‘‘ලිංගිකත්වය වර්ණාවලියකි. ඔබ එහි එක තැනක. මම තව තැනක. තවෙකෙක් තවත් තැනෙක” -අරුන්දතී රෝයි-
ප්‍රේමය, ආලය, රාගය හෝ කාමුකත්වය යනු ලිංගිකත්වයේ ස්වාභාවය අනුව යමෙකුගේ මනසේ ඒ ඒ අවස්ථාවට අනුව ඇතිවන සිතිවිල්ලක්. තවත් අතෙකට පෘතුවියේ ඡිවත්වන සත්ව සංහතියට සිය වර්ගයා බෝකර ගැනීම උදෙසා සිරුර විසින් උත්පාදනය කරනු ලබන ශාරිරික අවශ්‍යතාවයක්. මේ අවශ්‍යතාවය පෝෂනය කරනු ලබන්නේ යමෙකුගේ උපතේ සිට ඔහු ලිංගික ක්‍රියාවක් සදහා සුදුසු යැයි ශරීරය තීරණය කරන දවස දක්වා වු කාලය තුල පරිසර සාධක විසින් ඔහුගේ මනසේ තැන්පත්කල සිතිවිලි. වැඩිහිටියකු වීමේ ප්‍රථම ලකුණ තමයි වර්ගයා බෝකිරීමට තමාට හැකියි ශරීරය කියා සිටින දවස. එකිනෙකාට විරුද්ධ ලිංගිකයන් විසින් තමන් උපන් දවසේ සිට අහපු දැකපු සහ තමන් නොදැක්කාවු ලිංගික ශරිරයක් දැකීමේ කුතුහලය විසින් මේ ලිංගික සිතිවිලි අවුස්සා පෝෂනය කරන අතර ලිංගික හැසීරිමක මුලික සිද්ධාන්තය වර්ගයා බෝකිරීම වුවත් ඔහු හෝ ඇය ඇසුරුකල සමාඡමය, පරිසරමය හා කායික සාධකද අනෙක් අතට අවස්ථාව විසින් සූදානමි කරනු ලැබූ මනස විසින්ද තමා ලිංගික ක්‍රියාවට තෝරා ගත යුතු පාර්ශවය තීරනය කරනු ලබනවා. එය විටෙක විරුද්ධ ලිංගිකයෙක් තවත් විටෙක සමාන ලිංගිකයෙක් හෝ සතෙක් වෙන්නත් පුලුවන්.
යමෙකුගේ ලිංගික ක්‍රියාවලියක් සදහා පරිබාහිර සිරුරක්ම අවශ්‍ය නෑ. ලිංගිකත්වය විසින් උද්දීපනය කල සිතිවිලි පමණක් ප්‍රමාණවත්. කෙනෙකුගේ ස්වයං වින්දනයක අපට මෙය දැකිය හැකියි. එහිදී ඔහුට හෝ ඇයට තම ලිංගික සහකරැවා හෝ සහකාරියකගේ දැකීමක් ස්පර්ශයක් අවශ්‍ය නෑ. ඔහු හෝ ඇය තම සිතින් මවාගත් තමා කැමති මිනිසා හෝ ගැහැණිය සමග එකතුවී තෘප්තිමත් වෙනවා. එහෙම සිතිවිල්ලක් නැත්නමි එතැන ස්වයං වින්දන ක්‍රියාවලියක් නෑ.
අපි රාත්‍රි සිහින තුල පවා ලිංගිකව තෘප්තිමත් වෙනවා. ඒ අපේ මනසේ තැන්පත් වී තිබූ අපි කැමති අපි එක්වීමට ආශාකල තැනිත්තිය හෝ තැනත්තා සමග. නමුත් එය සිදුවන්නේ කිසිදු ඡිවමාන සිරුරක්, අවම වශයෙන් දැකීමක් හෝ ස්පර්ශයකින් තොරව යථාර්තයෙන් පවා බොහෝ ඈත්ව. සිහින තුල ලිංගිකව එක්වීමේදි අපි ඇසූ, අපි දැකි පුද්ගලයන් සමග පමණයි මේ එකතුව. අපි අසා නැති නොදුටු පුද්ගලයන්ගෙ රූප අපේ මනසේ තැන්පත් නොවෙන නිසා අපි සිහිනෙන් පවා එක්වෙන්නෙ දන්නා හදුනන අය එක්ක.