මාර්තුවේ සිනමා තිරයට ප්රක්ෂේපණය වන දැකල පුරුදු කෙනෙක්
ඩී.ඇස්. සේනානායක මහත්තයා ගැන චිත්‍රපට සංස්කෘතිකමය වටිනාකම් හේතුකොට ගෙන අස්සයා පිටින් පැනලා ඇවිත් රිදී තිරේ ට ගියාට, ඒ අස්ස පැනිල්ල ට යටින් හිටපු චිත්‍රපටකාරයො කීප දෙනෙක්ම මේ 2019 අවුරුද්දෙ තමන්ගෙ නිර්මාණ කරළියට ගේන්න සූදානම්. මීට අවුරුදු ගණනාවකට පෙරාතුව පත්තරකන්තෝරුවට ඇවිත් චිත්‍රපටය ගැන කතා කරපු ඒ අධ්යක්ෂ වරයා සහ රචකයා ආයෙත් මතක් කිරීමක් කරන්නෙ ඒ වෙනුවෙන් . ෆිල්ම් එකක් කරලා ඒක එළියට දාන්න ඉඩක් ලැබුණාම ඩිරෙක්ටර් කෙනෙකුට තියෙන සතුට මොන වගේද කියන එක හිතාගන්න පුළුවන් නිසාම , ඒ සතුටට අපේ පැත්තෙන් වෙන් කරන්න පුළුවන් ඉඩ වෙන් කරන්නයි මේ සූදානම.
ලබන මාසෙ ,එහෙමත් නැත්නම් මාර්තුවෙ රිදී තිරයට එන මේ කතාව සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් ඇතුළෙ වර්තමානයේ කතාකරයි කියලා හිතන්න අමාරු පසුබිමක කතාවක්. ඒ තරම් පොඩි පරිසරයක් ඇතුළෙ ෆිල්ම් එකක් කරන එකම ගේමක් නිසා, චිත්‍රපටය ස්පොයිල් නොකර, තාක්ෂණික සහ මේ චිත්‍රපට සගයන්ගේ ආගිය තොරතුරු ගැන සඳහන් නො ක ර අපි කියන්නම් මේ ගැන කෙටි කතාවක්. මේ පොඩි ඉඩ ඔවුන්ට වෙන් වෙන්නෙ සුබ පැතුමකුත් සමගින්.
උණට ෆිල්ම් කරන්න ලංකාව කියන්නෙ ඒ තරම් හොඳ තැනක් නොවෙන නිසාම ඔවුන්ගේ උත්සාහය වටිනවා. චිත්‍රපටයේ නළු තෙමේ බිමල් ජයකොඩි. බිමල් දක්ෂ නළුවෙක් විත්තියත්, හැඟීම් පෙන්නන කැන්වසයක් වගේ මූණක් තියෙන නිසාත් මේ වගේ එක්ස්පෙරිමන්ටල් වැඩකට බිමල් ගැළපෙනම චරිතයක්. නිළි තෙමේ සමාධි ලක්සිරි. විශ්ව විද්‍යායාල, වේදිකා නාට්‍ය වැඩ භූමි ඇතුළේ ක්‍රියාකාරී නිළියක් වෙච්චි සමාධි තමන්ගේ වේදිකාවේ අත්දැ කීම් එක්ක චිත්‍රපටයට එන්නෙ තමන්ට ලැබෙන භූමිකාවට ගැළපෙ නම රූපය මෙයමදැයි හිතෙන විදියකින්. තිර පිටපත ලියන්නා සාහිත්‍ය සහ කලා වේදිකාවල දකින්න ලැබුණු බූපති නලින් වික්‍රමයි.
අධ්යක්ෂ වරයා මලිත් හෑගොඩ වන අතර කලාකාමී ඇසක් ඇති ලාල් හෑගොඩ පියාණන්ට දවසක මලිත්ගේ තාත්තා කියා හඳුන්වන්නට පුළුවන් තත්ත්වයක් ඇති කරන්නට මෙය මුල් පියවර වේවා යන්න පොදු ප්‍රාර්ථනයක්. ඔවුන් ටයිප් කර අතට ගෙනැවිත් දුන් කතා සාරාංශය මෙතැන ලියා තැබිය හැකි මුත්, කුටුම්භයක් ඇතුළේ සිදුවන විරසකයක් ඇදි ඇදී යන වෙනත් මානයක් ගැන කියැවෙන චිත්‍රපටයක් යැයි ලියා ඒ ගැන කතාබහ නවත්තනවා. මලිත් සහ භූපති සුසංයෝගය සාර්ථක වෙන ලකුණු මාධ්‍යයට වෙන් වුණු දර්ශනය නැරඹූ පසු දැනෙනවා.
කලා රසික ඔබ තවමත් මෙය නරඹා නොමැති නිසාම ස්පොයිල් නො කරනු රිසි ඇඟිලි එම අදහස් ටයිප් කරන්නෙ නෑ. නිදහසේ චිත්‍රපටයක් බලන්න ගිහින් තවත් පවුලක ප්‍රශ්නයක් බලන්නට වීම ඇතැමෙකුට ප්‍රශ්න කාරී විය හැකි යැයි හිතෙ නවානම්, ඔවුන්ට ඈන්ට් මෑන් හෝ බ්ලැක් පැන්තර් වැනි විකල්ප භාවිත කළ හැකියි. ඔබට,මට සිදු වූ හෝ සිදුවන්නට නියමිත, එසේත් නැතිනම් සිදු වේ යැයි බලා සිටියත් කිසිදා සිදු නොවෙ න යථාර්ථ වාදී අත්දැකීමක සිනමාත්මක බව අත්විඳින්නට රිසි නම් ඔබ මේ වෙනුවෙන් චිත්‍රපට ශාලාවකට යා යුතුයි. නැතිනම් ඔබේ කලා සිතට පින් පිණිස දානමය පුණ්යකර්ම යක් සේ සමාධිගේ ලොකු කළ රූපයෙන් හෙබි ඩීවීඩී තැටියක්රුපියල් හැටකට පදිකවේ දිකාවක් මතින් විසිවන තුරු බලා සිටින්නටත් හැකියි.
හැකිනම් "දැකල පුරුදු කෙනෙක්" ගිහින් නරඹන්න!
Text: The Rattle Snake
Go