චක්‍රවර්ති අශෝක් සම්රාත් නම් වූ ඉන්දියානු ටෙලි නාට්‍යයේ, එනම් අධිරජ ධර්මාශෝක නාට්‍යයේ පේ්රක්ෂකයන් මේ දිනවල පසුවන්නේ සිත් තැවුලිනි. එයට එක් හේතුවක් වන්නේ අශෝක රජතුමාගේ මව වූ රානි ධර්මා දේවියගේ අභාවයයි. චරිතයට අනුව වයස අවුරුදු 50 ඉක්මවා සිටින ධර්මා දේවියගේ චරිතය සඳහා රංගනයෙන් දායක වී තිබෙන්නේ මේ වනවිට 33 හැවිරිදි වියේ පසුවන ඉන්දියානු රංගන ශිල්පිනි පල්ලවි සුභාෂ් විසිනි.
පල්ලවි සුභාෂ් 1984 වසරේ ජුනි 9 වන දා ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ උපත ලබන අතර පාසැල් අධ්‍යාපනයෙන් පසු ඇය මුම්බායි විශ්වවිද්‍යාලයෙන් වාණිජ විෂය ධාරාව සඳහා උපාධිය ද හිමි කර ගනු ලබයි. ඉන් අනතුරුව සිය අධ්‍යාපන මට්ටමට උචිත රැකියාවක් ලැබෙන තුරු ඇයට කෙටි කාලයක් බලා සිටින්නට සිදු වේ. පල්ලවිට නිරූපණ ක්ෂේත්රයේ දොරටු විවර වන්නේ ඒ අතරතුරේදීය. සිය අධ්‍යාපන මට්ටමට සුදුසු රැකියාවක් ලැබෙන තුරු නිරූපණ ක්ෂේත්රයේ නිරත වන ඇයට පසු කාලයේ විදේශ බැංකුවක රැකියාවක් ලැබුණද නිරූපණ ක්ෂේත්රයේ කටයුතු සමග කාර්ය බහුල වන ඇයට බැංකු රැකියාව මග හැරී යන්නේ නොදැනුවත්වමය. නමුත් ඉන් පසුතැවිල්ලට පත් නොවන පල්ලවි නිරූපණ ක්ෂේත්රයෙන් ඉදිරියට යා හැකි මාර්ග සඳහා මංපෙත් සාදා ගනු ලබන්නීය.
පළමු වරට 2004 වසරේ දී Tumhari Disha නාට්‍ය මාලාවට රංගනයෙන් දායක වන ඇයට ඉන් අනතුරුව Karam Apna Apna" Basera" Char Diwas Sasuche වැනි ඉන්දියානු රූපවාහිනී නාට්‍ය මාලාවන්හි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන්නට අවස්ථාව උදා වේ. 2014 වසරේ දී ඇයට ඓතිහාසික කතාවක් ඇසුරින් නිර්මාණය කරනු ලැබූ Chakravartin Ashoka Samrat හි අශෝක රජතුමාගේ මවගේ චරිතය සඳහා දායක වන්නට ලැබීමත් සමග ඇය සම්මානනීය නිළියක බවට පත් වන්නට පවා අවස්ථාව ලැබේ. එයට හේතුව මේ වනවිට Chakravartin Ashoka Samrat හි ධර්මාගේ චරිතය වෙනුවෙන් ඇය රූපවාහිනී සම්මාන කීපයක් සඳහා නිර්දේශ වී තිබීමත් ඉන් සම්මාන දෙකක් දිනාගෙන තිබීමත් යන කරුණු නිසාය. මීට අමතරව ඇයට රූපවාහිනී සම්මාන උළෙල දෙකකදී හොඳම දුෂ්ඨ චරිතය සඳහා වන සම්මානද ලැබී තිබේ.
මේ වනවිට වෙළඳ දැන්වීම් 28 ක, රූපවාහිනී නාට්‍ය 15 කට අධික ප්‍රමාණයක සිය රංගන කුසලතාව දක්වා ඇති ඇය මරාති, තෙළෙඟු සහ කන්නඩා චිත්‍රපට 16ක සහ එක් සිංහල චිත්‍රපටයක රඟපා තිබේ. ඇගේ රංගන කුසලතාව ශ්‍රී ලාංකේය සිනමා පේ්රක්ෂකයන්ට දැක ගැනීමට අපේ‍්‍රල් මාසය අවසානයේ දී එනම් අපේ‍්‍රල් මස 26 වනදා සිට භාග්‍ය උදා වේ. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයෙන් සහ එච්. ඞී පේ‍්‍රමසිරි මහතාගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ බිම්බා දේවි නොහොත් යශෝධරා සිනමා නිර්මාණයෙනි. පල්ලවි සුභාෂ් මෙම සිනමා නිර්මාණයෙහි ප්‍රධාන චරිතය වන බිම්බා දේවිය නොහොත් යශෝධරා දේවියගේ චරිතය සඳහා රංගනයෙන් දායක වී තිබේ.
දුලංජලී මුතුවාඩිගේ