Martin McDonaghගේ Three Billboards Outside Ebbing, Missouri
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසෝරි ප්‍රාන්තයේ Ebbing කියන නගරයේ ජීවත්වන Mildred Hayes කියන මව තමන්ගෙ ගෙට පල්ලෙහයින් තියෙන ප්‍රධාන මාවතට මුහුණලා තියෙන ප්රචාරක බෝඩි තුනක මෙන්න මෙහෙම ලියන්න කියල ප්රචාරක සමාගමකට ඩොලර් 5000 ක් දෙනව.
පළවෙනි පුවරුවේ - දූෂණය කර මරා දමන ලදී.
දෙවැනි පුවරුවේ - තවමත් අත්අඩංගුවට අරන් නැත.
තෙවැනි පුවරුවේ - කොහොමද එහෙම වෙන්නෙ විලෝග්බි පොලිස් ලොක්කෝ ?
ඒ තමයි මිල්ඩ්රෙඩි දැනට මාස 7 කට ඉස්සෙල්ල දූෂණය කරල මරල දාල තිබුණ තමන්ගෙ දුවට සාධාරණය ඉෂ්ට කළේ නැති Ebbing නගරයේ පොලිසිය සමච්චලයට ලක්කරපු හැටි. මුලු නගරයම මේකෙන් ඇවිස්සෙනව. පොලිසිය ඉන්නෙ යකා වැහිල. මොකද ප්‍රචාරණයේදී හේයස්ගෙ මේ වචනවලට එරෙහිව කිසිවක් කරන්න නීතියෙන් පොලිසියට ඉඩක් නෑ. මේක රටේ රූපවාහිනී නාලිකා වලට තලුමරන්න පුලුවන් ප්‍රවෘත්තියක් වෙනව. ඉතින් ඒ ගොල්ලො අර ප්රචාරක පුවරු ඉදිරිපිටම මිල්ඩ්රෙඩිට සමිමුඛ සාකාච්ඡාවක් දෙනව.
“ඇයි ඔබ මෙවැනි දෙයක් ප්රාචරක පුවරුවල ලියන්න හිතුවෙ ?”
“මගේ දුව ඇන්ජලා මීට මාස හතකට ඉස්සෙල්ල මේ පාරෙදි දූෂණය කරල පුච්චල මරල දැම්ම. පොලිසිය මේ අපරාධය විසදන එක පැත්තකින් තියල නගරෙ ඉන්න කලු ජාතිකයන්ට වධ දෙන්න පටන් අරන්. මම හිතුව මේ ප්‍රචාරන පුවරුවලින් එයාලට මේ අපරාධය මතක් කරන්න. මගේ දුවගෙ පිච්චුන සිරුර අඩි 6 ක් යට වළ දාල තියෙද්දි මුන් ක්‍රිස්පි ක්‍රීම් කකා ස්කේටින් කරන කලු ඡාතික පොඩි එවුන්ව අල්ල අල්ල ඉන්නව.”
දැන් නගරෙ තනි පැත්තකට බෙදිල. මොකද ප්‍රධාන පොලිස් නිලධාරියා හරි අවංකව සේවය කරන මිනිහෙක් ඒ එක්කම මිනිහට තියෙනව හොදකරන්න බැරි පිළිකාවක්. අන්තිමේදී පොලිස් ප්රධානියම එනව මිල්ග්රේඩිව හොයාගෙන ඇගේ ගෙදරට.
“අපි කතා කරමුද මිල්ග්රේඩි නෝනා ! ඒක කරපු එවුන් අල්ල ගන්න අපි ඕනෑම දෙයක් කරනවා නෝනා ! නමුත් අපි ඒ සම්බන්ධව අල්ලපු එක අපරාධකාරයෙක්ගෙවත් ජාන ඒ අපරාධය කරපු එකාගේ ජාන එක්ක ගැලපුනේ නෑ ‘‘
‘‘ එහෙනන් ඉන්ස්පෙක්ට තමුසෙලාට කරන්න තිබ්බේ මුලු නගරෙම එවුන්ගෙ ජාන පරීක්ෂණයක් කරන්න ‘‘
‘‘ අපරාධයට සම්බන්ධ එවුන් නගරෙන් පිටවෙලා නම් ? ‘‘
‘‘ එහෙනන් කරන්න තියෙන්නෙ මුලු රටේම මිනිස්සුන්ගෙ ජාන පරික්ෂා කරන වැඩපිලිවෙලකට යන්න. ‘‘
‘‘ මේ රටේ සිවිල් අයිතිවාසිකම් කියල දෙයක් තියෙනව මිල්ග්රේඩි නෝනා ඒ වගේම මේ ප්‍රචාරණ දැන්වීම් සාධාරණ නෑ ! මම හොද කරන්න බැරි පිළිකා ආසාධිතයෙක්. මගේ ජීවත්වීමේ කාලය තව මාසයයි. ඔබ දන්නවද ඒක ?
