ADELE BLOCH-BAUER {Women in Gold}
ඔබ මේ දකින්නේ ඔස්ට්‍රියාවේ ජීවත්වූ ඇඩලේ බිලොච් බවර් නැමති යුදෙව් කාන්තාවගේ ආලේඛ්‍යයක් . ඇඩලේ පවුල 1900 දි ඔස්ටියාවේ සීනි කර්මාන්තයේ අංක එක. මේ ධනවත්ම පවුල කලාවට අතිශය ලැදි පවුලක් . ඔවුන්ගේ පරපුර තමයි ඔස්ට්‍රියාවට අතිශය මිහිරි ගී තනු නිර්මාණය කළේ. ඇඩෙලේ නැමති මෙම යුදෙවු රූමතිය නේක වස්ත්‍රාභරණයන් සැරසුණු ඇගේ දේහය චිත්රනය කරගන්නව ඒ දවස්වල ඔස්ට්‍රියාවෙ හිටපු විශිෂ්ටම චිත්‍ර ශිල්පියා ගුස්ටාවි ක්ලිමිටි Gustav Klimt ලවා 1903 දි..
පස්සෙ කාලෙක ඇය තම අන්තිම කැමති පත්‍රයේ ලියනව මෙම සිතුවම ඇගේ මරණින් පසුව ඔස්ට්‍රියානු කලාගාරය සතුයි කියල. නමුත් ඉතිහාසය ගලා ගියේ හිතපු සාමකාමී නිදහස් පරිසරය තුල නෙවෙයි . 1941 ඔස්ට්‍රියාවට ඇතුල් වෙච්ච හිට්ලර්ගෙ හමුදාව සියලු යුදෙව්වන්ව ඝාතනය කර හෝ අත්අඩංගුවට ගනිමින් සිටිද්දි ඇඩෙල්ගේ පවුලත් ඔවුන්ට කොටුවෙනවා ආදායම් බදු ප්‍රශනයක් දඩමීමා කරගෙන. ඒ වනවිට ඇඩෙල් මියගොස් සිටියත් මෙම චිත්‍රය තවමත් ඇගේ නිවසේම තිබුනා. එම චිත්‍රය ඇතුලු වටිනා කෞතුක භාන්ඩ රාශියක් ද ජර්මානුන් තමන් භාරයට ගත් ඇඩෙලා පවුල එම නිවසේම ඔවුන්ගේ සිරකරුවන් බවට පත්වෙනවා. අප දකින මේ ආලේඛ්‍යයේ ඇඩෙල් පැළද සිටි දියමන්ති මාලය පසුව හිට්ලර්ගේ ඉහළ හමුදා නිලධාරියෙකුගේ බිරිදගේ ගෙලේ දකින්නට ලැබුණා. කෙසේ හෝ ඇඩෙල්ගේ ඥාති දියණියක් තම සැමියාද සමග මේ මරණිය ගෘහයේ හිට්ලර්ගේ හමුදා රැකවරනයෙන් පළා ගියා එක්සත් ජනපදයට. ඇඩෙල් පවුලට ඉතිරි එකම ලේ උරුමක්කාරයා වුයේ මේ පණබේරාගෙන එක්සත් ජනපදයට පළා ගිය මාරියා ඔටෝමාන් Maria Altmann,පමණයි.එවිට ඇයට වයස අවුරුදු 22 .
