John Lennon කියන්නේ ලෝක ප්‍රසිද්ධ ගායකයෙක්.. ඔහුගේ ගීතයක් වුනු Imagine ගීතය ලෝක ප්‍රසිද්ධියට පත් වුනු ගිතයක්.. ගොඩක් වෙලාවට ඔහු කිව්ව සිංදු වලින් මිනිස්සුන්ගේ ජිවිතේ අර්බුද ගැටලු ගැන කියවුනා.Imagine කියන්නේ ඒ අතරින් වෙනස් ම ගීතයක්..ඔහු ලෝක සාමය සදහා විශාල වැඩ කටයුතු ටිකක් කළ ගායකයෙක් ලෙස හදුන්වන්න පුළුවන්.. ඔහුගේ ගායනය වගේ ම මරණයත් ලෝක ප්‍රසිද්ධියට පත් වුනා. මේ ඒ මරණය පිළිබද කතාවයි...
John Lennon ගේ නවාතැන ට එළියේ තැනක Chapman බලා සිටියේ Lennon නිවසින් එළියට පැමිණෙන තුරුය. ඔහු නිවසින් එළියට ආවේ චැප්මන් ඔහු ළගට ගොස් "මට මෙහි අත්සනක් දාලා දෙනවද?" ලෙස අසා සිටියේය. ජෝන් එය අත්සන් කිරීමෙන් අනතුරුව ඔහුගෙන් අසා සිටියේ "එච්චරයි ද?" කියාය.. ඔහු ඇත්තටම ඇසුවේ තවත් දේවල් අත්සන් කරන්න තියෙනවද යන්නයි.. චැප්මන් එයට පිළිතුරු ලෙස උත්තර දුන්නේ "නෑ" ලෙසය.. ජෝන් පිටත්ව ගියේය.. චැප්මන් ඔහුගේ නිවස අසල බොහො වෙලාවක් නැවතී බලා සිටියේය, ජෝන් නැවත පැමිණෙන තුරුය ඔහු ඒ අතරතුර පොතක් කියෙව්වා ඒ The Catcher in The Rye ( ඔහුගේ සිත වැඩියෙන්ම ආකර්ෂණ වී තිබු පොත)
එදා රාත්‍රීයේ ස්ටූඩියෝ එකේ සංගීත වැඩ කටයුතු අවසන් කළ ජෝන් ලින්නන් නැවත තමන්ගේ නවාතැන වෙත පැමිණෙමින් සිටියා. ඔහුගේ අත්වල ඒ වෙලාවේ ස්ටූඩියෝ ඒකේ දී පටිගත කල ටේප් සහ තවත් සංගීත තැටි බොහොමයක් තිබුනා.. එක්වරම වාතලය පුපුරා යමින් වෙඩිල්ලක් පිට වුනා.. ජෝන් ලිනන්නන් මැරී බිම ඇදි වැටුනා.. චැප්මන් ට පලා යන්න අවශ්‍ය වුනේ නෑ ඔහු නැවත පොත කියවන්න වුනා.. ඒ පොලිසිය පැමිණෙන තුරුයි. වෙඩි ශබ්දය ඇසුනු සැනින් නවාතැන් බාරව සිටි ආරක්ෂක නිලධාරියෙකු දුවගෙන ආවා ඔහු දැක්කා ජෝන් මැරී වැටි සිටින හැටිත් චැප්මන් අසල වාඩි වී පොතක් තියවමින් සිටින සැටිත්... චැප්මන් ළගට ගියා ආරක්ෂක නිලධාරියා ඇසුවේ "ඔබ කරපු දේ ගැන දන්නවද" කියලාය..
මාර්ක් චැප්මන් ගැටලු රැසක් සහිත අයෙකු විය. ඔහුට විවිධ ශබ්ද හා අමුතු සහගත සිතුවිලි ඇති වූ අයෙකි. ඒ ඔහු J. D Salinger ග්රන්ථයක් වූ Catcher of the Rye කියවීමෙන් අනතුරුවය. ඔහුට John Lennon ගැන පහළ වුයේ වෙනස් ආකාරය සිතුවිලිය. ඔහු ක්‍රිස්තියානුවෙකු වූ නිසා John Lennon ජේසුස් වහන්සේ ට වඩා ප්‍රසිද්ධ නොවිය යුතුයි ලෙස ඔහු සිතුවේය.
