පශ්චාත් යටත් විජිතවාදී ශ්‍රි ලංකාව තුල අධිරාජ්ජ්ය වාදයට හා ධනවාදයට එරෙහිව කැරලි දෙකක් 1971 හා 1988-89 බිහිවිය. සංජීව පුෂ්පකුමර ගේ ජූනි 29 දා සිට තිරගත වන “දැවෙන විහඟුන්” සිනමා පටය,
සමාජයේ ඉතා දිගු නිහැඬියාවකට පසු තරුණ කැරැල්ලේ අතුරු සංසිද්ධියක් හා රාජ්‍ය ත්රස්ත්වාදයේ ප්රබලතම හා උච්චතම ක්‍රියාදමය වන පැහැරගෙන ගොස් අතුරුදන් කර මරා දැමිම පිලිබඳව හා එයින් අසරණභාවයට පත්වන “කුසුමා” ගේ ජීවන අරගලය පිලිබඳ සංවේදී වෘතාන්තයක් සිනමාත්වකව ඉදිරිපත් කිරීමකි.
රටක “සංහිඳියාවක්” පිලිබඳ කතිකාවක් ඇතිවන්නේ, එරට තුල සිවිල් අරගලයක් හෝ යුධ තත්වයකින් පසු, අගතියට පත්වන පාර්ශ්වයන් හට යුක්තියක් සාධාරණයක් ඉටුකිරීමට හා එම පවුල් මානසිකව සුවපත් කිරිම අරමුණුකොට ගෙනය. තවද, හේතුභුත වු සමාජ, ආර්තික,සංස්කෘතික හා දේශපාලනික කරුණු සැලකිල්ලට ගෙන නැවත සමාජය තුල එවනි තත්වයක් ඇති නොවීමට වගබලා ගැනීමය. සංහිඳියාව යන වචනය ලංකාව තුල කතිකාවකට හා භාවිතයට පැමිණෙන්නේ එල්ටීටී සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමත් සමගය.
නමුදූ, එකල 1971 දීත්, 88-89 දීත්, දෙපාර්ශයේම විනාශවුනු නිරායුධ සිවිල් වැසියන් ගේ ජීවිත පිලිබඳව සංහිඳියාවක් ගොඩ නැගීම සඳහා කිසිදු රජයක් ඉදිරිපත් නොවූවා මෙන්ම, විනසාවුනු ජීවිතවලට උරුමකම් කියන ජීවත්ව සිටින අසරණ පවුල් සඳහා වන්දියක් නොව, අඩුම තරමින් මරණ සහතිකයක් නිකුත් කිරීමට පවා අසමත් විය.
පැහැරගත් තමන් ගේ දරුවාට, සැමියාට හෝ පියාට සිදූවූ යේ කුමක් ද යනුවෙන් විමසා බැලීමට මව්වරුන්, දරුවන්, වැන්ඳඹුවන් තමන් දන්නා කියන සෑම හමුදා කඳවුරක්, පොලිසියක් ගානේ වසර ගනනක් ගියමුත් ඔවුන්ට තොරතුරක් දැනගන්නට ලබුනේ නැත. එම තත්වයන් තුල ඔවුන් යුක්තිය ඉල්ලා නොගිය දේවාලයක්, නොගිය කෝවිලක් නොමැති තරම් ය. අවසානයේ වේදනාව ඉවසිය නොහැකි තැන සමාජ ව්‍යවහාරයේ පවසන පරිදි ඔවුන් සමහරක් “පපුව පැලී” මියැදුන අවස්ථා එකල අපට අසන්නට ලැබින.
එමෙන්ම, අධිරාජ්‍යවාදයට එරෙහිව නැගුනු ලංකාවේ තරුණ කැරලි දෙකහි දේශපලයනය හා එහි භාවිතාව පිලිබඳ සෘජුව කතාකිරීමට මේ වන විට කිසිම සිනමා කරු වෙකු ඉදිරිපත් නොවිම හෝ අසමත්වීම ඉතාමත් ම කනගාටුවට කරුණකි. එය මෙරටෙහි බිහිවුනු දේශපාලන ව්‍යාපාරයකට වඩා, උප සංස්කෘතියකි.
සිනමා පටය ආරම්භයෙදී සමාජයෙන් තරමක් හුදෙකලා වු නැගෙනහිර දුෂ්කර මායිම් ගම්මානයමක නිවසක් තුල මන්දාවරන රූපරාමූවකින් (underexposed frame) පෙන්වන කුසුමා තේ කෝප්පයක් පිලියෙල කරන රූපරාමුව හා පසුබිමින් හිමිදිරියේ පිරිත් ඇසෙන හඬ සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදය, අවිහිංසාව හා හිංසාව අතර සමාජ – සංස්කෘතික ප්‍රතිචාර දැක්වීම් වල පැතිකඩක් ප්රශ්නාර්තයකට බඳුන් කිරීමට හා ප්‍රේක්ෂකයා ග්රහනය කර ගැනීමට ප්‍රථම රූපරාමුවෙන්ම සමත් වෙයි.
