අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවලගේ නිවසේ ඔහුගේ උපන්දින සාදයක් පැවැතුනා. මෙහි සංගීතය ඉදිරිපත් කරන්නට අවස්තාව හිමිව තිබුනේ ෆ්‍රෙඩීගේ අයියා කෙනෙකු සී.එල් ෆොන්සේකා ගේ සංගීත කන්ඩායමට. ෆ්‍රෙඩීගේ අයියා ෆ්රෙඩීවත් එකකරගන යනවා මේ සාදයට. ප්‍රංශයෙන් ගෙන්වාගත් ගත් නළඟනක් මේ සාදයේදී නැටුම් ඉදිරිපත් කලා. මේ නැටුම අවසානයේ අග්‍රාමාත්‍ය කොතලාවල අභියෝගයක් ඉදිරිපත් කරනවා මේ නළඟනගේ නැටුමට වඩා හොඳ නැටුමක් ඉදිරිපත් කරන ලෙස. මේ වෙලාවේ ෆ්‍රෙඩීගේ අයියා ඔහුව තල්ලු කළා සභාව ඉස්සරහට. ඉන් පසු ෆ්‍රෙඩී බාර් බාර් ගිතය ගායනාකරමින් විශිෂ්ට නැටුමක් ඉදිරිපත් කළේ අග්රාමාත්යවරයව පුදුම කරවමින්. ගීතය අවසානයේ ෆ්‍රෙඩීගේ පිටට තට්ටුවක් දාපු අගමැතිතුමා ඇහුවා.
" පුතා මගෙන් මොකක්ද කෙරෙන්න ඕනී"
මේ වෙලාවෙ ෆ්‍රෙඩී ඉල්ලා හිටියා ගුවන්විදුලියේ ගීතයක් ගයන්නට අවස්තාව අරන් දෙන්න කියලා. ( දැන් කලාකාරයෝනම් සභාපතිකමක්, නැත්තන් කෝටි ගනන් සල්ලි ගසාකන්න ක්‍රමයක් හදාගනියි)
ඉන් පසුවයි ෆ්‍රෙඩී බාර් බාර් ගීතය ගායනා කළේ. මේ ගීතයත් විශේෂ ගීතයක්. ලංකාවේ රොක් ඇන්ඩ් රෝල් ගීත සම්ප්රදායේ මුලින්ම ගැයුනු ගීයක්. ඔය විදිහටයි ෆ්‍රෙඩි සිල්වාගේ කලා ජිවිතය ඇරඹුනේ.1938 පෙබරවාරි 6වන දින මොරටුවේ දී ෆ්‍රෙඩී උපන්නෙ. ෆ්‍රෙඩීගෙ මුල් නම උනේ හල්පේ ලියනගේ අතුකෝරල මොරිස් ජෝසප් රණබාහු. ජෙනිෆර් බෝර්මන්ගේ ඉල්ලීමකට අනුවයි ජෝසප් රණබාහු තමන්ගේ නම ෆ්‍රෙඩී සිල්වා ලෙස වෙනස් කරගත්තේ. ෆ්‍රෙඩීට පොඩි කාලෙ ඉඳලම පික්චර් පිස්සුව තිබ්බා. ෆ්‍රෙඩී සහ ඔහුගේ යාලු පිරිස පික්චර් බලන්න මුදල් හොයාගත්තේ බොහොම අමාරුවෙන්. සල්ලි හොයන්න ගත්ත උත්සහයන් අතරෙ ඉතාම රසවත් කතාන්දර තිබෙනවා. සමහර වෙලාවට කුකුල් පැටව් කියලා කොරවක් පැටව් විකුනලා තමයි චිත්‍රපට බැලීමට මුදල් සොයාගත්තේ.චිත්‍රපට 204 රඟපෑ එකම නලුවා තමයි ෆ්‍රෙඩී. එය වාර්තාවක්. ලාංකීය සිනමා ඉතිහාසයේ වැඩිම චිත්‍රපට ගණනක රඟපෑවෙ ෆ්‍රෙඩී විතරයි. ජෝ අබේවික්‍රම ට පසු බිහිවූ විශිෂ්ටතම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියා තමයි ෆ්‍රෙඩී. ඔහු කොතරම් විශිෂ්ටයෙක්ද යැයි ඔප්පු කිරීමට ඔහු රඟපෑ සූකිරි කෙල්ල චිත්‍රපටම ප්‍රමානවත්. එහි ද්විත්ව රංගනයක යෙදෙන ඔහු එකිනකට වෙනස් චරිත දෙකක රංගනයේ යෙදෙනවා. තවත් සිනමාපටයක් ගීතයකට ඔහු චරිත 4කට තම රංගනය ලබාදෙනවා. ප්‍රහසන නලුවොන්ට ප්‍රධාන චරිතය රඟපෑම දක්වා සිනමාවේ පාලම හැදුවේ ඔහු. 1991 දී සරසවි සම්මාන උළෙලේ ජනප්‍රියම නලුවා ෆ්‍රෙඩී. ෆ්‍රෙඩී නිසා කෝටි ගනන් හම්බකරපු නිශ්පාදකයෝ හිටියත් ෆ්‍රෙඩීට අන්තිම කාලෙ බොහොම අඟහිඟකම් මැද ජීවත් වෙන්න උනේ. මුදල්ම පමනක් ඉලක්ක කරගත් කිහිප දෙනෙකු නිසා ෆ්‍රෙඩී ට පසු කාලෙදි උනෙ අවරගනයේ නිර්මානවලට දායක් වෙන්න. ෆ්‍රෙඩීගේ රංගන හැකියාවෙන් හරිහමන් වැඩක් ගත්තෙ නැති එකට තියෙන්නෙ විශාල දුකක්.
