නිමේෂයකට ඔහු තෙලිතුඩ හා ආත්මගත වෙයි. කඩින් කඩ මැවී නිමැවෙන රේඛා ඔහුටම අනන්‍ය චිත්‍ර ශෛලියක් පූරණය කරන අවසන් නිමේෂයේ දී ඔහු සිය ගුලෙන් එළියට බසියි. සමාජ, දේශපාලනික, සංස්කෘතික හබයන් සේම පරිසරය, ආදරය වැනි මානවීය ගුණ හරහා ඔහු චිත්‍ර සම්ප්‍රධායක් ඉදිරියට ගෙන ගියේ ය. දෙස් විදෙස් හි ශ්‍රී ලාංකේය කීර්ති නාමය ඔසවා තැබුවේ ය.ඔහු නමින් එස්. එච්. සරත් නම් මහා කලා කරුවා ය.
ඒ 1967 වර්ෂයේ දිනයකි. හිරිමල් වයසේ සිටි සරත් චිත්‍ර ප්‍රදර්ශනයකට චිත්‍රයක් යොමු කළේ ය. බොදු හැඟුම් නමින් එය සංවිධානය කොට තිබුණේ පත්තර මහ ගෙදර ලේක් හවුසියෙනි. බුදු හිමි පසු පස්සේ එන අංගුලිමාල චිත්‍රය දිනමිණ පුවත්පතෙහි පළ වී තිබිණි. සිය කුසලතාව කෙරේ එදා ඔහු නිහතමානී සතුටක් භුක්ති වින්දේ ය. 1967 සිට කාලය වේගයෙන් ගෙවී ගොසිනි.
සරත් ගේ චිත්‍ර කලා ජීවිතය වසර පනහ ඉක්මවා ගොසිනි. එනිසාම එළඹෙන ජූලි 2සිට 5 දක්වා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජී.එච් .ඒ පෙරේරා ගැලරියේ පැවැත්වීමට නියමිත සිය චිත්‍ර ප්‍රදර්ශනය ඔහු නම් කළේ එස් එච් 50( S H FIFTY) ලෙසිනි. ඒ ඒ චිත්‍රයට ආවේණික වස්තු විෂය ඔසවා තබන්නට සමත් වර්ණ භාවිතයකින් යුතු මෙම චිත්‍ර එකතුව නරඹන්නට ඔහු විෂය හිතකාමී සියලු දෙනාට සේම කලාකාමී සිය සහෘද සමකාලීනයන්යන්ට ද ආරාධනා කරයි. පුරා වසර තිහක් සාමයේ අවශ්‍යතාව පැවැති රටක් ලෙස සමාජය පෙළූ සංස්ථිතිකයන් මෙහිදි ප්‍රදර්ශනයට නියමිත ය.එසේම මෙම චිත්‍ර බොහෝමයක් ඔහු විසින් පුරා දශක පහක් තිස්සේ අඳින්නට යෙදුණු ඒවා වීම ද විශේෂත්වයකි.
කාර්යය බහුල බූතයා ගේ චිත්‍රය මේ අතුරින් වඩාත් සිත් ගත්තක් බව කිව යුතු ය. බොහෝ සේ තණ්හා ආශා ඇතිව ජීවත් වන මිනිසා ධන ධාන්යෙයෙන් ආඩ්‍ය වීම උදෙසා නොයෙක් දේ කරයි. දුස්සීල පැවැත්මෙන් මිය යන මිනිසා බූතයෙක්ව ඉපිද තමා එක් රැස් කළ දේ රකින්නට වෙහෙසෙමින් කාර්යය බහුල වෙයි. එසේම කතා කිරීමේ නිසහස අහිමි වීම,යුද්ධයේ දුක්ඛදායක බව වැනි සමාජ සංසිද්ධීන් චිත්‍රය ඔස්සේ කතා කරමින් ප්‍රදර්ශනයට තබා ඇත.
මෙරට අධ්‍යාපන ක්ෂෙත්රයට මාහැඟි මාර්ගෝපදේශකයකු වූ එස් එච් සරත් මහතා අද තත්ත්වය පිළිබඳ අවසානයේ හඬ අවදි කළේ අපට සිතන්නට ඉඩක් තබමිනි.
