම්මා.
ඔන්න සෙබළු අහනවා ඇවිල්ලා නාකි ගැනියේ මෙතනින් මිනිහෙක් දිව්වද?
ආච්චි අම්මා නොතේරුනා වගේ හිටියා. ආගමේ හැටියට බොරු කියන්න බැහැ. ඉතින් තරහ ගියා සෙබළු ආච්චිව මැරුවා කඩුවෙන් ඇනලා. ‘ගමට අනිත් පැත්තෙන් තුවක්කු පත්තු වෙන හඬක් ඇහුණා. පෘතුගීසිකාරයො හිතුවෙ. ඒ සිංහල සේනාව කියලා ඒ අය ආපහු පැනලා ගියා.
හොදටම හැංදෑ උනාම රජ්ජුරුවෝ ගහෙන් බිමට බැස්සා. එතකොට එතැනට ඇවිත් හිටපු මිනිස්සු අඳුනගත්තා රජ්ජුරුවන්ව. රජ්ජුරුවො දැක්කා මියගිය ආච්චි. එයා ආච්චිව බදාගෙන ඇඬුවා. එයාගෙ අත්වල ඇගේ ලේ ගැවුණා. රජ්ජුරුවෝ ලේ දැකලා මෙහෙම කීවා. ‘මා රුක්ක ලේ’ ඔන්න ඔහොමයි මරක්කල කිය නම හැදුනෙ කියලා අපේ අය කියන්නේ.
145 -146 පිට
නිශ්ශංක විජේමාන්න
හඳ පළුව තනි තරුව