ප්‍රේමයද, ජීවිතයේ ගැඹුරද, අධ්‍යාත්මික සතුටද මම වෙමි.....
මා ඔබේ සංකීර්ණයට අයිති නැත.
එහෙත් මම එහි වැඡඹෙමි
කැඩපතකි මම
දකින හැම දේම මා බවට පත්වෙන
මා පසුකර ගිය සියලු දේ
සෙනෙහසින් ස්පර්ශ කරමි
නිර්මල විය යුත්තේ කොතැනද
මම නිර්මල වෙමි
ගමන් කරන ඔටුවකුගේ මොල්ලියක් උඩ යන
කුරුල්ලෙක් මෙන්
මම සැහැල්ලුවෙනි.
මම යනු මමය
ප්‍රේමයද, ජීවිතයේ ගැඹුරද, අධ්‍යාත්මික සතුටද
මම වෙමි
------- රාම් --------
සී. ප්‍රේම් කුමාර්ගේ 96 චිත්‍රපටියෙන්
ජානු තමයි හැමදාමත් පන්තියේ මිහිරට ගී ගයපු සුදු ලස්සන කෙල්ල. ජානු පන්තිය ඉස්සරහට ඇවිල්ල ගීයක් ගයන්න හදන හැම වාරයකම රාම් කියන කලු කොල්ල තවත් යාලුවෙක්ගෙ මාර්ගයෙන් කියනව ඔහු කැමති යමුනා ගංතෙර ගීතය ජානුට ගයන්න කියල. ඒ රාම් කියන කලු කොල්ල ලැජ්ජකාරයෙක් නිසා. රාම්ට තිබුණෙ ගෑනු පපුවක් නිසා. ඒත් ජානු ඒ හැම වාරයකම කියනව රාම්ම ඒක ඇගෙන් ඉල්ලුවොත් ඇය ගයනව කියල. මොකද ජානුට තිබුණෙ සබකෝල නොවන හිතක් පිරිමි පපුවක්. එත් මේ දෙන්නම පෙම්වතුන් කියල මුලු පන්තියම දන්නව. එත් රාම්ට ඉස්කෝලෙන් අයින් වෙනතුරුම එහෙම ජානුගෙන් ඉල්ලන්න තරම් ධෛර්යයක් තිබුණෙම නෑ.
තවත් අවුරුදු 22 කට පස්සෙ එක රාත්‍රියක ජානු ඉන්නව තනිකඩ රාම්ගෙ නිවසෙ රාමි සමග නිදන කාමරයක් තුල. එතකොටත් ජානුට ඉන්නව තමන් ආදරය කරන සැමියෙක් සහ දුවක්. හදිසියේ විදුලිය විසංධිවීමකින් මුලු ගේම කලුවර වුනාම ජානු ගයනව අවුරුදු 22 කට ඉස්සෙල්ල රාම් මිතුරන්ගේ මාර්ගයෙන් ඉල්ලා සිටි ඒ ඇය නොගැයූ ගීය. මුලු නිවසම මිහිරි හඩකින් පිරී යද්දි ඇය ගයනව නොනවත්වාම.
සිහිල් සුළං හමනා යමුණා ගං තෙර
විමසිලිමත් දෑසින්
රාධා වැළපෙයි
ක්‍රිෂ්ණා නොමැත.
රාත්‍රිය කෙමෙන් ගෙවී යයි
තරුණ රාධා කාන්සියෙනි
ඇරඹුමම ශෝකයක් වුව
ආදරයක ඇත්තේ වේදනාබර සතුටකි.
ඒ රාත්‍රියෙන් පසු පාන්දර ජානු පිටවෙලා යනව රාම්ගෙ නිවසින් කිසිදු සිප ගැනීමකින් තොරව, කිසිදු ලිංගික හැසිරීමකින් තොරව. නමුත් දැවැන්ත හදවතක් තමන්ගෙ තුරුලෙ තියාගෙන. ඒකට කියන්නෙ අධ්‍යාත්මික ආදරයද කියල කියන්න අපි දන්නෙ නෑ. හැබැයි ඒක බොහොම වෙනස් අතිශය සුන්දර ඒ වගේම යම්කිසි මිනිහෙකුට හෝ ගෑණියෙකුට කරන්න හරිම අසීරුම වැඩක් කියල කියන්නනම් අපි දන්නව. ඒත් ඒ දෙන්න ඒක කළා !
උපාලි ජයසිංහ