හෙටෙයිරා කියන්නේ ක්‍රිස්තු පුර්ව 4 වැනි සියවසේ සිට ග්‍රීසියේ ජීවත් වු ගණිකාවන් විශේෂයක්.
වහල් සමාජ ක්‍රමයක් පැවති ඒ කාලේ ගණිකා වෘත්තිය කියන්නෙ ඉතා විශේෂිත හෝ සමාජයේ පහත් වෘත්තියක් කියල එතරම් තැකීමක් ග්‍රීක සමාජය තුල තිබුණ වෙන්න බෑ. මොකද කාම උත්සව කියන දේ ඉපැරණි ග්‍රීසියේ සම්ප්රදායක් වන තරමටම සංස්කෘතියට බද්ධවෙලයි තිබුණෙ. ග්‍රීසියේ මුදල් වලට ශරීරය විකුණන වෙනත් සාමාන්‍ය ගැහැනුන්ගෙන් හෙටෙයිරා වෙනස් සහ අතිශය රූමත් . එයාලා ඉපැරණි ග්රිසියේ එක්තරා ආකාරයක ඉහළ බහුමානයෙන් පුදන ලද පන්තියක්. සාමාන්‍ය මිනිහට ඇගේ සිරුර තුල ඉඩක් තිබුණෙම නෑ. ඔවුන් සැමවිටම ඇසුරු කළේ රාජතන්ත්‍රිකයන්, සිටුවරු , ප්‍රභුවරු සහ දාර්ශනිකයන්. එයාල ජීවත්වුනේ ගෙවල්වල නෙවෙයි මන්දිරවල. හෙටයිරාවන් තුළ අනුකම්පාව කියන එක බිදක්වත් නොතිබුනා කියල ඉතිහාසකාරයෝ කියනව.
ග්‍රීක ඉහළ සමාජය හෙටෙයිරාගේ මන්දිරයේ රාත්‍රී සාදයන්ට එකතුවෙන්නෙ ආඩම්බරය මුසු හැගීමෙන් .ග්‍රීසියේ ඒ කාලය වනවිට කාන්තා පක්ෂය අධ්‍යාපනය ලබන්නෙ නෑ. නමුත් මේ හෙටෙයිරාවන් ග්‍රීසිය තුල ඉහළම අධ්‍යාපනය , සංගීතය, නර්තනය, සහ අවට ලෝකය පිලිබද මනා දැනුමක් ඇති බුද්ධිමය පන්තියක්. ඔවුන් ගේ ජීවිතය යස ඉසුරු වලින් පිරි බොහෝ විනෝදකාමී එකක්. හැබැයි ඒක ඔවුන් ලබන්නේ සිය ජීවිත කාලය තුල වසර කිහිපයයි. මොකද කොතරම් දැනුම තිබුණත් පිරිමි පාර්ශවය ඇගේ ඇසුර ලබන්නෙ නෑ ඇය රූමත් නැත්නම්, තරුණ නැත්නම්. ඒක නිසා හෙටයිරල පුලුවන් තරම් සල්ලි හොයනව ඉතිරි ජීවිත කාලය ගතකරන්න. නමුත් බොහෝ අයට අර සෙල්ලක්කාර ජීවිතය නිසා සල්ලි ඉතිරි කරගන්න බැරිවෙනව. ඔවුන් පත්වෙනව නව හෙටයිරාගේ මන්දිරයේ වැඩකාර ගෑනු විදිහට. මේ හෙටයිරා කියන කාන්තාවන් විශේෂය ඔවුන්ගේ දැනුම සහ අදහස් තුලින් ග්‍රීසියේ ඉහළ සමාජ ස්ථරයන්ට මොන තරම් බලපෑමක් කරල තියෙනවද කියනවනම් ලෝකය වෙනස් කරපු ඓතිහාසික දාර්ශනිකයන් වු සොක්රටීස් , පෙරියස් සහ ප්ලේටෝ ගේ චින්තනයන්ට පවා ඉමහත් බලපෑමක් කල බව ප්ල්ටෝ විසින් 489- දී රචිත Menexenus (dialogue) කෘතියේ සදහන් වෙනව.
ඔවුන් කොච්චර මුදල් උපයනවද කියනවනම් ග්‍රීසිය ඔවුන් මත වෙනම බද්දක් පැනවුවා. ග්‍රික පාලනය මේ බදු මුදල් වලින් රජයට ලැබෙන ආදායම නිසා ක්‍රිස්තු වර්ශ 600 දි ග්‍රික අධිරාජයා සෙලාන් රාජ්‍ය පාලනය සහ ආරක්ෂාව ඇතිව හෙටෙයිරාවන්ට විශේෂිත ගණිකා මඩම් හදල දුන්න.
හවස් වෙද්දි බොහෝ රාජතාන්ත්රිකයෝ, දාර්ශනිකයෝ සමහර කවියො ලේඛකයො හෙටෙයිරාගේ සුවපහසු මන්දිරයට සෙන්දු වෙන්නෙ ඇගෙන් ලිංගික පහස ගන්නම නෙවෙයි. ඒ සමාගම සංගීතය නර්තනය සුරාව දර්ශනය සහ දේශපාලනය එකතුකල මනරම් තැනක් නිසා. ඒ වගේම ඒ කාලේ ග්‍රීසියේ සමලිංගික හැසිරීම කියන දේ මහ දෙයක් නෙවි. හෙටෙයිරාගේ ගෙදර සමලිංගික හැසිරීමට කැමති පිරිමින්ට ඕන කරන පිරිමිත් හිටිය. මේ හෙටෙයිරා ඉහලම පෙලේ ව්‍යාපාරිකයන් එක්ක ආහාර ගන්නව. සමහර විට සාප්පු සවාරි යනව. ඔවුනගේ ව්‍යාපාරික කටයුතු වලට උපදෙස් දෙනව. ඒ වගේම රටේ දේශපාලන ජීවිත වලටත් ඇගිලි ගහනව. ග්‍රීසියේ සාමාන්‍ය ගැහැනියකට වඩා පූර්ණ හිතුවක්කාරී නිදහස් හා ස්වාධින ජීවිතයක් ඇය ගතකලා.
හෙටෙයිරාවන් අතර ඉමහත් කීර්තියක් උසුලන්නෙ ක්‍රිස්තු පුර්ව 460 දි ජීවත්වුනා යැයි සළකන අස්පාසියා Aspasia. අස්පාසියා ග්‍රික ගැහැණියක් නෙවි. ඇය විදේශ රටක සිට පැමිණි කෙනෙක්. එයාට අවසරයක් තිබුණෙ නැහැ ග්‍රීසියෙ පුද්ගලයෙක් හා විවාහ වෙන්න. ඒක තමයි ඒ කාලෙ ග්‍රීක නීතිය. ඇය දර්ශනය ගැන පොත් ලිව්වයි කියනව ඉතිහාසකාරයො. සොක්රටීස් තමයි එයාගෙ හොදම යාලුවා. සොක්රටීස් සහ ඇස්පාසියාගේ වාද විවාද වලින් සොක්රටීස් ගේ චින්තනය බොහෝ වෙනස්වු බව පැවසෙනව. ක්‍රිස්තු පුර්ව 429 දි මිය ගිය ග්‍රීසිය ස්වර්ණමය යුගයකට ගෙන ආපු පෙරික්ලීස් Pericles තමයි අස්පාසියාගේ පෙම්වතා. මේ පෙරික්ලීස් කොච්චර දේවල් ග්‍රීසිය වෙනුවෙන් කරල තියෙනවද කියනවම් ග්‍රීක ඉතිහාසය ක්‍රිස්තු පුර්ව 461 සිට 429 දක්වා සටහන් කරන්නේ "Age of Pericles" කියලයි . ඔන්න ඔය විදිහට තමයි ග්‍රීසිය පුරාණයේ ගණිකාවන්ට සැළකුවෙ. මේ සිතුවම ඇස්පාසියාගේ කියල සලකන සිතුවමක් මේ සිතුවම කළේ Marie-Geneviève Bouliard 1794 දි ඇය මේක නම් කලේ ‘‘ Her Aspasia” කියලයි.
උපාලි ජයසිංහ