ඒ ගැහැණිය සිය දරු දෙදෙනාගේ අනාගතය උදෙසා සිය සැමියා පවා අතෑර දැමු ගැහැණියකි. එකී අත්හැරීම තුල කිසිදු ද්වේශ සහගත බවක් නොතිබිනි. ඇගේ ස්වාමියා වෙනත් මිනිසුන් මෙන් අනියම් බිරින්දෑවරු පසුපස ගිය මිනිසෙකු නොවේ. ඔහු අත්හැර දැමීමට ඇයට සිදුවූයේ දරුවන් කෙරෙහි ඔහු දැක්වූ මන්දගාමී ප්‍රතිපත්තිය යි. එහෙත් ඇය සිය දරුවන් දෙදෙනා බැලීමට හා ඔවුන් සමග කාලය ගත කිරීමට සිය සැමියාට ඕනෑම වෙලාවක අවසර දී තිබිණි.
රැකියාවක් පවා නොමැති බැවින් ඇය සිය දරුවන් දෙදෙනා හා ඇය ජීවත්වන කුලී නිවස අතෑර දමා ඇගේ මව වෙත යාමට තීරණය කළේ එබැවිනි. ලට්ට ලොට්ට පොදි බැදගත් ඔවුහු ඒවා තම කාරයට පටවා කුලී නිවසින් යාමට පෙර ඇගේ දස හැවිරිදි දියණිය අඬමින් ...
‘‘අපි යනවා මගේ වත්ත, අපි යනවා කුරුදු ගහ. අපි යනවා ලියුම් පෙටිටිය, අපි යනවා මට අම්ම ගෙනියන්න දුන්නු නැති බඩු පෙටිටිය ! මම කොහොත්ම කැමති නෑ අමිමි කරන මේ වැඩේට මගේ ගෙදර ඒත් අපි යනවා මගේ ගෙදර !”
‘‘සමන්තා ! ඇයි ඔයා ඔයතරම් දුර්වල ! ඇයි අපි හැම ජරා ගොඩකටම සමුදෙන්න පුරුදු නොවෙන්නෙ? මොකද අපි ඒව එකක්වත් මේ කාර් එක ඇතුලට ගන්නෙ නෑ” එහෙමයි එයා දරුවන්ගෙ හෙට දවසට මනස හැදුවෙ.
ඇය දරුවන් වෙනුවෙන් වයස ගියත් නැවත ඉගෙනගත්ත, හොයා ගත්ත හොද රස්සාවක්. නැවත කසාද බැන්ද, දරුවන්ට කළ අසාධාරණකමකට ඒ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයවත් අත්ඇරල දැම්ම. ඒ නිසා දරුවන්ටයි ඇයටයි නැවතත් පරිසරය වෙනස් කරන්න වුණා. වයස 15 - 16 ළමයින්ව දාන්න වුණා අලුත් ඉස්කෝලවලට. දැන් ඇය මේ අලුත් ඉස්කෝලෙට දරුවන්ව ඇරලවන්න යන ගමන් ඇය වාහනය නවත්තල දුවට කියනව බහින්න.
‘‘අම්මේ මට බයයි. මට මෙහෙ කවුරුවත් යාලුවො නෑ. අඩුම තරමේ මම මේකේ කාවවත් දන්නෙවත් නෑ. ඔයා මට මගේ පරණ යාලුවන්ට අවසාන වතාවට ‘බායි’ කියන්නවත් දුන්නෙ නෑ. මම දන්නෙ නෑ මේකේ ඇතුලට යන්නෙ කොහොමද කියලවත්”
‘‘ සමන්තා ඔය ඉස්සරහ ඇරල තියෙන දොරෙන් ඇතුලට යන්න. කාර්යාලෙ තියෙන්නෙ එතැන. එයාල දන්නව අද ඔයා එනව කියල. මෙන්න දවල්ට කන්න සල්ලි මම ඔයාව ගන්න එනව හරියට 4 ට”
‘‘ අම්මේ මම ඇදන් ඉන්නෙ කිළිටි ඇඳුම්, අපිට හරියට ඉන්න තැනක්වත් නෑ. මොන මගුලක් ද මේක නම් අපායක් අම්මේ”
‘‘ සමන්තා මම කරන්නෙ මට උපරිමයෙන් කරන්න පුලුවන් ටික. ඔයා හරි. මේක මගුලක් , මේක ජරාවක් , මේක අපායක්. ඒත් යකෝ උඹල වෙනුවෙන් මම බීපු එකෙක් එක්ක කතාකරනකොට, ඌ මගේ ඔලුව බිත්තියේ හප්පනකොට එතන තිබුණු ජරාවෙන් සීයට පනහක් වත් මෙතැන නෑ යකෝ !”අන්න එහෙමයි සමන්තගේ අම්මා.
පස්සෙන් පහු ඇය නැවත කසාද බැන්ද. ඒ මිනිහවත් අත්ඇරිය දරුවන්ට කළ අසාධාරණය නිසා. ඇය හම්බ කළා. ගෙයක් ගත්තා දරුවන්ට ලස්සනට ඉන්න. දැන් ඒ දරුවො ලොකුයි. දැන් ඇයට වෙහෙසයි. සමන්තා ගෙදරින් ගිහිල්ලා. දැන් ඇගේ පුතා දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. ඒ වගේම උපාධිලාභියෙක්. ඔහුට ශිෂ්‍යත්වයක් ලැබෙනවා ඡායාරූප කලාව සදහා උසස් අධ්‍යාපනයට පිවිසෙන්න. දැන් ඔහුත් මේ ගෙදරින් යන්නයි යන්නෙ. ඇය දැන් අඩන්න පටන් ගන්නවා.
‘‘ ඇයි අම්මේ අඬන්නේ ?”
‘‘ මේක තමයි මගේ ජීවිතයේ නරකම දවස”
‘‘ ඔයා මොනව ගැනද කතාකරන්නෙ අම්මේ”
‘‘ මම දැන්න හිටිය මේ දවස එයි කියලා. මම දන්නෙ නෑ ඔයා මේ ගමන යන්නෙ මොන තරම් සතුටෙන් ද කියලා. ඒත් ඔයා දන්නව ද මම මේ මොහොතට පහුකරපු හැතැක්ම කනු ගාණ ? කසාද බැන්දා, දරුවො හැදුවා. දික්කසාද වුණා. ආයි බැන්දා ආයිමත් දික්කසාද වුණා. මම උපාධිය ගත්තා රස්සාවක් හොයාගත්තා. ඔයාලට හොද අධ්‍යාපනයක් දුන්නා. දැන් උඹලා මාව දාලා යනවා. මට දරා ගන්න බෑ. ඒත් උඹලා අහනව ඒ ඇයි කියලා”
උපාලි ජයසිංහ