ගීත රචනා ක්ෂේත්රයේ මෙන්ම රූපවාහිනී ගුවන් විදුලි නිවේදක භූමිකාවේ විශාල විප්ලවයක් කරන ලද ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය කර අදට හරියටම වසර 30 කි.
මේ කෙටි සටහන ලිවීමේ අරමුණ නම් ඔහුව ඝාතකයට ලක්වූ කාල පරාසයේ දී අප රටේ සිදුවූ විශේෂිත වූ තත්වයන් කිහිපයක් පිළිබදව ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වශයෙන් වර්තමානයට ප්රක්ෂේපනය කිරීමයි. ඒ තුළින් ඉතිහාසයේ මෙතෙක් ඔබ නොදුටු පැත්තක් ඥානනය කරගනු ඇතැයි හුදෙක් ම බලාපොරොත්තු වෙමි. ජාතික රූපවාහිනිය ආරම්භක අවධියේදි ම එහි රැකියාවක් ලබාගැනීමට මම වාසනාවන්ත වූවෙමි. මේ හේතුවෙන් ම නිල වශයෙන් සහ නොනිල වශයෙන් එවකට කලා කේෂත්‍රයන්හි වැජඹුණු මහා බල කණු ඇසුරු කිරීමේ ඉඩප්රස්ථාව මට ලැබිණි.ඉන් එක් කලා සද්දන්තයෙකු වූයේ ප්‍රේමකීර්ති වේ. පාසල් යන කාලයේදී ඔහුගේ කටහඩට ආසක්තව සිටි මා රූපවාහිනියට පැමිණි පසු ඔහු සමග ළගින් ඇසුරු කිරීමට මට සිදුවන්නේ ටයි මහතාගේ හඩ කැවීම් අංශයට අනුයුක්තව රාජකාරී කටයුතු කිරීම නිසාවෙනි. කාටුන් චිත්‍රපටවල සියලුම ගීත රචනා කරන ලද්දේ ප්‍රේම් විසිනි. එය සම්බන්ධීකරනය කිරීම සදහා නිතරම ගුවන් විදුලියට ගොඩවැදීමට මට සිදුවූ නිසා අපගේ මිත්‍රත්වය දිනෙන් දින අලුත් වූ අතර, සමහර දිනක එය කෙළවර වූයේ රන්දෝලියේ මධුවිතක් ගෙන දොඩමඵ වීමෙනි. මේ සමීපවීමත් සමගම ප්‍රේම් කෙතරම් දක්ෂතාවයන්ගෙන් පිරිපුන් කලාකරුවෙකු බව මට ප්රත්යක්ෂ වූ අතර, ඊටත් එහා ගිය අහිංසකම අහිංසක මිනිසකුගේ සංවේදිකම ඔහු තුළින් නිරතුරුවම දෘශ්‍යමාන විය. ඒ වන විට ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ප්‍රේම්ට රාජකාරි කටයුතු වලට නොඑන ලෙසට කිහිපවරක් ම රතු නිවේදන නිකුත්කර තිබුණේය. මොහු සමග එවැනි තර්ජනයට ලක්වූ ගුවන් විදුලි ප්‍රවීණයන් අතුරෙන් පාලිත පෙරේරා සහ වසන්ත ලංකාතිලක ප්‍රධාන වූහ. ඔවුන් දෙදෙන මරණ බිය නිසා රාජකාරි කටයුතු වලින් ඈත්ව විවිධ ස්ථානයන්හි තාවකාලික නවාතැන්පොලවල් හදාගෙන ජීවත් වුවද,ප්‍රේම් එයට මැළි විය. ඔහු හැමවිට මා සමග ප්‍රශ්න කර සිටියේ ඇයි බං ළමයි අපට කියන්නේ ජොබ් එකට එන්න එපයි කියල. උන්ගෙ ආණ්ඩුවක් ආවත් අපි ජොබ් එකට නෑවිත් මොනව කරන්නද...? මෙය ප්‍රේම්ට පමණක් නොව රාජකාරියට එන්න එපා කියමින් මරණීය තර්ජන එවා තිබූ අප සැමට ම පොදු ප්‍රශ්ණයක් විය. එකල මා පදිංචිව සිටියේ මුල්ලේරියාව ප්‍රදේශයේ ය. මරණීය තර්ජන වලට බියවී ගෙදර නැවතී සිටියොත් අනික් පැත්තෙන් එස්ටීඑප් ජීප් රථයක් පැමිණ අපව කුදලා ගෙන යයි. සමහර දිනක ගෙදර නෑවිත් රූපවාහිනියේ ම නැවතී රාජකාරී කටයුතු වල නියැලෙන්නට සිදු විය. රූපවාහිනිය පරිශ්‍රයම හමුදා කදවුරක පෙනුම ඉසිලීය ප්රවෘත්ති කියවන්නට පවා සිටියේ හමුදා නිලධාරී නිලධාරිනීන් ය. මොවුන්ගෙන් සමහරෙක් පසුකාලයේ දී රූපවාහිනියේ ම බින්න බැස ගත්හ. ගුවන් හමුදා නිලධාරී ආනන්ද සමරකෝන් විධායක නිලධාරී හැටියට ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රධාන අණ දෙන්නා බවට පත්විය. ඇතුලතත් භිෂණය පිටතත් භිෂණය. ඒත් තරුණයින්ගේ සිවිල් අරගලයට උපවිඥානයෙන් බොහොදෙකේ ඇගෑළුම්කමක් ද දැක්වූහ. ඒ වනවිට ප්‍රේමදාස රජය ජනතා අප්‍රසාදයට පත්ව සිටීමත් එයට විරුද්ධ තරුණයින්ගේ නැගිටීම සාධරනීකරණය කරමින්වූ කතාබහ, බස් නොමැතිව සැතපුම් ගණන් පයින් ගිය දුරට වඩා වැඩිවිය. තත්කාලීන ක්‍රියාශීලි කලාකරුවෝ ද මේ සදහා තමන්ගේ කලා භාවිතය මුවහත් කරන්නට වූහ. කලාව ජනතාව සදහා යන උද්ධෘතය යටතේ පෙළගැසුණු මහාචාර්ය සුනිල් ආරියරත්න නන්දා මාලිනි යුවළ පවන ප්‍රසංගය අරඹමින් ද ආචාරය ගාමිණි හත්තොට්ටුවේගම ප්‍රධාන සටන් සගයින් වීදියේ ද, සුගතපාල ද සිල්වා, අශොක හදගම, ජයන්ත චන්ද්‍රසිරි වේදිකාවේ ද, සුනිල් මාධව ප්‍රේමතිලක,දයාසේන ගුණසිංහ ඇතුඵ දිවයින පුවත්පත ද,විවරණ,විනිවිද ඇතුඵ මාසික සඟරා ද, රාවය, යුක්තිය වැනි ටැබොලයිටි පුවත්පත් අඩුවැඩි වශයෙන් ද, ස්වාධින කලා සංගමය වැනි බුද්ධිමතුන්ගෙන්,ලේඛකයින්ගෙන් සුසැදි සංගම් ද. තරුණයින්ගේ නැගිටීම සාධාරනීකරණය කිරීම සදහා ජනතාව පෙළඹවීමේ මතවාදි රාමුව නිර්මාණය කළේය. එය කොතෙක් ද යන්නට උදාහරණයක් නම් පවන ප්‍රසංගයක් නරඹා ප්‍රෙක්ෂකයින් ඵළියට පැමිණියේ එදින රාත්‍රියේ ම විප්ලවය සිදුවේයයි යනුවෙන් උදම් අනමිනි. එහෙත් ප්‍රතිභා සම්පන්න කලාකරු ප්‍රේමකිර්තිගේ ඝාතනය සවන් වැකිමත් සමගම මේ සියලු දේ කණපිට පෙරළිණි. ජවිපෙ සන්නද්ධ අංශය ජවිපෙ බුද්ධිමය සහ කලා අංශය පරයා ගෙන ඉහළට ඇවිත් තිබිණ. අමනෝඥ ප්‍රාදේශිය නායකයින්ගේ තීරණ වලට ජවිපෙ යට විය. පොල්පෝටි තාලයේ පාලන ක්රමයක ලක්ෂණ මතු විය. ඵෙතිහාසිකව ජනතා ජයග්රහණයන් මෝදු කර ගැනීම පිණිස කේන්ද්‍රගත වූ ජනතා කලාකරුවන්ට ජනතාව ඉදිරියට පැමින කරැණු කීමට පෙර, ප්රතිවිප්ලවය ආරමිභ වී පැවැතිණ. තමන්ගේ ආරක්ෂාව තමනට සොයා ගැනීමට සිදුවිය. ප්රේමිගේ ඝාතනයත් සමගම ජවිපෙට හිතේ කොයි කෙළවරක සිට හෝ ඇගෑළුමි පෑ ජනතාවාදි කලාකරුවෝ ජවිපෙ වේදිකාවෙන් බැස යමින් සිටියහ.
සටහන : අරුණ මාධව ජයසේකර