අද චිත්‍ර කලාව තියෙන්නෙ කනගාටුදායක තත්ත්වයක. අඳින්න අඳින්න තමයි චිත්‍ර ශිල්පියෙක්ගෙ ශක්තිය වැඩි වෙන්නෙ. අද දරුවො කරන්නෙ පිටරටක චිත්‍ර බලාගෙන අඳින එක.මේ දරුවන්ගේ රචනා ශක්තිය දියුණු කළ යුතු යි. මා ඇන්ඳ පොල් ගහ උසාවි යන චිත්‍රය ළමයින්ට කදිම උදාහරණය ක් . පොල් ගහ කියන්නේ සංහිඳියාවේ සංකේතයක්. බේදයකින් තොරව පොල් ගහ සියලු ආගම්වලට පහන් පත්තු කරන්න පොල් තෙල් දෙනවා, ඉවුම් පිහිම්වලට සියලු දෙනාට පොල් කිරි දෙනවා කලාවට ගොක් කොළ ළමයින්ට කුරුම්බැට්ටි මැසිම වගේ සෙලල්ම්, ගෙවල් හෙවිලි කරනවා මේ ආදී බොහොමයක් හොඳ දේට දායක වෙන පොල් ගහ නායකයෙක් වගේ ඉහළට ගිහින් කලකදි තෙලිජ්ජ හදනවා,රා ,විනාකිරි හදනවා අරක්කු හදනවා අවසානයේ දි පොල් ගහ පොලිසි ගෙනි යනවා .
කුඩා කාලයේ පටන්ම මේ ආකාරයෙන් දරුවකුගේ චින්තන හැකියාව වැඩි දියුණු කළ යුතු වුවත් අද අධ්‍යාපන අමාත්‍යංශයේ වැරැදි නිසා නියම දරුවෙක් හදන්න අපොහොසත් වෙලා තිබෙනවා. දහය ශ්‍රේණියට යද්දි දරුවෙක් ගස් 25,මාළු ජාති,මල් ජාති, පහළොවක් විස්සක් අඳුරගෙන තිබිය යුතු යි. චිත්‍ර අඳින්න කලින් රචනාව ලියන්න ඉඩක් දිය යුතු යි.
සෙල්ලපන්නිගේ ගුණපාල හා ධාර්ලිනා සුද්රිකු ජයවික්‍රම දෙපළට දාව 1947 දෙසැම්බර් 25 දා මෙලොව එළිය දුටු එච් එස් සරත් ගේ උපන් ගම වැලිගම තල් අරණය.වැලිගම සිද්ධාර්ථ මහා විද්‍යාලයෙන් හා සුමංගල මහා විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය ලැබූ ඔහු සිය තෘතීය අධ්‍යාපනය සඳහා 1968 රජයේ කලා හා කලා ශිල්ප විද්‍යාලයට(සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය) ඇතුළත් වී චිත්‍ර හා මූර්ති පස් අවුරුදු ඩිප්ලෝමාව සම්පූර්ණ කළේ ය. සිත්තම් කලාවෙන් ඔබ්බට යමින් හෙතෙම පෙම්බර මධූ, ඉංදුට මල් මිටක්, චූඩා මාණික්‍යය, සාරා , වැනි චිත්‍රපටයන්හි කලා අධ්යක්ෂවරයා ද විය.
කොළඹ පළාත් සභා කොඩියේ නිර්මාතෘවරයාද වන එස් එච් සරත් මහතා මොනිකා රුවන් පතිරණ, ගුණදාස අමරසේකර,එදිරිවීර සරච්චන්ද්‍ර වැනි කෘතහස්ත කලාකරුවන් ගේ කෘති සඳහා පිටකවර නිර්මාණය කළේ ය. මේ මහා චිත්‍ර ශිල්පියා ගේ කලා ජීවිතයේ සංධිස්ථානයක් ලෙස 1974 වර්ෂය සටහන් කළ හැකි ය. ඒ ඔහුගේ ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් ලයනල් වෙන්ට් කලා ගාරයේ දී පැවැත්වීමත් එක්සත් ජාතීන් ගේ සමුළුවට සමගාමීව බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූ ප්‍රථමයා බවටත් පත් වීම නිසා ය. 1978 වර්ෂයේ සරත් රේඛා නමින් සිය දෙවන චිත්‍ර ප්‍රදර්ශනයය පැවැත්වූ ඔහු යුනෙස්කෝ ශිෂත්වයක් ලබා තායිලන්තයේ ශිල්පකෝන් විශ්වවිද්‍යාලයෙන් වැඩි දුර අධ්‍යාපනය ලැබීය.
