චත්‍රක් සිනමා පටය බැලූදා මගේ හදවතෙහි මහත් ආශ්වාදයක් හට ගත්තේය. ලද සෞන්දර්ය අනෙකා අතරත් බෙදා දිය යුතුයයි සිතීමෙන් දෙරණ නාලිකාවේ 24 වන ප්‍රදර්ශනය කරන වග සහ සිනමාපටයේ සුන්දරත්වය ගැන හොද ඔලුවක් මොළයක් ඇති අපේ කොලු කෙල්ලන්ට ලීවෙමි.කීවෙමි.
ඇත්තටම උන් දැනුම සොයා යන්නට කැමති රසවිදින්නට යමක් සොයන පරම්පරාවකි. ඉතින් දුරකතන වල රිමයින්ඩර් දාගෙන කොලු කෙල්ලන් රංචුව ඇගිලි ගනිමින් බලා සිටියදී අදාල සිනමා පටය ප්‍රදර්ශනය කීරීම අත්හිටුවීය. ඉන් පසු අර ආශාවෙන් රස විදීම හීනයක් කොට තබා ගත් පිරිස පෝලිමට දුක් සුසුම් එවූහ. ඉන් මට ද දුකක් ඇතිවිණ.
ලංකාවේ සිනමාව ගැන කතිකාවක් එන්නේ සිනමාවේ හෝ සිනමා කරුවකුගේ මණයක දී හෝ සිනමාව කියන එකට වසර ගණනක් සපිරුණ අවස්ථාවක පමණි. බොහෝ විට ප්‍රේක්ෂකයා කෙරේ ද අත දිගු කරන ප්‍රකාශ දකිතත් මට දැනෙන දෙය නම් හොද දෙයක් විදින්නට ආශා කරන පරම්පරාවක් තවම අප අතර ඇති බව සහ ඒ අයට ඉඩ ප්‍රස්තා නැති වීමත්ය. කොළඹ අවට ජීවත් වන්නන්ට සිනමා උළෙලක් හෝ විශේෂිත දර්ශනයකදී මෙවන් සිනමාපටයක් නැරඹීමේ භාග්‍යය හිමි වෙතුදු ඈත දුර ගම්වලට කොටු වී සිටින්නන් හට ඒ අවස්ථාව උදා නොවේ. රූපවාහිනිය අද දවසේ සාරවිට වෙළෙන්දාගේ තත්වයට පත් වී ඇත. ඔවුහු බලන්නේ විකාශන කාලයේ ඉපයීම් පිළිබද දර්ශකය මිස නිර්මාණවල ගුණාත්මක තත්වය නොවේ.එබැවින් ජීවිතය ගැන මෙලෝ ප්‍රඥාවක් නැතිව රූපවාහිනිය ඉදිරිපිට අතිරික්ත ශක්තිය සහ කාලය වැය කරන ගැහැණු කොට්ටාශයක් ඉලක්ක කරගත් විදේශීය නාට්‍ය වර්ෂාවක් පසුගිය කාලයේ රූපවාහිනිය ට ඇද හැලිණි. මම රූපවාහීනිය අතහැර දැන්ට වසර දහතුනකි. මීට දශක කිහිලපයකට පෙර රැපවාහිනිය යනු අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොව සුඛෝපභෝගී භාණ්ඩයක් විය. ගමක තැන් දෙක තුනක හැර අන්‍ය නිවෙස්වල රූපවාහිනියක් නොවීය. එකල විකාශය ළුූ නාට්‍ය වලද කිසියම් ප්‍රමිතියක් තිබිණ.
