මහාචාර්ය සුචරිත ගම්ලතුන් හා සංගීතවේදී ජයන්ත අරවින්දයන්ගේ සුසංයෝගයෙන් වර්ණිත ගී විචාර කලාවේ නවමු පිටුවක් පෙරැළු අවස්ථාවක් වන ගුවන්විදුලියේ විකාශනය වූ "ගී මිණි ආර"වැඩසටහනේ දී ගුණදාස කපුගේ ශූරීන් ගයන" විදුලි මිණි පහන්" ගීතය මහැදුරු ගම්ලතුන් විසින් විචාරයට බඳුන් කළ අකාරයයි
: "විදුලි මිණි පහන්..."
මහාචාර්ය සුචරිත ගම්ලතුන් හා සංගීතවේදී ජයන්ත අරවින්දයන්ගේ සුසංයෝගයෙන් වර්ණිත ගී විචාර කලාවේ නවමු පිටුවක් පෙරැළු අවස්ථාවක් වන ගුවන්විදුලියේ විකාශනය වූ "ගී මිණි ආර"වැඩසටහනේ දී ගුණදාස කපුගේ ශූරීන් ගයන" විදුලි මිණි පහන්" ගීතය මහැදුරු ගම්ලතුන් විසින් විචාරයට බඳුන් කළේ මෙසේ ය....
ධනවාදී සමාජයේ සුවඳ බොජුන් සුව යහන් මධුපාන හා පෙම් කෙළි සියල්ල ධනපතියන්ට ය. ඔවුහු ඒ සියල්ලෙන් තෘප්ත වී ඉතිරිය විනාශ ද කරති. මේ ගීයේ පාදගත හා නාදගත කෙරෙන්නේ ඒ අත්දැකීමය.
"විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැළී
නිලංකාර අඳුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ...
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ...
සුනිල් ආරියරත්න තැනක ලියූ පරිදි ''සතුරු කැළ ද සඳළුතලේ හිඳිති මධු බිබී, ඔවුහු සාදයෙහි කා බී නටති, ඔවුන්ගේ මේ ආස්වාදයේ තේමාව 'ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා' යන්නයි" මේ දෘෂ්ටිය පහළ වන්නේ ඉතිහාසයේ විනාශයට නියම වූ පන්තියට ය. ඔවුන් තමනට හෙට කුමක්වේදෝ නො දන්නා හෙයිනි. මේ තත්ත්වය නිරාහාර යදියන්ගේ ප්‍රතිචාරය ද සමඟ විසංසන්දනය කොට ඇත.
"එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා
ඔබේ හඬ කිඳී සිඳී යයි කතා සරිත් සාගරේ...
පුරාගෙන පිරූ විතේ විසුළු කෙළි නැටුම් සිනා
යොමා ඇස බලන් යළි සොඳුරේ මැදුරු දොර දිහා..."
ඔවුහු කන්ට නො ඉල්ලති. කෑදර දෑසින් බලා සිටිති. ඔවුන් මේ මහා සාද ලෝකයෙහි කුරා කුහුඹුවන් විනා මනුෂ්‍ය සත්ත්වයෝ නො වෙති. ඔවුන් ඉඳුල් යදින්නේ ඇසිනි. මේ යෙදුමෙන් ඔවුන් ආහාර ලෝලයෙන් බලා සිටින සැටි මැනවින් ධ්වනිත නො වේද?
"දෙන්න කන්න බොන්න නොකියා දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා
ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා හිඳී
පළා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී"
මෙලෙස මේ ගීතයෙන් කවියා මේ සමකාලීන අත්දැකීම ඉතාමත් සංකේන්ද්‍රගත විලාසයකින් සංකල්ප රූපගත කරයි.
ධනවතුන් උඩු මහලේ කාබී සංතෘප්ත වී පෙම් කෙළි කෙලින සඳ දසදහස් ගණන් දුගියෝ පහත මිහිමත එදෙස බලා හිඳිති. මේ දක්නා ධනපතියන් තුළ හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා යන මනෝගතිය ඉපදීම විස්මයක්ද?
පද රචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය සහ ගායනය - විශාරද ගුණදාස කපුගේ
මහාචාර්ය සුචරිත ගම්ලතුන් හා සංගීතවේදී ජයන්ත අරවින්දයන්ගේ සුසංයෝගයෙන් වර්ණිත ගී විචාර කලාවේ නවමු පිටුවක් පෙරැළු අවස්ථාවක් වන ගුවන්විදුලියේ විකාශනය වූ "ගී මිණි ආර"වැඩසටහනේ දී ගුණදාස කපුගේ ශූරීන් ගයන" විදුලි මිණි පහන්" ගීතය මහැදුරු ගම්ලතුන් විසින් විචාරයට බඳුන් කළ අකාරයයි.
සැකසුම : SanNil