හුදා කාටින් Huda Kattan
ඇගේ දෙමවුපියෝ ඉරාකයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වුයේ 1980 වසරේදීය. එහෙයින් ඇය උපත ලැබුවේ ඔක්ලොහාමා ජනපදයේදී 1983 ඔක්තෝබර් 02 දිනය.
ළමා කාලයේ මම මටම වෛරකලා. මොකද අපිට එක්සත් ජනපදයෙ අනන්‍යතාවයක් තිබිබෙ නෑ අපේ අක්මුල් විහිදිලා තිබුනෙ ඉරාකයට. මම තරුණියක් වෙද්දිත් මට ඉලක්කයක් තිබුනෙ නෑ. මගේ දෙමවුපියන්ගෙ සිහිනය තිබුණෙ මම වෛද්‍යවරියක් එහෙත් නැත්නම් නීතිඥවරියක් වෙනවට. එත් මගේ සිහින තිබුනෙ රූපලාවන්‍ය එහෙමත් නැත්නම් කාන්තා සිරුරෙ සුන්දරත්වය ගැන. අපේ දෙමවුපියො ඒ වෙනකොට ඒ ගැන හිතලවත් නෑ. මම ඉස්සෙල්ලම මගේ සහෝදරී මෝනා එක්ක එකතු වෙලා ඉස්සෙල්ලම හැදුව තොල් සායම්. මුලදිම අපේ දෙමවුපියො මේ ගැන හිටියෙ හොදටම කලකිරිලා. එත් අපි ඒක ජනප්‍රිය කලා අන්තර්ජාලයේ වෙබ් අඩවියක් හරහා. ඒක හරි ඉක්මනට ජනප්‍රිය වුනා. ඊට පස්සෙ අපි පටන් ගත්තා HUDA BEAUTY කියන රූපලාවන්‍ය ආයතනය. මේ ඔක්කොම අපි ජනප්‍රිය කලේ අන්තර්ජාල වෙබ් අඩවිය හරහා.
පස්සෙ කාලෙක මම ඩුබායි ගිහින් පදිංචි වුනා. එහෙදි මම දැක්කා මැද පෙරදිග ගැහැණුන්ටම ආවේනික දිගටි ඇස් මම නැවත ආවා එක්සත් ජනපදයට. මම හැදුනෙ වැඩුනෙ ටෙනිසී කියන පුංචි නගරයේ මම පටන් ගත්තා අර මැද පෙරදිග ඇස් පිහාටු කෘතිම හදල මගේ ඇස්වල අලවගන්න.
ඒ වෙනකොට ටෙනිසී නගරයේ කවුරුවත් එහෙම කරනව තියා ඇස් ආලේපන ගල්වන්නනවත් පුරුදු වෙලා හිටියෙ නෑ. මම විතරයි ටෙනිසී නගරයේ එහෙම කරපු එකම කෙල්ල. මම පටන් ගත්ත කෘතිම ඇස් පිහාටු හදන්න 2013 මම ඒකෙනුත් එහාට ගිහිල්ල මගේ ඉරාක උරුමයත් යොදාගෙන මැද පෙරදිග ආභාෂය ලබමින් රූපලාවන්‍ය ලෝකයේ විශාල සමාගමක් පටන් ගත්ත. දැන් මට වයස 35 ක් පහත සටහන් ඒව තමයි මගේ ජයග්රහන.
හුද කාටින්ගේ HUDA BEAUTY සමාගමේ 2019 වටිනාකම එ.ජ.ඩොලර් බිලියනයකි--- Forbes Magazine
රූපලාවන්‍ය ලෝකයේ බලවත්ම 10 දෙනාගෙන් එක් අයෙක් හුදා කාටින්ය --Forbes Magazine
අන්තර්ජාලයේ වඩාත්ම බලපෑම් කළ හැකි 25 දෙනාගෙන් එක් අයෙකි හුදා කාටින් - Time Magazine
මේ වන විට Huda Beauty සමාගම 140 කට ද වඩා සුවද විලවුන් සහ තොල් ආලේපන නිෂ්පාදනය කරමින් වෙළද පොලට බෙදා හරිමින් සීටි ඔවුන් ඩුබායි, ඉන්දියාව හා මැලේසියාවේ ශාඛා පිහිටුවා ඇත සමාගමේ වාර්ෂික ආදායම ඇ.ඩොලර් මිලියන 200 ඉක්මවයි -- BBC
ඔබ දෛවය හඹා යාමට සුදානම් නම් මුලු ලෝකයම ඔබ වෙනුවෙන් පෙළ ගැහෙනු ඇත-පාවුලෝ කොයියෝ-
සටහන - උපාලි ජයසිංහ