අද මෙන් එකක් ඉවර වෙන්නට එකක් ටෙලි නාට්‍යය නිෂ්පාදනය නොවීය. ඔවුහු නිර්මාන කලේ විවේකී බුද්ධිය ඇතිවය. අද මෙන් තාක්ෂණික පහසුකම් පවා නැති ඒ කාලයේ මහත් කැපවීමකින් සහ වගකීමකින් තම කාර්යය කරන්නට සමත් තරුණ ශීල්පීන් සිටියහ. ජැක්සන් ඇන්තනී, කමල් අද්දරආරච්චි, මහේන්ද් රෙපරේරා , ජයන්ත චන්ද්‍රසිරි ඉන් කිහි දෙනෙකි. මින් ඇතැමෙක් පසුකාලීනව දේශපාලන යාන්ත්‍රණයේ ගොදුරු බවට පත් ළුී ජරාජීර්ණ වුවද කිසියම් නිර්මාණයක සාහිත්‍ය අගය සුරකින්නට ජවය ඉතිරි කරන්නට හැකි අධ්‍යාපනයක් සහ බුද්ධියක් ඔවුහ සතු විය. ඒ කාලයේ ටෙලි නාට්‍යය නිර්මාණයක් විකාශය කළේ එහි ඇති ප්‍රමිතිය සලකා බැලීමෙනි. නාට්‍යය සදහා දී තිබුණේ රාත්‍රී 8.30 විකාශන කාලය ළුූ අතර රාත්‍රී 8.00 ප්රවෘත්ති සහ ටෙලිනාට්‍යය ඉලක්ක කරගත් පිරිස් රූපවාහිනිය ඇති නිවසට රැසිවෙන්නේ පුරුද්දටය. නිවැසියන්ද එය අපේක්ෂා කරන දෙයකි. ආහ්වාදය බෙදා ගැනීම යනු පුදුමාකාර දෙයකි. නමුත් අද මිනිසාගේ වින්දනය හුදකලා වීමම එක්තරා ඛේදවාචකයක්ව පවතී. නාට්‍ය නැරඹීම වෙනුවෙන් රැස්වෙන පිරිසට ලොකු හකුරු කෑල්ලක් සමග කහට වීදුරුවක් හෝ බෙලිමල් කෝප්පයක් ද හිමිවෙයි. ඒ නාට්ය්ය නරඹන ගැමියෝද අද විශ්ව විද්‍යාලවලින් බිහිවෙන පිරිසට වඩා රසවතුන් සහ බුද්ධිමතුන් වූහ. ඔවුහු නාට්‍යය ක් නරඹා ඉන් අනතුරුව කලාව සහ සාහිත්‍යය අරභයා බොහෝ හරබර සංවාද ඇරඹූහ. ඒ කාලයේ ගමක ලෙඩ දුකකදී වන අභිචාර විධික්රම පවා නාට්‍යානුසාරී වූ අතර ගැමියා දුක සැප සතුට සමෘද්ධිය සහ රසවින්දනය බෙදා ගත්තේ සාමූහිකවය. ඥානය හුදකලා වීම යනු සුභවාදී දෙයක් නොවේ.
ලංකාවේ බුද්ධි ගලනයට ප්‍රධාන හේතුව දේශපානය සහ මාධ්‍ය විසින් දක්ෂයාව භාවිතා කරන ආකාරයයි. එබැවින් අලුතින් සිතන සහ යමක් කළ හැකි පරපුර මවුරටින් නික්මෙති. සෑම කලකම මඩගොහුරු තුල නෙළුම් මල් ද පිපෙති. ඒ නෙළුම් මල්වලට සූර්ය කිරණක් අවැසිය. සහෘදයකුට භාවමය සහ ඥානමය ආලෝකයක් ගත හැකි බදු මෙවන් නිර්මාණ විදීමේ ඉඩ උදුරා ගැනීම එක් අතකට සාපරාධී ක්‍රියාවකි. දැනුම පිපාසයෙන් සහ රසවතකුගේ භාග්‍යය ජන්මයෙන් ලද පරම්පරාවක් තවමත් අපට සිටිති. අනේ කොළඹ ආයෙ පෙන්නුවොත් කියන්න අක්කා.. කොහොම හරි එනවායයි උන් තවමත් කියන්නේ එබැවිනි.ඒ පරම්පරාවට සිනමාපටය නැරඹීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් එය අගනේය. මන්ද උන් සිනමාපටයක්මෙ මගහැරීම අරභයා මෙතරම්ෙ දුක් වන්නේත් රූපවාහිනිය තුළ ඔවුන්ට අපේක්ෂිත රසවින්දනය මගහැරී ඇති නිසාය. දෛනික විසූක දස්සනවලින් හෙම්බත් වන ඔවුහු මෙවන් සූකිරි ඔත්තුවක් ලද සැණින් ප්රබෝධයට පත්වෙති. නමුත් උන්ගේ ප්‍රබෝදය මෙවන් රටක් තුළ බිදී යන්නේ ක්ෂණිකවය. එහි සාපරාධී බව දැනෙන්නේ තවත් වර්ෂ ගණනාවක් ගෙවී ගිය පසුය.කෙසේ වුවත් ගම්වලදී කිරි මගුලට ගිහින් ඇටෙන්ඩන් සයින් කරන්නා සේ සංවත්සර වලදී පමණක් සිනමාව ගැන කතා කර පලක් නැත. ලංකාවේ මේ බහුතර ගැටලුවලට හේතුවී ඇත්තේ මාධ්‍ය ආයතන වල වගකීම් සහිත ධූරයන්හි සිටින මොළ විරහිත පිරිස සහ පාලක පන්තියයි. එබැවින් පළමු කොට දියවන්නාවේ අර හොල්මන් ගුහාවටත් ඊට පසු ඔය චැනල් ටිකටත් අර හිරෝෂීමාවට අතෑරපු ඒවායෙන් එක දෙකක් අතාරින තුරු ලංකාවේ කලාව සහ සිනමාව ගැන කිසිවක් කතා කිරීම නිෂ්ඵල වනු ඇත.
- උපේක්ෂා නුවන්ශ්‍රිනි -