ෆ්‍රෙඩී, ප්‍රේමකීර්ති සහ ෆ්‍රෙඩී නැමැති අතිවිශිෂ්ට ගායකයා.......
ෆ්‍රෙඩී සිනමා නලුවෙක් ලෙස හඳුන්නවාට වඩා ගායකයෙක් ලෙස හඳුනාගන්නටයි මා කැමති. ෆ්‍රෙඩී ප්‍රේමකීර්ති සුසංයෝගයෙන් බිහිවූ ගීත කලාව රන් අකුරින් ලිවිය යුත්තක්. හාස්‍යෝත්පාදක ගීත කලාවෙ ප්‍රතිමූර්තිය තමයි ෆ්‍රෙඩී. ෆ්‍රෙඩිගේ ගීත ඇතුලේ තියෙන්නෙ සමාජය ගැන තියුනු විවේචනයක්. සමහර දවස්වලට ෆ්‍රෙඩී ගෙ ගෙදරට එන ප්‍රේමකීර්ති මධුවිතකින් එහෙම සප්පායම් වෙලා ෆ්‍රෙඩී සමඟ එකම පැදුරේ නිදියනවා. ඉන් පසුවයි ගීත ලියන්නේ. ප්‍රේමකීර්ති ගැන ඉතා සැර කතාවක් පත්තරේ ගිහින් තිබුනා ඊට පස්සෙයි ප්‍රේම් මේ ගීතය ලිව්වෙ . ෆ්‍රෙඩී ගායනාකලේ.
පාන්කිරිත්තා තක්කිට තරිකිට...........
පාංකිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාංකිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑඳැත්තෙක් කීචි බීචි කියතෙයි
පාංකිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන්ගත්තේ
අහල පහල කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ
කොහේද හිඳ පැමිණුනු කෑඳැත්තා වහලා අර අත්තේ
උන්ගෙ නැටුමට බාදා කරමින් ගීය පටන්ගත්තේ
පාංකිරිත්තා...
පාංකිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා
කෑඳැත්තාගේ කළු අත්තටුවෙන් අල්ලා සෙලවූවා
ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා
ළඟට කිට්ටු වී මා ද ගොළුවතින් ඊට සවන් පෑවා
අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා
තවත් දිනක් ගුවන් විදිලියේ දී ෆ්‍රෙඩීට කව්රුන් හෝ අමනයෙකු බල්ලා යැයි බැන වැදී ඇත. මෙය කනවැකුනු ෆ්‍රෙඩී හර්බට් රංජිත් පීරිස් සමඟ එකතුව මේ ගීතය නිර්මානය කලේය.
