පසුගිය වසරේ ජූලි 24 වැනි දා විමල් කැටිපෙආරච්චි "හමුවෙන්න තවම හැකි කොම්රේඩ්" කාව්‍ය සංග්‍රහය එළි දැක්වූ අතර, මෙම වසරේ ජූලි 24 වැනි දා විමල් කැටිපෙආරච්චි ගේ ෆේස්බුක් ගිණුම සම්පූර්ණයෙන් ම ඉවත්කර ඇත. ඔහු ෆේස්බුක් ගිණුමට පිවිසීමට උත්සාහ කිරීමේදී එනමින් ගිණුමක් නොමැති බවට පණිවුඩයක් ලැබෙන අතර ගිණුම රිකවර් කිරීම සඳහා අදාල පියවර ගත් විට නැවතත් මූලික අදියරට ම පැමිණෙන බව කියැවේ.
භාෂණයේ නිදහස සහ අදහස් දැක්වීමේ නිදහස වනාහී සෑම කාලයකටම අදාල අයිතිවාසිකමක් බවත් , එය රාජපක්ෂ රෙජීමය එළවා දැමීම සඳහා පමණක් භාවිතා කළ සටන් පාඨයක් නොවන බවත් වත්මන් පාලකයින්ට සිහිපත් කරනු කැමැත්තෙමු. මාධ්‍ය මර්දනය යනු තමාට පාලන බලය නොමැති කාලයේ දී රූපවාහිනී සේවකයින් කෑ මන්නා පහරම පමණක් නොවන බව ද සිහිපත් කළ යුතු ය.
විරුද්ධ මත මර්දනය කිරීමේ සහ ප්ලාස්ටර් ගැසීමේ ක්‍රමවේදය කිසිදු රජයකට සදාචාරසම්පන්න නොවන අතර මාධ්‍ය නිදහස සහ අදහස් දැක්වීමේ නිදහස පිළිබඳ පරසක්වල ගසා බලයට පත් යහපාලන රජය එය තම රජය ට දෙගුණයකින් අදාල කර ගත යුතු ය.
තරාස් ෂෙව්චෙන්කෝ නම් යුක්රේන කවියාට , චිත්‍ර ශිල්පියාට කවි සහ චිත්‍ර නිර්මාණය කිරීම සාර් රජවරු විසින් තහනම් කරනු ලැබුවේ ඔහුගේ නිර්මාණ වල දෘෂ්ඨිවාදය හුදු වහල් බවින් නිදහස් වීමේ අරමුණ කේන්ද්‍ර කොටගත් බැවිනි. ෂෙව්චෙන්කෝ වරක් මෙසේ ලීවේය.
"මගේ මිතුරනි ! මගේ අවංක හිතවතුනි ! මේ දුප්පත් , අපිරිසිදු පාගා දැමිමට ලක්වන ජනතාව වෙනුවෙන් ද , මේ බැණුමට ලක්වන කතා කිරීමේ අයිතිය නැති ගොවි ජනතාව වෙනුවෙන් ද ලියන්න , හඬ නගන්න !"
විමල් කැටිපෙආරච්චි තම "හමුවෙන්න තවම හැකි කොම්රේඩ්" කාව්‍ය සංග්‍රහයේ පිටු දෙකක් "ජූලි සමග සංවාදය" නමින් වෙන් කළේය. ඒ කව් පෙළ අවසානයේ මෙසේ ද ලීවේය.
විස්තර නොමැත ලස්සන කර කියන්නට
අවලස්සන පමණි තිබුණේ දකින්නට
දසතින් නැගුණි ගිනි, ජාතිය රකින්නට
මට සිදුවුණේ ඒ ගින්නෙන් දැවෙන්නට
මිත්‍රවරුනි ;
ෆ්රෙඩ්රික් ගුස්තව් එමිල් මාර්ටීන් නීමොලර් පියනම බටහිර ජර්මනියේ දී අවසන් සුසුම් හෙළා දසක තුනක් ඉක්මවා ගිය ද First they came පද්‍යාවලිය තවමත් සජීවි බව අප වටහාගත යුතු ය.
- සහන් කසීර වික්‍රමසිංහ -