‘‘ ඔව් මම විතරක් නෙවෙයි ඒක මුලු නගරෙම දන්නවා ඉන්ස්පෙක්ටර් "
‘‘ අහා ! එහෙම මම මැරෙන්න ළගයි කියල දැනගෙනයි ඔබ මේ මිනිහට වධ දෙන්නේ ""
‘‘ ඔව් ඉන්ස්පෙක්ටර් තමුසෙ මළාට පස්සෙ ඔය ප්රචාරක බෝඩ් වලින් මට ඇති වැඩක් නෑ ‘‘
පොලිස් ලොක්ක තව එක වචනයක් කියන්නෙ නෑ නැගිටල යනව. එදාම රෑ හේයස් මිල්ග්රේඩිගෙ ගෙදරට එනව පලාතෙ ක්‍රිස්තියානි පුජකය.
'' සමාවෙන්න මිල්ග්රේඩි නෝනා . මම ආවේ අර ප්‍රචාරණ දැන්වීම් 3 ගැන කතා කරන්න ''
'' හා ! කරගෙන යමු ''
'' අපි හැම වෙලාවෙම ඔයා වෙනුවෙන් ඉන්නවා. ඒත් ඉන්ස්පෙක්ටර් මොනවගේ මිනිහෙක්ද කියල මුලු ටවුන් එකම දන්නවා. දැන් ඒ කේස් එකට මුලු නගරෙම ඔයාට විරුද්ධවයි ඉන්නෙ හේයස් මිල්ග්රේඩි ! ""
'' ෆාදර් ඡන්දයක් තිබ්බද "'
'' නෑ නෑ පල්ලියට ආපු දෙතුන්දෙනෙක් මට කිව්වා ! ''
'' මම ෆාදර්ට කියන්නද කතාවක්. 1980 හිටිය ලොස් ඇන්ජලිස්වල ක්‍රිස්පි ඇන්ඩි බිලඩි කියල අපරාධ කල්ලියක්. ලොස් ඇන්ජලීස් පොලිසිය නීතියක් දැම්ම උන් නගරෙ මොන අපරාධයක් කරත් නගරෙ වීදියක මිනිහෙක් මැරුනොත් ඒ විදියේ හිටපු මිනිස්සු ඒක දැක්ක නම් ඒ මිනිස්සු මොනව කර කර හිටියත් ඒ දැකපු අයත් ඒ අපරාධයට සැකකාරයෝ වෙනව කියල. මොකද ඒක කල්ලියක්. ඒ වගේ ෆාදර් ඔබලත් කල්ලියක් !.ඔයාලට වෙනම ඇඳුමක් තියෙනව. ඔයාල එකට රැස්වෙනව.ඔබ පඩිපෙල උඩට වෙලා පයිපයෙන් දුමක් දාගෙන බයිබලේ කියවනකොට ඔයාගෙ ගෝලය අල්තාරය පිටිපස්සෙ කොල්ලෙක්ගෙ කලිසම ගලවනවා ! දැන් ඔබත් මේ අපරාධයට චූදියෙක් මොකද ඔබලා කල්ලියක් ! තමුසෙ මොනවත් දැක්කෙ නැතිවුනත් , මෙනවත් නොකලත් මට ඒකෙන් වැඩක් නෑ තමුසෙ එකතුවෙලා ඉන්නෙ අපරාධකාරයෙක්ගෙ ගැන්සියකට ! ඇහුනද ෆාදර් ! නමුත් තමුසෙ ඒ සිද්ධිය හංගලා තියාගෙන මහ රෑ මගේ ගේ අස්සට ඇවිල්ල මට මං ගැනයි නගරේ බම්බුවේ මිනිස්සු ගැනයි මගේ දුව ගැනයි මගේ ප්රචාරක බෝඩ් ගැනයි කියවනව.'' මම දුන්න ඔය තේ එක බීල කෙලවගන්නෙ නැතිව මගේ රෙද්ද අස්සෙන් යනවද ! ''
---
අන්න එහෙම තමයි කතාවෙ පටන්ගැන්මම
උපාලි ජයසිංහ