හිටියා උදාර කොල්ලෙක් ඌට හිටියා හොඳ සැර බල්ලෙක් පලාතේ එන්නෑ එක බිල්ලෙක් උගෙ ඇඟේම නෑ එක මැක්කෙක්
දවසක් දා මූ දික්කරගන කලු හොම්බක්
හිටියා පනනැති උන විලසින් හෙම්බත්
මූ කෑම කන්නෙ නෑ
බුරන්න යන් නෑ
නගුට වනන් නෑ
ලෙව කන්නෙ නෑ
නෑ හරිම ලෙඩක්
බල්ලට වැඩියෙන් ඔරවන්නෙ
කොල්ලට වැඩියෙන් ගොරවන්නෙ අපෙ බල්ලා
තොට මස්කටු ඕනිද
බලු සුප් ඕනිද
ගස් ලබු ඕනිද
පපඩම් ඕනිද
ඌ උපවාසෙ
මේ මොන දෙයක්ද කියල තැවෙනවා කොල්ලා
නොකානොබී ඉද හ්ප්ම්බෙන් යනවා බල්ලා
තොට දම්වැල එපාද
කූඩුව එපාද
තලන්න එපාද
කහින්න එපාද
කෝ කියන්නෙ නෑ
මේ ගැන හිතලම කෙට්ටුයි අපෙ කොල්ලා
දවසින් දවසම දිරාලා යනව බල්ලත්
දෙන්නද බූල් වැක්කෙරෙන
කන් දෙක එල්ලෙන
ඇස් දෙක නටවන
සුනඛ ධේනුවක්
නෑකියන්නෙ නෑ
දැන් දැන් බල්ලගේ තත්වය තරමක් උග්‍රයි
මාරයා සමගත් දැන් ඌ හොද හැටි මිත්‍රයි
පන අදින ගමන්
වනලා දෙකන්
කියනව දැන් මෙහෙම බොලව්
මේ අහපල්ලා
ස්වාමියාට ඇති කීකරුකම අපි අරින්නේ නෑ
එනමුදු බල්ලා කියන නම රැක ගන්නත් නෑ
මිනිසුන් අතරේ පොකට් ගහන්නෙ බෙලිත් කපන්නේ
උන්ට කියන්නෙත් බල්ලා බල්ලා
ෆ්‍රෙඩී ගේ මුලු ගිතාවලියම පුරාම තිබෙන්නේ මෙවැනි ගීත. ආරොන් මාමා වැනි ගීතයක් එදාට වඩා අදටයි ගැලපෙන්නේ. අද වනවිට මුලු අන්තර්ජාලයම පුරාම ආරෝන් මාමලා විසින් විව්ධාකාර කුනු විකුනමනුයි සිටින්නේ. 1500කට අධික ඔහුගේ සියලූම ගීත එකසේ වටින ගීත. ඒ හැම එකක් පිලිබදව කතා කල හැකි නමුත් ඒක ටිකක් කාලවේලාව ගතවෙන්නක්. ප්‍රේමකීර්ති ලියපු වික්ටර් සංගීතවත් කරපු මේ ගීය ෆ්‍රෙඩිගේ ගායනාවලියේ කූටප්‍රාප්තිය .තිස් වසක් තිස්සේ එකිනෙකා මරා ගත් අපි තාමත් ලේ සුවදට ඉව අල්ලමිනුයි ඉන්නේ .අපි කුන්ඩිමනීලාටද ,කුන්ඩුමනීලාට අපිටද ප්‍රේම කරන යුගයකදී මේ සියලු මේ සියලු එදිරිවාදිකම් නැති වී යනු ඇත. ෆ්‍රෙඩි මේ ගීය ගයව්වේ ඒ නිසාය.
මන්නාරම් පිටි වැල්ලේ.
මන්නාරම් පිටි වැල්ලේ
මදටිය වැල් ඔංචිල්ලේ
කොණ්ඩෙ කඩන් හඳට අඬන්
සිංදු කියන්නේ
කුණ්ඩුමණී . . .//
නැහැයේ කරාඹුව දෙකණේ
කඩුක්කං දමා සියොළඟ
මොට්ටැක්කිලියෙන් හැඩකොට
වසා ඉඟ නමා
උළුඳු කොටා තල වේලා
තල්පත මත ගිණි අව්වේ ලා
කුණුඩුමණී . . .
සෙම්බුතාලි උකුලේ හොවා
ආඬි ලිඳෙන් දිය ඇදලා
ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස්
පොල් ගහලා නළලේ අළුගා
කුණ්ඩුමණී . . .
මන්නාරම් පිටිවැල්ලේ . . .
ගොම ඉහලා හැදූ ගෙබිමපිච්ච මලින් සරසාලා
කෙසෙල් ගස් දෙකක්
දොරකඩ සිටුවා තබලා
කුම්බු ඝටම් මෘදංග නද
මුළු ගමටම හඬවා තියලා
කුණ්ඩුමණි . . .
සණ්ඩු කරලා බැණුම් අහලා
හැංගි හැංගි බැන්ද ප්‍රේමි
මහ රාජා ආ කළ ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමණී යන පෙරහර බලා හිඳිමි
කීකරු වීලා
කුණ්ඩුමණී
ෆ්‍රෙඩි චාලි චැප්ලින්ට මහත් සේ ආදරය කළා .වරක් චැප්ලින්ගේ සොහොන ලගට ගොස් බොහෝ වෙලාවක් හඩා වැටී ඇත. ඔවුන්ට චැප්ලින්ලා සිටිති .මිස්ටර් බීන්ලා සිටිති. අපට ෆ්‍රෙඩි සිල්වා නැමැති විශිෂ්ටයකු ඇත. කනගාටුවට කාරණය නම් ඉතිහාසය විසින් ,කුමන හෝ අයුරකින් ෆ්රෙඩිලා නිකන්ම විහිලුකාරයයන් බවට පත් කිරීමයි. ෆ්‍රෙඩි අති විශිෂ්ටයයෙකි.
අනූ බන්ඩාර