ලෝක සිනමාවේ ඉරාන සලකුණ Asghar Farhadi
ලෝක සිනමාවට ඉරාන රාජ්‍යය සුවිශේෂී නිර්මාණකරුවන් දෙපලක් හදුන්වා දී තිබිණි. එක් මිනිසෙක් ඇස්ගර් ෆර්හාඩි ය. අනිත් මිනිසා මඡීඩි මඡීඩි ය.
Majid Majidi ගේ Children of Heaven 1998 ඔස්කාර් සම්මාන උළෙලේ හොදම විදේශීය චිත්‍රපටිය සදහා තෝරාගෙන තිබුණ ද එයට එකී සම්මානය ලැබුණේ නැත. එහෙත් එය වෙනත් ජාත්‍යන්තර සිනමා උළෙලවල් වල සම්මාන පිට සම්මාන ලැබීය.
මින් Asghar Farhadi සිය A Separation තුළින් ප්‍රථම ඔස්කාර් සම්මානය ද ඉන් අනතුරුව 2017 ඔස්කාර් සම්මාන උළෙලේ The Salesman තුලින් හොදම විදේශ චිත්‍රපටය සදහා වු සම්මානය ද දිනාගත්තේය. ඔහුගේ A Separation 2012 ඔස්කාර් සම්මාන උළෙලේ හොදම විදේශිය චිත්‍රපටිය කරමින් විනිශ්චය මණ්ඩලය සිය හේතු පාඨය ගෙනහැර දැක්වූයේ මෙලෙස ය.
“සංකීර්ණ මානව අත්දැකීම් විවරණයේ ලා දැක්වූ අතිශය සුමටභාවය” වෙනුවෙනි.
ඔස්කාර් සම්මාන ද්විත්යක් ලත් ෆර්හාඩි ඇත්තටම ලෝක සිනමාවේ දැවැන්තයෙකි. එබැවින් ඇස්ගර් ෆර්හාඩි නැමති මෙම මිනිසාව ජාත්‍යන්තර TIME සඟරාව 2012 වර්ෂයේදී ලෝකයක් වෙනස් කළ හැකි ලොව ප්‍රබලම මිනිසුන් සිය දෙනා අතරින් තැබීය.
උපාලි ජයසිංහ