මාර්ක් චැප්මන් 1980 වර්ෂයේ ඔක්තොම්බර් වලදි John Lennon ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමට සිතුවේය. ඒ නිසා ඔහු නිව්යෝර්ක් නුවර සංචාරයක් දමා ගත්තේ ය.. ඔහුට එහදී අවශ්‍ය වූ උණ්ඩ මිල දී ගැනීමට අවශය වූ නිසා ඇට්ලන්ටාවට පිටත් විය. ඔහු නැවත නිව්යෝර්ක් නුවරට නොවැම්බර් මාසයේ දී පැමිණියේය. ඒ John Lennon මරා දැමීමට පුර්ණ සුදානමකින් ය.. නමුත් ඔහු සමාන්‍ය ජනතාව දුටු නිසා ඔහුගේ ඒ කටයුත්ත අත්හැර දමා හවායි වල ජිවත් වුනු ඔහුගේ බිරිද වෙත ගියේය.ඔහු බිරිදට ඔහුගේ සැලසුම පිළිබදව කීවේය. නමුත් මේ තත්ත්වය පිළිබදව කිසිදු පරික්ෂාවක් කර ගත්තේ නැත..
ඔහු නැවත අවසන් වතාවට දෙසැම්බර් 06 දින නැවත නිව්යෝර්ක් නගරයට පැමිණියේ John Lennon ඝාතනය සැලසුම් ක්‍රියාත්මක කිරීමටය. ඔහු Sheraton Hotel හෝටලයේ කාමරයක් වෙන් කර ගෙන එයට වී සිටියේය. ඔහු කියවිම සදහා The Catcher in the Rye කෘතියත් ද මිල දී ගත්තේ ය. එහි පිට කවරයේ "මෙය මාගේ ප්රකාශනයයි" ලෙසද ලියා තැබුවේය. එහි Holden Caulfield ලෙසද අත්සන් තැබීය.
චැප්මන් සෑම විටම සිතුවේ John Lennon යනු කෛරාටික බවය.. පොහොසත් මිනිහෙකු සමාය ගැනයි ආදරය ගැනයි සිංදු කියන එක ලෝකය වෙනස් කරන්න උත්සහ කරන එක බොරුවක් බවය.. ඔහුගේ පාපොච්චාරණයේ දී ඔහු මෙසේ පවසා ඇත,
"මම ඔහුගේ සිංදු අහන හැම වෙලාවකම මට ඇති වුනේ තරහක්, විශේෂයෙන් ම දෙවියන් පිළිගන්නේ නෑ කියන කොට.. ඔහු එය කොහොවත් පිළි අරන් Beatles තුළ (Beatles යනු John Lennon ගේ සංගීත ඇල්බමයකි). මෙය පහුගිය අවුරුදු 10 තුළ සිදු වුනු දෙයක් වුනත් මං එයට ගොඩාක් කෝප වුනා. මම තරහින් කෑ ගැහුවා.. මේ මිනිහා හිතාන් ඉන්නේ ඌ කවුරු කියාගෙනද? ඔහු කොහොමද මේ වගේ දේවල් කියන්නේ දෙවියන් හා දිව්‍යලෝකය ගැන Beatles තුළ... ඔහු කොහොමද කියන්නේ ජේසු තුමාව ඇතුළු එවැනි දේවල් විශ්වාස කරන්නේ නෑ කියලා.. අන්න ඒ නිසා මගේ හිත තරහින් අදුරු වුනා පළිගන්න චේතනාව ඇති වුනා. ඒ නිසා මම Lennonගේ පොත ගෙදර ගෙනවා. පසුව මගේ හිත The Catcher in the Rye පොත ගෙනවා එය මගේ හිත දිනා ගත්තා එය මගේ පීඩනය අඩු කරා..." ලෙස ඔහු පවසා ඇත.
රාත්‍රී 10.49 පමණ Record Plant Studios සිට නැවත නවාතැන බලා පැමිණෙමින් සිටි John Lennon මාර්ක් චැප්මන් විසින් ඝාතනය කළේ ය. පහත දැක්වෙන ඡායාරූපය ගනුු ලබන්නේ Paul Goresh විසිනි.. ඒ John Lennon තමන්ගේ ඝාතකයාට අවසන් සමරු සටහන ලබා දෙන විටදීය.
|දිලීප සංජය රණවක.