ප්රජාතන්ත්රවාදී ආණ්ඩු යහපාලන රාජ්‍ය පාලකයන් මේ වෙනකොට මර්දනය කරන්න පටන් අරන් තියෙන්නේ මේ රටේ කලාව සෞන්දර්යය.
දේශපාලකයන්ට ඕනෙ දේවල් කරන්නයි, කතාකරන්නයි, තක්කඩිකම් කරන්නයි, හොරකම් කරන්නයි, ව්‍යවස්ථා වෙනස් කරමින් බලය රැකගන්නයි නොකරන මගුලක් නැහැ. එහෙම කරද්දී සංස්කෘතිය සදාචාරය අරවා මේවා කියලා නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා.
අසංක සායක්කාරගෙ මම කෙළින් මිනිහෙක් සහ මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය වගේම තව ටික කාලෙකින් පොත් ලියන අයටත් මේ වාරණය බලපැවැත්වෙන්න පුළුවන්.
රැඟුම් පාලක මණ්ඩලය පසුගිය කාල වකවානුවේ නිර්මාණවලට මේ විදිහට තහංචි දැම්මෙ නැහැ. නමුත් දැන් තත්ත්වය වෙනස් වෙමින් යනවා.
තත්කාලීන නිර්මාණ සඳහා මේ ආකාරයේ තහංචි පැනවීම තුළ ගම්‍ය වෙන්නේ නව සමාජ ක්‍රියාවලිය තුළ සිදුවෙමින් පවතින කාරණාවලට පාලකයන් බියක් දක්වන බවයි.
රටට දේශපාලන විහිළු සපයමින් ඉන්න බොහෝ දේශපාලකයින් මේ රටේ ජනතාව නොසන්සුන් කරමින් ඉන්නවා.
ප්රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම රටක වැදගත් කාර්යභාරයක්. උගත් දේශපාන ආණ්ඩුවක වගකීමක්. ප්රජාතන්ත්රවාදය ස්ථාපිත රටක මූලික කාරණාවක්.
අපි ප්රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටිමු. වාරණයට එරෙහි වෙමු.
රටට කෙළින් මිනිස්සු ඕනෙ වෙලාවක්.
මනෝහාරී