නවාතැන් පොල ඔබයි......
සමහර විට සුනිල් ආරියරතනයන් නිස්කාන්සුවේ සිතුවිලි ලෝකයේ කිමිදී මනි ගේ ප්‍රේම කතාව විඳිනා වෙලාවක ඔහුගේ සුරතින් මේ පදවැල ලියවෙන්නට ඇති.
සමහර විට එච්. ඇම්. ජයවර්ධනයන් ඉලයරාජා ගේ ඒ සුමිහිරි ලයාන්විත රිද්මයේ රස උරගා බලනා කල මේ මියුරු නද උපදින්නට ද ඇත.
එසේත් නැති නම් නන්දා ගේ ප්‍රේමනීය ස්වරයේ අරුත් සොයනා කල මනිරත්නයන් ගේ සිත තුල ‘මෞන රාගය' ක බීජා’න්කුරය උපදින්නට ද ඇත.
එය කෙසේ සිදුවුවද මට කම් නැත.
මම ඔහුගේ වචන සොරා ගනිමි.
මන්ද,
ඒ ඉවසිලිවන්ත ප්‍රේම සංධ්වනිය අරුත් ගන්වන්නට……..
ඒ පොහොසත් හැඟීම එලි කරලන්නට……
ඒ ආදරය සරසන්නට මා සතුව වත්කම් නැත
ඉදින්, දුගී මම ඔහුගේ වචන සොරා ගනිමි.
(කාලය ශත වර්ෂ ගණන් පැරණි විය හැකිය. නමුත්, ප්‍රේම කතාව සැමදා නැවුම්ය රසවත්ය, වින්දනීය ය. මිනිසුන් තවමත් ශාකුන්තල්යය කියවන්නෙත් රස විඳින්නෙත් එහෙයිනි.)
නවාතැන් පොල ඔබයි
ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ජීවිතේ දිගු වන්දනා ගමනේ...
ආලයේ වන බිඟුන් බමනා
ස්නේහයේ ජල තරඟ බිදෙනා
නිල්ල දිලෙනා නිම්නයේ
ගරා නොවැටෙන නවාතැන ඔබ
නවාතැන් පොල ඔබයි
ඔබගේ සිනාවයි
දයාවේ සඳ සිසිල ලබනා
සාමයේ මද පවන රඳනා
හිම මිදෙන මිටියාවතේ
සදා උණුසුම් නවාතැන ඔබ
නවාතැන් පොල ඔබයි
ඔබගේ සිනාවයි
භාරත සිනමා රසික සංසදය