සිය සැමියාගේ පාංසිකූලය ට වඩින භික්ෂුවම, ටික කලකින් පසු කුසුමා “නරක ගැහැනියක්” ලෙස හඳුන්වමින් කිසිවක් නොදන්නා ඇයගේ ලමයින් පාසලින් නෙරපන ලෙස විදුහල්පති හට උපදෙස් දීම වර්තමානයේ සමහරක් බෞද්ධ යැයි කියාගන්නා අන්තවාදී චීවරධාරීන් ගේ මානසිකත්වය හා හැසිරීම පිලිබිඹු කරයි. එමෙන්ම රාත්‍රියේ දී කුසුමා ගේ නිවසට ගල්මුල් ප්‍රරහාර එල්ලකිරීම සමහරක් ග්රාරාමීය සිංහල බෞද්ධ යැයි කියාගන්නා “ගෝත්රවාදී න්” ගේ මානසිකත්වය, ප්‍රතිචාර දැක්වීම් හා ක්‍රියාකලාපය පිලිබිඹු කරයි.
නමුත් කුසුමා, තමන් ගේ දරුවන් අට දෙනෙනා හා නැන්දනිය ජීවත් කරවීම සඳහා ගැහැනුන් නොකරන රැකියා පවා කරන්නීය. අන්තිමේදී ඇය අකමැත්තෙන් තෝරා ගන්නේ ලොව ඉපැරනිම රැකියාව වන අතර, ඇය තම සැමියා පාවාදුන් බිල්ලා ද හඹා යන රැඩිකල් චරිතයකි, නැතහොත් “බැන්ඩිට් ක්වීන්” කෙනෙකි. ලොකු දුව “වාසනා” (සමනලී ෆොන්සේකා) නිවසෙහි නංගිලා මල්ලිලා බලා ගනියි.
පසුගිය වසරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර නොවැම්බර් 2 වෙනි දින නිමාවුණු ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේදි (Asian World Film Festival) හොඳම නිළියට හිමි සම්මානය දැවෙන විහඟුන් (Burning Birds) චිත්‍රපටයේ කුසුම්ගේ චරිතය වෙනුවෙන් අනෝමා ජනාදරි දිනාගත්තාය. දැවෙන විහඟුන් සම්මාන දිනා ගත්තේ ආසියානු කලාපයෙන් හොඳම විදේශීය ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් චිත්‍රපට සඳහා තරඟවදින චිත්‍රපට 16ක් අතුරිනි.
මෙහි කේන් ද්‍රිය චරිතය වන “කුසුමා” (ආනෝමා ජනාදරී) අසීරු රංගනයක නිරත වන අතර, මුලු සිනමා පටය පුරාම ඇය සිය භාවප්‍රකාශනය අඛන්ඩව පවත්වාගෙන යාමට සමත් වෙයි. එමෙන්ම ලෝකයේ ඉපැරනිම රැකියාව කරන “නිර්ධනපංති කාන්තාවක්” වන කුසුමා හට, කොළඹදී මුහුනපාන්නට සිදුවන සමාජ විශමතා සිනමාපටයේ මැනැවින් විදහා දක්වයි.
එමෙන්ම, නැගෙනහිර පලාතේ කරගෙන යන ගවමස් වෙලඳාම හා ඒ තුල බැඳීඇති හිංසණය පදනම් කරගත් සමාජ ක්‍රියාකාරකම් වර්තමාණයටද වලංගුවෙයි. මස්කඩ මුදලාලිගේ චරිතයට පණපොවනා මහේන්ඳ්‍ර පෙරේරා එම චරිතයට මැනැවින් සධාරණයක් ඉටුකරයි
සමාජයෙන් එල්ලවන නින්දා අපහාස හමුවේ, සිය අතුරුදන් වූ සැමියාගේ මව හෙවත් නැන්දනිය (ලියෝනි කොතලාවල) අවසානයේ තෝරාගන්නා විකල්පය, සිනමාපටයේ මැදභාගයේ දී කථාව තීව්ර අවස්ථාවක් වෙත රැගෙනයාමට සමත්වේ.
මුලු සිනමාපටය පුරාම කථාව කුසුමා ගේ භූමිකාව වටා ලඝුවී ඇතත්, අවසානයේ එය චූදිතයා වන ගමේ පාසලේ විදුහල්පති (තිස්ස බණ්ඩාරනායක) වෙත මාරුවන ආකාරය, සැබැවින්ම අවසානයේ දී සිනමා පටයේ සාර්ථකත්වය විදහා දක්වයි.
එමෙන්ම කාලිංග දේශප්ප්‍රිය ගේ කැමරා කරනය, සිනමා පටය පුරාවට දිවෙන, මන්දාවරණ (underexposed) හා පලල් කෝණ (wide angel) රූප රාමු ප්‍රෙක්ශකයා ගැඹුරැ සිනමාරූපී (Cinematic) කියවීමකට රැගෙන යන අතර, පියතිස්ස අකුරම්බොඩ ගේ කලා අධ්‍යක්ෂණය ද මනැවින් ඒ සඳහා දායක වෙයි.
සෙසු චරිත, චාන්දනී සෙනවිරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායකඇතුළු පිරිස රංගනයෙන් දායක වෙයි. “දැවෙන විහඟුන්” චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටය වන අතර මෙය කටාර්, ප්‍රංශ සහ නේදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි. මේ වන විට මෙම සිනමා පටය විදේශීය සිනමා උලෙළවල් 18 ක් නියෝජනය කර ඇත
ලීල් පතිරණ