බව දුක 1964 දී තරම් අතීතයේ ප්‍රථම වරට මුද්‍රණය වූ නවකතාවකි. ඒ නවකතාව නැවත සමාජ ගත කිරීමේලා ප්රමුඛ කාර්ය්යක් ඉටු කරනු ලබන්නේ එම නවකතාව පදනම් කොට ගෙන ධර්මසිරි බන්ඩාරනායක විසින් 1997දී පමණ නිර්මාණය කල බව දුක සහ බව කර්ම චිත්‍රපට ද්විත්වයයි. කේ. ඒ.එස් පෙරේරා නම් ලේඛකයකු විසින් රචිත මෙම් කෘතිය 1964 වර්ශයේ රාජ්‍ය සම්මානයෙන් පවා සම්මානිත නවකකතාවකි.
වර්ශ 1900 ත් 1930 ත් අතර කාලය පාදක කොට ගෙන ලියවී ඇති මේ කෘතිය තුලින් එවක සමාජ දේශපාලන වටපිටාව පිළිබදව ගැඹුරු කියවීමක් සහිතව ගොඩනැංවීමට ඔහු සමත්වී ඇත.
කතාව ඇරබෙන්නේම එවක සමාජයේ නිල තල දැරූ මිනිසුන් අතින් සමාජයේ පීඩනයකට ලක්වී සිටි මිනිසුන් තම නිල බලය යොදාගනිමින් අනාථ භාවයට පත් කිරීමත් ඊට ගොදුරු වන්නවුන් එය තම කරුමය ලෙස තේරූම් ගැනීම දක්වා එම පීඩනයට ලක්වන්නන් යොමු වී සිටි කතාවකිනි.
පේදුරු සහ නෝනාහාමීගේ ජීවන කතාව මූලික කොට ගෙන නිර්මාණය වී ඇති කතාව තුලින් එවක සමාජ දේශපාලන වටපිටාවද ඉතා සියුම්ව නිරාවරණය කිරීමට කතුවරයා සමත් වී තිබේ.
බුදු දහම ලංකාව තුල විකාශනය වූ ආකාරය සහ ඒ තුලින් කුල පීඩනයකට ලක්ව සිටි ජනතාවකට යම් සහනයක් වෙනවා වෙනුවට ඔවුන් තව දුරටත් පීඩනයකට ලක්කරවනු ලැබූ ආකරය ඉතා සංයමයකින් යුතුව ඔහු විග්රහ කොට තිබේ.
නෝනහාමී ඉගෙනීමට දක්ශතා ඇති තම පුතු හට අවශ්‍ය කරන ජාතක පොත පන්සලෙන් ලබා ගැනීමට යාමේදී මුහුණ දීමට සිදු වන්නේ ඉගෙනීමට රුකුලක් සපයනු වෙනුවට තම දරුවා ඒ සදහා නොසුදුසු බව හගවනු ලබන ආකාරයේ දේවල් අසා ගැනීමට සිදු වීමය.
“ ඈ.... උපාසක අම්මේ ඉතින් කොලුවට උගන්වන්නේ ගුරුමහත්තැන් කමකට වත්ද ... ?
“නෑ.... ඉඩක් ලැබුනොත්... ඉතිං ...”
“ඉතින්... හැබෑටම උපාසකම්මේ....! ඔක්කොම ගුරු මහත්තුරු උණොත් කොහොමෙයි...”
මං නම් උපාසක අම්මේ, ඕක නෙවෙයි කරන්නේ... මේ ළමයගේ තාත්තා වගේ මේ ළමයගේ තාත්තා වගේ මේ ළමයත් හොද දක්ෂ හස්ත කර්මාන්ත කාරයෙක් කරනවා....”
(පිටුව 145)
මේ සිදූවීම නිසා කළකිරීමට පත් මේ ළමයා නිවසින් පිටත් වීම විකල්පය ලෙස තෝරා ගනී. පීඩීත දරුවා හට අත දෙනු වෙනුවට ආගමික සංස්ථාව තෝරා ගනු ලබන්නේ ඔවුන්ට පීඩීත බවෙහි ගොදුරු ලෙසම පැවතීමට ඉඩ සැලසීමය.
එමෙන්ම මෙම වකවානුව තුල ක්‍රියාත්මක වන මිශනාරීකරණය පවා තම ඉලක්කගත ප්‍රාජාව ලෙස තෝරා ගනු ලබන්නේ මේ කුල පීඩීත ප්රාජාවය.මන්ද ජීවීතය කියා කිසිවක් නොතිබුණු ඔවුන් තම උරුමය මතම ජීවත් වෙද්දී ඉන් යම් පමණකට හෝ සහනයක් ලබා දෙනු ලබන මේ මිශනාරීකරණය තමන්ට ලද භාග්‍යක් ලෙස මේ ජනතාව බාර ගැනිම එක් අතකට වරදක්ද නොවේ. ඔවුන්ගේ ජීවීතය මත හෙලා තිබූ මේ කුල බන්දනය කතුවරයා ඉතා සියුම් ලෙස පහත් දක්වා ඇත.
“යාබොරලන්ද විසූවකුගේ උපන් නැකත ගෙන කේන්ද්‍ර සෑදූ ජෝතීර් ශාස්ත්රඥයකු වී නම් ඔහු කළ යුතුව තිබුනේ, සැප සම්පතටත් අධ්‍යාපනයටත් අධිපති සුර ගුරු - කරුමය නැමැති රාශීයේ නීච ව සිටිද්දී ඔහු උපත ලැබුවේ යැයි කීම පමණකි.”
(පිටුව 189)
සමාජ දේශපාලනයට අමතරව මේ කෘතිය තුල මිනිස් සිතෙහි ඉතා සියුම් තැන් වෙත ගමන් කරමින් ඒවා තම කෘතිය වෙත ගෙන විත් ඇති ආකරය ඉතා අලංකාරය. ලිංගික කුහකත්වය අප සමාජය තුල ඉතා අතීතයේ සිටම පැවත ගෙන ඇති ආකරය නෝනා හාමී, පේදුරු මෙන්ම අප්පූහාමී චරිත හරහා ඔහු විසින් ගොඩ නගා ඇත.
සෙමනේරීස් අප්පු විසින් නෝනාහාමි ගේ දුව පිලිබද විමසීමේදී නෝනා හාමී තුල මතුව එන ලිංගික ඉරිසියාව මෙන්ම සෙමනේරීස් අප්පු බෙමෝනෝනා විවාහ කරගැනීමෙන් පසු ඔහු ක්‍රියා කරණ ආකරය ඒ සදහා අපට දක්වා තැබිය හැකිය. එය කොතරම් දරුණු ද යත් ඇය ලෝකයෙන් රැක ගැනීම පිණිස ඔහු යොදා ගනු ලබන්නේ ඇයට සමාජ රෝග බෝකීරීම නම් සැහැසි ක්‍රියාමාර්ගයකට යොමු වීමය.
“බෙමෝනෝනා සමජ රෝග වැළදී රෝගීව දෑත් දෙපා විසුරුවා ඇදක් මත වැතිරී වේදනාවෙන් කෙදිරි ගාන විට, හිස තබා ගෙන සිටි විසාල බරක් බිම තබා හැල්ලු වූවක් බදු සතුටක් ඔහුගේ හද නලියන්නට විය.” (පිටුව 280)
කසුන් ප්‍රනාන්දු