ඇල්බට් අයින්ස්ටයින්ගේ මේ ඡායාරූපය අපි දැකලා තියෙනවා..ඒත් අපි මේකට පාදක වුනු කතාව නම් දන්නේ නැති තරම් නේද? ඉතින් මේ ලිපිය ලියන්න මේ කතාවට හේතු වුනු සිදුවීම ලියන්න..
අයින්ස්ටයින්ගේ 72 වෙනි උපන්දින සැමරුම වෙනුවෙන් 1951 මාර්තු 14 වෙනිදා Princeton හිදී විශේෂ සාදයක් ලෑස්ති කරලා තිබුනා..ඒක අවසන් වෙලා අයින්ස්ටයින් මහචාර්යතුමා එකළ Institute for Advanced Study ප්‍රධානිතුමා වූ වෛද්‍ය Aydelotte සමග නිවෙස් බලා පිටත් වීමට වාහනය තිබෙන ස්ථානය වෙත පැමිණෙමින් සිටියා..
මේ අවස්ථාව විිශේෂ අවස්ථාවක් වූ නිසාම UPI (United Press International) හී ඡායාරූප ශිල්පියෙකු වූ Arthur Sasse ඡායාරූපයක් ගන්න පැමිණ සිටියා. ඒත් ඔහුගේ උත්සහය කිහිප වතාවක් ම ව්‍යර්ථ වුනා මොකද විශාල පිරිසක් ඔහුන්ව වට කරගෙන හිදිය නිසා.
අයින්ස්ටයින් සහ ප්‍රධානිතුමා වාහනයට ගොඩ වුනා.. ප්‍රධානිතුමාගේ නෝනා පිටුපස අසුනේ වාඩි වුනා.. ඒ වෙලාවේ පිරිස අඩු වුනු නිසා ආතර් ඡායාරූපය ගන්න සුදුසු ම වෙලාවක ඒක කියලා එතනට ගියා.. අයින්ස්ටයින් ඒ වෙලාවේ අනිත් පැත්ත හැරිලා ඉදියේ.. ඡායාරූප ශිල්පියා ඒ වෙලාවේ දෙයක් කිව්වා..
" මහචාර්යතුමා, හිනා වෙන්න උපන්දිනය පෝටෝ එකට"
මහාචාර්යතුමා කොහොමවත් හිතුවේ නෑ ඡායාරූප ශිල්පියා ගොඩක් වේගවත් වෙයි කියලා.. අනිත් පැත්ත හරිලා සිටි ඔහු හැරැණු ගමන් දිව දික් කරා.. මහාචාර්යතුමා නොසිතු විදිහටම ඒ සිදුවීම ඡායාරූපයට නැගුනා.. ඔහුගේ උත්සහය සමහර විට ඡායාරූපය කැත කරන්න නොවෙන්න පුළුවන් ඒත් ඔහුගේ අභිප්‍රාය මොකක් වුනත් ඒක වැරැදුනා කියලා නම් කියන්න පුළුවන්..
ඉතින් මේ ඡායාරූප ශිල්පියා මේ ඡායාරූපය ඔහුගේ දෙවන කර්තෘවරයා වෙන Caveo Sileo පෙන්නුවා.. ඔහු දුටු ගමන් එයට කැමැති වුනා.. ඒත් ප්‍රධාන කර්තෘවරයා ඒකට කැමැති වුනේ නම් නෑ. ඉතින් ඔවුන් දෙපිරිස අතර සංවාදයකින් පස්සේ මේ ඡායාරූපයට කැමැති වුනා.. අයින්ස්ටයින් යම් වෙනස් ම තලයක් සමාජය තුළ දිනා සිටි පුද්ගලයෙකු නිසා මේ ඡායාරූපය නිසා ඔහුගේ ජිවිතේ වෙනසක් ගෙන දෙයක් වුනා මේ ඡායාරූපය nutty professor (විකාර මහචාර්යතුමා) ලෙසින් පුවත් පත් වල පළ වුනා.. අයින්ස්ටයින් නමින් සකසා තිබුනු වෙළද භාණ්ඩ වැනි දේවල් වලින් මේ ඡායාරූපය ප්රමුඛ ස්ථානයක් ගත්ත කියලා වර්තා වෙනවා..
මේ ඡායාරූපයේ මුල්ම ඡායාරූපය නැත්තම් මුල් පිටපතේ වෛද්‍ය Aydelotte හා එම මහත්මිය සිටියත් අයින්ස්ටයින් මහචාර්යතුමාම එය කපා ඔහුව පමණක් පෙනෙන විදිහට හැදුවා.. ඊට පස්සේ මහචාර්යතුමා එකේ පිටපත් තමන් ළගින් අසුරු කරපු යාළුවන් ට ලියමු කවර දාලා තැපැල් කරන්නත් අමතක කරේ නෑ.. ඒ වගේ UPI වෙතින් අයින්ස්ටයින්තුමා තමන්ගේ පෞද්ගලික පාවිච්චියට මේ ඡායාරූපයේ පිටපත් 9ක් ඉල්ලගෙන තිබුනා. ඉන් එකක් ඔහුගේ් අත්සන යොදලා මේ ඡායාරූපය ගත් Arthur Sasse ට ලබා දුන්නා.. 2009 ජූනි 19 වෙනිදා අයින්ස්ටයින් මාහචාර්යතුමාගේ ප්‍රසිද්ධ වෙන්දේසියක දී එතුමාගේ මේ ඡායාරූපයේ අත්සන යෙදු මුල් ම පිටපත ඩොලර් 74,324ක මුදලකට අලෙවි වුනා..
ඒ ඇල්බට් අයින්ස්ටයින් මහාචාර්යතුමාගේ ඡායාරූපයකට හිමි වුනු විශාලම වටිනාකම ඒක වුනා..
දිලීප සංජය රණවක