දැවෙන විහගුන් සිනමාපටය බැලුවෙමි. එය නොබලා සිටින්නට මා ගත් අධිෂ්ඨානය බිද දැමුවේ සිනමාපටය නැරඹූවන් විසින් මෙහි රංගන ශිල්පිනියගේ විශිෂ්ඨතාවය පිළිබදව පැවසූ දෑ නිසාය.
එබැවින් එය නැරඹීමි. නමුත් මා පුදුමයට පත් වූයේ මෙපමණ සම්මානිත වන්නට තරම් එහි ඇති විශිෂ්ඨත්වය කුමක්ද යන්නයි. සිනමාපටයක් ලෙස ගත් විට එය කුඩා ළමුන් විසින් සකස් කරන ලද සෙල්ලම් ගෙයක් බදුය. අතිශය සමතල සිනමාපටයකි. කුසුම් නමැති ගැහැනියට හදිසියේ සැමියා අහිමිවීම, ඉන්පසු දරුවන් සමග තනිවීම ආදී සිදුවීම් කිහිපයක් පදනම්ව නිමවා එයිනුත් පසු අලවිකරන්නට පසුම ම්ලේචත්වය එකතු කොට ඇගේ ජීවිතයේ ඛේදවාචකය අමුණා තිබේ. එය සාමාන්‍ය විය හැකියාව සහිත සම්පදායික වට්ටෝරුවම මිස අනෙකක් නොවේ.සංජීවගේ ඉගිල්ලෙන මාලු සිනමාපටයේ ඇති ප්‍රාථමික ලක්ෂණ මේ තුළද එලෙසින්ම තිබේ. ඔහුට අවශ්‍ය අනෙක් අය නොකරන අන්දමේ ලිංගික ජවනිකා තම සිනමාපටය තුළට රිංගවීමයි. නමුත් දැවෙන විහගුන් පැය බාගයක් ඉවත් කොට පදර්ශනය කරන බැවින් කැපූ දර්ශන ගැන කිසිවක් කියන්නට නොහැකිය.කෙසේ වුවත් විදේශයන්හි සම්මානිත විනැයි පුරාජේරු සහිතව ලංකාවේ දී විඳින බොහෝ නිර්මාණ සම්බන්ධයෙන්
මට ඇති පොදු ගැටලුව වන්නේ මෙලොව තිරිසන්ම සහ උත්තම වශයෙන් මිනිසුන් බෙදා වෙන් කළ හැකිද යන්නයි. ගෝතිකත්වය යම් තරමකට මේ දූපතෙහි තිබිය හැකි බව සත්‍යයකි. නමුත් විදේශයන්හි සම්මානිත වූ බොහෝ දෙනා තම පරිකල්පන ගෝතිකත්වය තුල මවන ම්ලේචත්වය අලෙවි කරන බවක් වැටහී යයි. මෙම සිනමාපටය මුලුල්ලේම තියෙන්නේ අධ්යක්ෂවරයාගේ මුල් ළමා විය සමායෝජනයේ වූ කිසියම් අවුලකි. තක්කඩි කමකි. කලාත්මක අගයකින් යුතු කිසිම රූප රාමුවක් දකින්නට නොමැති අතර කුසුම් සහ දරුවන් වෙසෙන ගෘහය කැමරා කෝණ සදහාම සකස් කර ඇති උඩින් පාත් වූ නිවසක් බදුය. නිවසද මනාම මැටි පිරියම් කොට කලා අධ්යක්ෂ විසින් කදිමට නිමවා ඇති ගෙයක් මිස මෙවන් ඵීඩිතයන් වෙසෙන නිවසක් නොවේ. ඒ ගේ වටේ එකදු තණ පැළෑටියක් නොමැති අතර ඉදිරිපස පමණක් විශාල ගසක් වේ. ගෘහය අහසින් ගෙනවිත් සවි කලාක් බදුය. සාමාන්‍ය ගමක නිවසක පැල ඉණි වැටක් හෝ අවම කරපිංචා පැලයක් හෝ ඇත. නමුත් සංජීව මවන පරිසරයම නිවසම පරිකල්පනයට පමණක් සීමා වේ.
සැබැවින්ම සිනමාපටය ගොඩ දමන්නේ අනෝමා ජනාදරීය. සැබැවින්ම විශ්ම පත් වන රංගනයකි. විශේෂයෙන්ම මස් කඩයේ ජවනිකා කිහිපය විශිෂ්ඨවේ.
අප බලා සිටින්නේ ඈ දෙසය. රාමුවෙන් රාමුව ඇයව නරඹනවා මිස සිනමාකරුවා සිදු කරන දෙයක් නැත. ඔහු නිකම්ම නිකම් වීඩියෝකාරයෙක් පමණකි. සමනළී ෆොන්සේකා වාසනාගේ චරිතයට උපරිමය ඉටු කරයි. නමුත් සමනළී යනුද හොඳ රංග ධාරිතාවක් ඇති ශිල්පිනියකි. මගේ අදහස නම් සිනමාපටය තුළ ඇයට කරන්නට තරම් දෙයක් නැති බවයි. එම චරිතය තිසුරි , විනු වැනි සාමාන්‍ය ධාරිතාවක් ඇති අයකුගෙන් පවා ගොඩ දා ගන්නට හැකි මට්ටමේ එකකි. සෙසු සෑම ශිල්පියෙකුම අධ්යක්ෂවරයාගේ සහයක් නැතිව තමන්ගේ හැකියාවෙන් තමාව ගොඩදා ගනිති. චාන්දනී, දසුන් , මහේන්දු ශ්‍යාම්, පුබුදුනිදසුන් වේ. සිනමා පටය සදහා දායකත්වය දෙන සියල්ලෝම දක්ෂයෝ වෙති. නමුත් සියල්ල අනෝමාගේ ආක්‍රමණයට යටවෙති.ඇය ඒ තරමට ප්රබලය. නමුත් එය හරියට ගූ බෙට්ටකට ඇලවූ රේන්දයක් බදුය. රේන්දය ලස්සනය.ගූ බෙට්ට ගඳය.
අනෙක් කාරණය නම් ලිංගික දර්ශන දා හතර ඉවත් කළ පසුවද වින්දනයට බාධාවක් නොවන බව අධ්යක්ෂවරයා පසුව අදහස් කරන්නේ නම් මම අසන්නේ ලිංගික දර්ශන දා හතරක් මුලින් ඇතුළත් කරන්නේ කුමක් නිසාද යන්නයි.එමෙන්ම ජාත්‍යන්තර විසින් ඉල්ලා සිටින්නේ දූපත් වාසීන්ගේ ලිංගික කාර්යයන් සහිත වීඩියෝ පට පමණක්ම නම් සහ
සංජීව පුෂ්පකුමාරලාටද සිදු කළ හැක්කේ ලිංගික කාර්යයන් හෝ සිදුවන දේ වීඩියෝ කිරීම පමණක් නම් ඔහුට චිතපට තනනවාට වඩා හොද කාර්යයක් තිබේ.
ඒ ගල්කිස්සේ ගල් අස්සේ සිදුවන ඒවා වීඩියෝ කොට යූ ටියුබ් දැමීමය. එවිට ඔහුගේ මානසික සාධකය මෙන්ම ආර්ථික සාධකයද මීට වඩා සදාචාරාත්මකව පූර්ණ වනු ඇත.ලංකාවේ සිනමාවටද, දක්ෂ ශිල්පීන්ටද එය යහපතක් වනු ඇත.
උපේක්ෂා නුවන්ශීනි