දවසක් මාරියා ඔටෝමාන් එක්සත් ජනපද රූපවාහිනියකින් දකිනවා ඔස්ට්‍රියාවේ ජාතික කලාගාරයේ සිතුවම්වල එකතුවක් විග්රහ කරන පුද්ගලයෙක්ව . එවිට ඇයට වයස 77 යි. ඒ පුද්ගලයා එක් සිතුවමක් දෙසට ඇගිල්ල දික්කරලා පෙන්නනවා මේ තමයි ඔස්ට්‍රියාවේ අභිමානය. මේකට අපි කියන්නේ ඔස්ට්‍රියාවේ මොනාලීසා කියල. බලන්න ඇගේ ඇස්. මේ ආලේඛ්‍ය සිතුවම් කළේ අපේ විශිෂ්ට ගුස්ටාවි ක්ලිමටි කියල එවිට මාරියා දකිනවා මේ ඇගේ ඔස්ට්‍රියානු නිවසේ තිබු තම නැන්දනිය ඇඩෙල්ගේ ජර්මානුන් පැහැර ගත් සිතුවම බව.එවිට ඇගේ දෑසට කදුලු එනවා තමන් සහ තම පවුලේ මිනිසුන් මරණය කරා දැක්කු රාජ්‍යයක් ඊට හිට්ලර්ට අනුබල දුන් රාජ්‍යයක් මනුෂ්‍යත්වය ඉවතදා තම පවුලට අයිති කලා උරුමයක් පමණක් ශ්‍රේෂ්ඨත්වයට පමුණුවන විට. ඇය එක්සත් ජනපද නීතිවේදියෙක් සමග යනවා වසර 50 කට පසු ඇය ඉපදුන හැදුනු වැඩුනු ඇගේ සියලු ඥාතියන් මරා දැමු ඒ අප්‍රසන්න ඔස්ට්‍රියාවට. නමුත් ඔස්ට්‍රියානු රජය ඇයට පවසනවා කලා කෘතියේ අයිතිය පිළිබඳ ඔස්ට්‍රියානු අධිකරණයේ නඩුවක් ගොනු කළ යුතුයි. එයට ඇප මුදල් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියනයක් තැන්පත් කළ යුතුයි කියල. මොකද ඇය අයිතිය ප්‍රකාශ කරන්නෙ ඔස්ට්‍රියාවේ අභිමානයට. ඇයට සිතුවම අවශ්‍ය වුනත් ඩොලර් මිලියනයක් කොහෙන් හොයන්නද ඇය නැවත හැරිල ඇවිත් එක්සත් ජනපදයෙ ශ්‍රේෂ්ඨාධිකරණයට තම ආයාචනය ඉදිරිපත් කරනව. මේක අපේ පවුලට අයිති වස්තුවක් . අපි හොද නැති ඔස්ට්‍රියාවට අපේ පවුලේ දේ හොද වෙන්නේ කෙසේද ? ඇගේ මුලික තර්කය එයයි. ඇමෙරිකා එක්සත් ජනපදය මේ සිතුවමේ අයිතිය පිළිබඳව ඔස්ට්‍රියානු රාජ්‍යයට එරෙහිව නඩු පවරනව. නඩුව විභාග කළේ ඔස්ට්‍රියානු නැතිවු කලා භාන්ඩ පිළිබඳ විශේෂ අධිකරණයක් මගින්. එහිදී ඔවුන් තීන්දු කරනවා මිය ගිය ඇඩිලේ මෙම කලා කෘතිය සිය අවසන් ඉල්ලීම මගින් ඔස්ට්‍රියානු කලාගාරයට දීමට තීරණය කළේ ඇය සහ ඇගේ පවුලේ ඒ මොහොතේ ඔස්ට්‍රියාවේ ජීවත් වු සමාජ පරිසරය තුළයි නමුත් ඒ සමාජ පරිසරය ඔවුන් වෙත උරුම වුයේ නෑ 1940 පසුව. ඔවුන් මරණය සදහා තෝරාගත් මිනිසුන් පමණක් වූවා. ඇඩෙලේ ජීවතුන් අතර සිටියා නම් සහතික ලෙසම සිය අවසන් කැමත්ත වෙනස් කරනු ඇති බවට ඔවුන් උපකල්පනය කළා. ඒ නිසා ප්‍රධාන විනිසුරු සිතුවමේ අයිතිය මාරියා ඔටෝමාන්ට පවරමින් මෙසේ ප්‍රකාශ කළා.
'' ඔබ මිනිසකු වන්නේ ඔබේ ගුණාත්මකභාවයේ තරම මතය. යම් කලා කෘතියක හෝ කාව්‍යයක ශ්‍රේෂ්ඨත්වය අගය කරන ඔබ මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨත්වය ද ඒ හා සමාන ලෙස අගය කළ යුතුය. කලා කෘතියක ශ්‍රේෂ්ඨත්වය රදා පවතින්නේ මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨත්වය මත විනා ඊට පහලින් නොවේ. "
2006 දි මෙම සිතුවමේ අයිතිය මාරියා ඔටෝමාන්ට පැවරූ පසු ඇය එම ආලේඛ්‍ය ලොස් ඇන්ජලීස් කෞතුගාරයට බාර දෙනව එම වර්ෂයේදීම. එම ආලේඛ්‍ය එක්සත් ජනපද ඩොලර් මිලියන 136 කට එක්සත් ජනපදයේ මෑන්හැටන් Neue කලාගාරය මිලට ගන්නව. දැන් ඔස්ට්‍රියාව සතුව තිබූ ආඩම්බරය ඇමෙරිකා එක්සත් ජනපදය සතුයි.
සටහන: උපාලි ජයසිංහ