එක්දහස් නවසිය අසූව දශකයේ චිත්‍රයක් රුපියල් ලක්ෂයකට පින්ලන්තයට විකුණූ ඔහු චිත්‍ර කලාවට අලෙවිකරණ වටනාකමක් එක් කළේ ය. කලාකාමී ජීවිතය සමග දිවා රාත්‍රි පහන් කළ සරත්ට නීතිඥ චේකා ප්‍රේමසිරි මුණ ගැසෙන්නේ ද ප්‍රදර්ශන ශාලාවක දී ය. 1983 වර්ෂයේ විවාහ දිවියට එළඹෙන මේ දෙපළ අද දරුවන් දෙදෙකුගේ මව්පියන් ය. කොළඹ විශ්ව විද්‍යාලයේ ගුරු පුහුණු ආයතනයට සම්බන්ධ වෙමින් වේදිකා සැරසිලි ඇදුම් නිර්මාණ පිළිබඳ දැනුම බෙදා දුන් ඔහු පසුකාලීනව අධ්‍යාපන අමාත්‍යංශයේ චිත්‍ර සම්බන්ධ ව්‍යාපෘති නිලධාරි ලෙද වසර දහයක් කටයුතු කළේ ය.
එම කාලය තුළ මෙරට දරුවන්ට තෙල් සායම් භාවිතය පිළිබඳ අධ්‍යාපනය දියුණු කළේ ය. එසේම දරුවන් හැට අටක් හා ගුරුවරු දහඅටක් යොදා ගෙන පුස්තකාල හා ප්‍රලේඛන දෙපාර්තමේන්තුව තුළ දිගම පාරිසරික චිත්‍රය සිතුවම්නිමේෂයකට තෙලිතුඩ ඔහු හා ආත්මගත වෙයි. කඩින් කඩ මැවී නිමැවෙන රේඛා ඔහුටම අනන්‍ය චිත්‍ර ශෛලියක් පූරණය කරන අවසන් නිමේෂයේ දී ඔහු සිය ගුලෙන් එළියට බසියි. සමාජ, දේශපාලනික, සංස්කෘතික හබයන් සේම පරිසරය, ආදරය වැනි මානවීය ගුණ හරහා ඔහු අධ්‍යාපනික සම්ප්‍රධාය ගරු කරන චිත්‍ර සම්ප්‍රධායක් ඉදිරියට ගෙන ගියේ ය. දෙස් විදෙස් හි ශ්‍රී ලාංකේය කීර්ති නාමය ඔසවා තැබුවේ ය.ඔහු නමින් එස්. එච්. සරත් නම් මහා කලා කරුවා ය.
ඒ 1967 වර්ෂයේ දිනයකි. හිරිමල් වයසේ සිටි සරත් චිත්‍ර ප්‍රදර්ශනයකට චිත්‍රයක් යොමු කළේ ය. බොදු හැඟුම් නමින් එය සංවිධානය කොට තිබුණේ පත්තර මහ ගෙදර යි. බුදු හිමි පසු පස්සේ එන අංගුලිමාල චිත්‍රය දිනමිණේ පළ වී තිබිණි. සිය කුසලතාව කෙරේ එදා නිහතමානී සතුටක් භුක්ති වින්දේ ය. 1967 සිට කාලය වේගයෙන් ගෙවී ගොසිනි. සරත් ගේ චිත්‍ර කලා ජීවිතය පනහ දශකයත් ඉක්මවා ගොසින් ය. එනිසාම එළඹෙන ජූලි 2සිට 5 දක්වා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජීඑච් ඒ පෙරේරා ගැලරියේ පැවැත්වීමට නියමිත සිය චිත්‍ර ප්‍රදර්ශනය ඔහු නම් කළේ එස් එච් 50( S H FIFTY) ලෙසිනි. ඒ ඒ චිත්‍රයට ආවේණික වස්තු විෂය ඔසවා තබන්නට සමත් වර්ණ භාවිතයකින් යුතු මෙම එකතුව නරඹන්නට ඔහු විෂය හිතකාමී සියලු දෙනාට සේම කලාකාමී සිය සහෘදි සමකාලීනයන්ය ද ආරාධනා කරයි. මානව චෛතසිකයන් සේම පුරා වසර තිහක් සාමයේ අවශ්‍යතාව පැවැති රටක් ලෙස සමාජය පෙළූ සංස්ථිතිකයන් මෙහිදි ප්‍රදර්ශනයට නියමිත ය.එසේම මෙම චිත්‍ර බොහෝමයක් ඔහු විසින් පුරා දශක පහක් තිස්සේ අඳින්නට යෙදුණු ඒවා වීම ද විශේෂත්වයකි.