ගොඩක් වෙලාවට මිනිසා කියන ප්රපංචය ලිංගික හැගීමි උද්දීපනය කර ගන්නෙ දැකීමෙන්. සමහර සත්තු ඉන්නව දැකීමෙන් ලිංගික හැගීමි උද්දීපනය වෙන්නෙ නෑ. තමන්ගෙ සහකාරිය නිකුත් කරන ලිංගික හෝමෝනයකින් තමයි එයාලගෙ ලිංගික හැගීමි උද්දීපනය වෙන්නෙ. සමහර විට සහකාරිය ඒ හෝමෝන නිකුත් කරන්නෙ අවුරුද්දකට දෙපාරක් වෙන්න පුලුවන්. එවිට පිරිමි සහකරැවා ලිංගිකව හැසිරෙන්නෙ අවුරුද්දකට දෙපාරක් විතරයි. සමහර විට සිය සහකාරිය කුමක් හෝ ආබාධ තත්වයක් යටතේ ඒ හෝමනය පිට කලේ නැත්නමි පිරිමි සහකරැවා ඇය සමග ලිංගිකව එක් නොවී සිටිවී මිය යන තෙක්ම. මේ සියල්ලම මට කියන්න ඕන වුනේ ලිංගිකත්වය කියන්නෙ මිනිස් මනසේ උපදින හැගීමක් විතරයි කියල. බොහෝ වෙලාවට අපිට මේක දකින්න පුලුවන් අංශබාගය ඒ කියන්නෙ මනස බාගෙට මැරිචිච මිනිසුන්ගෙන්, එය වැළදී ඇතිතේ පිරිමියෙකුට නමි ඔහු ඉදිරියේ නිරුවතින් ගැහැණියක් හිටියත් ඔහු ඔහේ බලාන ඉදිවී කිසිදු හැගීමක් නොමැතිවම පොත් කියවන කෙනෙක්නමි බ්‍රසීල ලේඛක පාවුලෝ කොයියෝගේ ‘‘ වෙරෝණිකා මැරෙන්න තීරණය කරයි ‘‘ කියන පොතේ ඔබ කියවල ඇති යමි අවස්ථාවක වෙරෝණිකා කැමති කොල්ලා ඒ කියන්නේ උදුවා ඉදිරිපිට ඇය ස්වයං වින්දනයේ යෙදෙනවා කොල්ලව කැමති කරගන්න. නමුත් කොල්ලා ඒ දිහා ඔහේ බලන් ඉන්නව කිසිම හැගීමක් නොමැතිව. ඒ එයාගේ මනසේ ඒ අවස්ථාවෙ කිසිම ලිංගිකත්වය උද්දීපනය වෙන සිතිවිල්ලක් නෑ.
මම මෙච්චර මේ දේවල් ලිවිවේ මම දැන් දවස් දෙක තුනකට කලින් බලපු විශිෂ්ට චිත්‍රපටියක් නිසා ඒකෙ නම 'Blue Is the Warmest Color'
මට සම ලිංගිකත්වය කියන එකේ මුලික අදහස එහි ගැඹුර සහ විචිත්ත්රත්වය කිසිම පොතකින් , ලිපියකින් හෝ දේශනයකින් තේරුම් ගන්න බැරිවයි හිටියේ.. මම ඒ චිත්‍රපටියට මොන තරමි වශී වුනාද කියනවනමි දවස් දෙක තුනක් ගිහිල්ලත් ඒකෙ “ඇඩෙල්” කියන කෙල්ලව මතක් වෙන සැරේට මම අඩනවා. ඇඩෙල් කියන ප්‍රධාන චරිතය රගපෑ ඒ ප්‍රංශ නිළියගෙ (Adèle Exarchopoulos ) රංගනයට මට දෙන්න පුලුවන් ඉහළම උපහාරය තමයි මගේ කදුලු...
‘‘ ඔයාගෙ ඡාතියේ අය මෙහේ හරි දුර්ලභයි ‘‘
‘‘ මගේ ඡාතිය කිවිවෙ ? “
‘‘ නෑ නෑ මම ඡාතිය කිවිවෙ ඔයා අඩු වයසෙ කෙල්ලක් නිසා ‘‘
‘‘ කොහොමද ඔයා කියන්නෙ... මගේ වයස අඩුයි කියල ‘‘
‘‘ කුතුහලයෙන් පිරිචිච ගෑනු ළමයෙක් එකපාරටම සමලිංගියන්ගෙ ක්ලබි එකකට ඇවිල්ල බාර් එකෙන් අරක්කු ඉල්ලුව විදිහට ‘‘
‘‘ ආ .. ඒකද ‘‘
‘‘ මොකක්ද ඔයාගෙ නම ? ‘‘
‘‘ ඇඩෙල් ‘‘
‘‘ ලස්සන නමක් මම හිතන්නෙ ඒක අරාබි නමක්. මට මතක විදිහට ඒකෙ තේරැම නිදහස, සූර්යයා, බලාපොරෙත්තුව වගේ එකක් ‘‘
‘‘ නෑ ඒකෙ තේරැම යුක්තිය! "
"ඔයාගෙ නම මොකක්ද “
‘‘ එමා...! ඔයා හරි ලස්සනයි ඇඩෙල් ‘‘
‘‘ ඔයාට පිස්සු මගේ කොන්ඩෙ කොයි වෙලේත් තෙල් ගාල වගේ ඇලිල. මට නිතරම හොටු බේරෙනවා...
සටහන - උපාලි ජයසිංහ