ඔස්කාර් සම්මාන උළෙල ජාතිවාදී එකක්ය යන්න දැන් කාලයක සිට එල්ල වන චෝදනාවකි. එය සුදු ජාතික කලාකරුවන්ට පක්ෂග්රාහී බවක් දක්වන සම්මාන උළෙලක් බවට පසුගිය කාලයේ නිතර චෝදනා එල්ල විය.
ගෙවීගිය වසර දෙකක පමණ කාලයක් තුළ එකම කළු ජාතික නළුවෙකුට/නිළියකට හෝ සම්මාන පිරිනමනවා තබා ඒ සදහා නිර්දේශ කළේවත් නැත. Selma, Beasts of No Nation වැනි සිනමාපට මෙන්ම ඒවායේ ශිල්පීන් ශිල්පිනියන්ද අසාධරණයට ලක් වූ බවට ලොකු සංවාදයක් එකල ඇති විය.
මෙම ඔස්කාර් ජාතිවාදය පරාජය කිරීම සදහා විශාල මෙහෙවරක් කළේ සමාජ මාධ්‍ය යි. #Oscarssowhite වැනි හෑෂ්ටැග් පිටු හරහා ඇති වූ විරෝධය මෙහිදී විශාල බලපෑමක් කළ බව පැවසිය හැකිය. ඊට අමතරව ස්පිල්බර්ග්, ස්පයික් ලී, විල් ස්මිත්, මැට් ඩෙමන්, මයිකල් මුවර් වැනි ප්‍රසිද්ධ ශිල්පීන් නැගූ හඩද කැපී පෙනිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙවර ඔස්කාර් උළෙල ඉතිහාසයේ කළු ජාතිකයින් වැඩිම පිරිසක් සම්මාන දිනාගත් සම්මාන උළෙල බවට පත්විය.
හොදම අධ්යක්ෂ ලෙසත්, හොදම තිරනාටක රචකයා ලෙසත් සම්මාන දිනූ බැරී ජෙන්කින්ස් (Moonlight), හොදම සහාය නළුවා ලෙස සම්මාන දිනූ මෙහාර්ෂලා අලි (Moonlight), හොදම සහය නිළිය සම්මානය හිමි කරගත් වයලා ඩේවිස් (Fences), හොදම වාර්තා චිත්‍රපටයේ (OJ:Made in America) සම නිශ්පාදකයා වන එස්රා එඩල්මාන් මෙසේ සම්මාන දිනූ කළු ජාතිකයෝ වෙති. හොදම චිත්‍රපටය බවට පත් වූ Moonlight ද කළු ජාතිකයින් පිලිබද කතාපුවතක් වන අතර එහි රගපාන සියළු දෙනාද කළු ජාතිකයින්ය.
නිහාල් පීරිස්