කාර්යය බහුල බූතයා ගේ චිත්‍රය මේ අතුරින් වඩාත් සිත් ගත්තක් බව කිව යුතු ය. බොහෝ සේ තණ්හා ආශා ඇතිව ජීවත් වන මිනිසා ධන ධාන්යෙයන් ආඪ්‍ය වීම උදෙසා නොයෙක් දේ කරයි. දුස්සීල පැවැත්මෙන් මිය යන මිනිසා බූතයෙක්ව ඉපිද තමා එක් රැස් කළ දේ රකින්නට වෙහෙසෙමින් කාර්යය බහුල වෙයි. එසේම කතා කිරීමේ නිසහස අහිමි වීම,යුද්ධයේ දුක්ඛදායක බව වැනි සමාජ හරයන් චිත්‍රය නම් ආඛානය ඔස්සේ කතා කරමින් ප්‍රදර්ශනයට තබා ඇත.
රේඛාව නම් සිය ශක්‍යතාව ඔස්සේ මෙරට අධ්‍යාපන ක්ෂෙත්රයට මාහැඟි මාර්ගෝපදේශකයකු වූ එස් එච් සරත් මහතා අද ත්ත්වය පිළිබඳ හඅවසානයේ හඩ අවදි කළේ අපට සිතන්නට ඉඩක් තබමිනි.
අද චිත්‍ර කලාව තියෙන්නෙ කනගාටුදායක තත්ත්වයකයි. අඳින්න අඳින්න තමයි චිත්‍ර ශිල්පියකු ගෙ ශක්තිය වැඩි වෙන්නෙ. අද දරුවො කරන්නෙ පිටරටක චිත්‍ර බලාගෙන අඳින එකයි. මේ නිසා දරුවන්ගේ රචනා ශක්තිය දියුණු කළ යුතු යි. මා ඇන්ඳ පොල් ගහ උසාවි යන චිත්‍රය මේ සඳහා ළමයින්ට කදිම උදාහරණය ක් . පොල් ගහ කියන්නේ සංහිඳියාවේ සංකේතයක්. බේදයකින් තොරව පොල් ගහ සියලු ආගම්වලට පහන් පත්තු කරන්න පොල් තෙල් දෙනවා, ඉවුම් පිහිම්වලට සියලු දෙනාට පොල් කිරි දෙනවා, තවදුරටත් කලාවට ගොක් කලාව . ළමයින්ට කුරුම්බැට්ටි මැසිම වගේ සෙලල්ම්, ගෙවල් හෙවිලි කරනවා මේ ආදී බොහොමයක් හොඳ දේට දායක වෙන පොල් ගහ නායකයෙක් වගේ ඉහළට ගිහින් කලකදි තෙලිජ්ජ හදනවා,රා ,විනාකිරි හදනවා අරක්කු හදනවා අවසානයේ දි පොල් ගහ පොලිසි ගෙනි යනවා .
කුඩා කාලයේ පටන්ම මේ ආකාරයෙන් දරුවකුගේ චින්තන හැකියාව වැඩි දියුණු කළ යුතු වුවත් අද අධ්කළෙ ය. මෙම චිත්රයේ පිංතූරයක් නෝර්වේ කලා කෟතුකාගරයේ තැන්පත්ව තිබීමද ඔහු ලැබූ ජයග්‍රහණයකි.
2017 වර්ෂයේ කලාශූරී සම්මානයෙන් පිදුම් ලැබූ මේ කෘතහස්ත කලා කරුවා රේඛාව හා මුසු වෙමින් ඒවාට ජීවය පොවමින් නාවල පිහිටි සිය නිවසේ ජීවිතයේ සැදෑ සමය ගත කරමින් සිටී. නමුත් ඔහු හදවතින් තාම තරුණය. ඔහු සේම ඔහුගේ සිතුවම් ද ජීවයෙන් පිරී ඇත්තේ ය. එනිසාම ඔහු එස් එච් 50( S H FIFTY) සංවිධානය කළේ ය. සිය අපේක්ෂාව මෙරට චිත්‍ර කලා ගාරයක් ස්ථාපිත කිරීම බව අවසාන වශයෙන් දිනමිණට පැවැසූ මෙ මහා චිත්‍ර ශිල්පියා මෙසේ ද සටහන් කළේ ය.අද කැවුම් ගෙඩියටත් බිත්තර දාන්න හදනවා. ඒ නිසා කැවුම් ගෙඩියත් බේරගන්න ඕන කාලයක් මේක. ඒනිසා චිත්‍ර කලාවත් සෙසු කලාවන්ගේ දේශීය අනන්‍යතාවත් රැක ගැනීම කොයි කාගේත් සමාජ වගකීමක් .
සටහන හා ජායාරූප
නිලූකා ඩී තිලකරත්න