සුසාර දිනාල් මගේ කව්බෝයි ටවුන් තිර පිටපත වංචනික ව මංකොල්ල කාපු හැටි මං කිලී මහරාජට මුණට ම කිව්වා.
තැන නිලේන්ද්‍ර දේශප්‍රියගේ ලොකු දුවගේ මගුල් ගෙදර. මහරාජට මාව හඳුන්වා දුන්නේ මීෂා ගුණවර්ධනගේ අයියා මංජු ගුණවර්ධන. එදාට පහුවදා ඉඳන් සිරස මට තහනම් කලාපයක් වුණා. සිරසේ සුසාරගේ බලය අඩු වෙලා වෙන කෙනෙක් සුසාරගේ පුටුවට ආපු අවස්ථා දෙක තුනකදී ඔවුන් මාව නැවත කැඳෙව්වා. හැබැයි කිලී මහරාජාගේ අවසරය ඇතිව. දෙදාස් පහළවේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී සිරසෙන් සන්නස්ගලට උදව් නැතැයි යන පණිවිඩය මා ඔවුන්ගෙන් උදව් ඉල්ලු සැණින් මට ලැබුණා. එසැණින් මම එස්. එම්. මරික්කාර්ට කතා කළා.
“ මම ලොක්කට කතා කරන්නම්. ඇපොයිමන්ට් එකක් දාලා දෙන්නම්. මං එයාට කියන්නම්. අපි දෙන්නම ගිහින් හම්බ වෙමු “
මරික්කාර් උදව් කරන්න ට කැමති වුණා. මරික්කාර් ලොක්කා කියලා කිව්වේ කිලී මහරාජට. මා මහරාජ ව හමු වුයේ නැහැ. සිරසෙන් මට ප්රදානය කරන ප්‍රචාරණමය උදව්ව භූමරංගයක් වී මා සිරසේ රූකඩයක් වෙතැයි මම බිය වුණා. කිලී මහරාජට උවමනා තමන්ගේ පුතාට මචං කියන්න පුළුවන් ජනාධිපති කෙනෙක් මේ රටේ නිර්මාණය කරන්න. ඒ සඳහා සිරස ගැත්තන් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, පළාත් ආණ්ඩුකාර පදවිවලට පත් කරන්න. ඇමතිකම්, ජාතික ලැයිස්තුවේ මන්ත්රීකම් රාජ්‍ය නායකයාගෙන් ඉල්ලන්න තරම් ඔවුන් නිර්ලජ්ජිතයි.
කිලී මහරාජාගේ ධනපති නොහික්මුණු මාධ්‍ය පාතාලය රනිල් ව දණ ගස්සන්න හැදුවේ මෙහෙම.
“ උදව් ඕනි නම් රනිල්ට මාව හම්බ වෙන්න එන්න කියන්න “
සිරසේ ලොක්කගේ චන්ඩි පණිවිඩය ඒක. උද්දච්ච රනිල් මහරාජාගේ දෙපා මුලට යන්නේ නෑ. සිරස රනිල්ට ගහන ඇත්ත ප්රශ්නය ඒක. කිලී මහරාජගේ තියා බුදු හාමුදුරුවන්ගේ පන්සලටවත් රනිල් එන්න කිව්වට ගියේ නෑ.පන්සල් නොගිය ඉතිහාසයක් තියෙන රනිල් ප්‍රදර්ශන පෙරහැරේ පන්සල් යනවා දැක්කම කිලී මහරාජා ලඟටත් හෙට දවසේ යයිද කියලා මට ෂුවර් එකක් නෑ.
අද සිරස ඉස්සරහට ගිහිල්ලා සංයමයෙන් විරෝධය දක්වපු විරෝධතා කරුවන්ට එරෙහි ව හාම්පුතාගේ පැත්තේ ඉඳන් බුරන හැම එකෙක් ම එක්කෝ කිලී මහරාජට බය එකෙක්. එහෙම නැත්නම් රස්සාවට පුක දෙන එකෙක්. මිනිස්සුන්ට පිහිටන ඍජු කශේරුකාවේ මුදුනේ සිරසක් නැති එකෙක්.
අද ප්‍රොටෙස්ට් එකේ අභ්‍යන්තර අවුල් තියෙන්න පුළුවන්. මටත් ඒ ගැන විවේචනයක් තියෙනවා. හැබැයි ඒ මිත්‍රවරු මාධ්‍ය මාෆියාවකින් තමන්ගේ ජිවිතයට එල්ල වෙන්න පුළුවන් අනතුර දැන දැන ම ඒ අරන් ගිය ශිෂ්ට පණිවිඩය මාර ඇත්ත එකක්. ලංකාවේ මේන්ස්ට්‍රීම් එකේ රේඩියෝ, පත්තර, ටෙලිවිෂන් අප්පිරියා තැනකට වැටිලා තියෙන වෙලාවේ අද ප්‍රොටෙස්ට් එකට ගිය කණ්ඩායම අපි වගේ හුදෙකලා මිනිස්සුත් අරගලයට කැඳවනවා. නිදාගෙන ඉන්න උනුත් කූද්දනවා.
අපේ මිත්‍රයා නිමල් ලක්ෂපතිආරච්චි කිසි ම දවසක ශාලිත අබේවික්රමගේ සිංදු චැනල් එකේ ගැහුවේ නෑ. ශාලිත තනියම අරගල කළා. එක කලාකාරයෙක් හිටියේ නෑ. විමල් වීරවංශ එක්ක පෞද්ගලික කෝන්තරයකට කුල, මල, ජාති, ගෝත්‍ර ඇදලා අසික්කිත විදියට මඩ ගැහුවා. සිරසේ ත්‍රිකෝණය පුකේ ගහගෙන දේශපාලකයෝ කට වහගෙන හිටියා. විමල් වීරවංශට කරපු වැඩේ උඹටත් කරනවා කියලා සුසාර මට තර්ජනය කළා.
ඉතිහාසයේ තනියෙන් අරගල කරලා මාධ්‍යයෙන් අසරණ වෙච්ච හැම එකෙක් ම සිරසෙන් එළියට වැටුණා. සිරසේ හිටපු නිර්මාණශීලි කොල්ලෝ කෙල්ලෝ ඇදලා එළියට වීසි කළා. මේ කිසිකෙනෙක් බාර ගන්න, අරගල කරන්න, වැටෙද්දී අල්ලගන්න සිවිල් සමාජයේ මිනිස් තොටිල්ලක් හැදිලා තිබුණේ නෑ. දැන් මිනිස් තොටිල්ල හැදිලා. ඔවුන් අනාගත අනතුරක් අබිමුවේ ශක්තිමත් ව ඉන්න ලේ මස් ඇට නහර සහිත කොල්ලෝ කෙල්ලන්ගෙ මිනිස් පවුරක්. මිනිස් බලය ශක්තිමත් කරන ඔවුන්ගේ හැම කේශනාලිකවකට ම අපි ආදරෙයි.
නම් ගම් එක්ක, සිද්ධිත් එක්ක සියලු මාධ්‍යය ඇසුරේ මගේ අත්දැකීම් හෙට ඉඳන් මුහුණු පොතේ දිනපතා එකින් එක ලියනවා. ශ්‍රී ලංකා කොදෙව්වේ සියලු මාධ්‍යයන් නිර්දය ව විවේචනය කරන්නට වඩාත් ම සුදුසු අවකාශය මේ මොහොතේ මම තෝරා ගන්නවා.
සටහන : උපුල් ශාන්ත සන්නස්ගල