lan englan tam

දෙරණ අධිපතිගේ වීඩියෝවට විරෝධයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර විසින් අගමැතිනි හරිනි අමරසූරිය පිළිබඳව පළ කළ අදහසක් සහිත වීඩියෝවකට සමාජ ක්‍රියාකාරිනියක වන තුෂාරා වික්‍රමනායක විසින් විරෝධය පළ කරනු ලැබ තිබේ.

දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා කළ එම ප්‍රකාශයේ දෝෂ ඉදිරිපත් කරමින් තුෂ් විසින් ඒ පිළිබඳව සටහනක් පළ කරනු ලැබ ඇත.

"සුලු සමාජ කොටසක මනෝභාවය" පෙන්වන Dilith Jayaweera
📌මම ඔබට අභියෝග කරනවා - තමන්ගේ පක්ෂයෙන් මෙරට අගමැති කිරීමට සුදුසු කාන්තාව හඳුන්වා දෙන්න.
ලැජ්ජයි! කූජිතයි!! නිවටයි!!!
තමුන්ට හරවත්ව, දත්තානුකූලව තර්ක කරන්න බැරිවෙනකොට පෞද්ගලික මඩ ගහලා ගැහැණියක් වට්ටන්න හදන දේශපාලනයද ඔබගේ ප්රතිපත්තියේ ලියලා තියන කාන්තා නියෝජනය?
තමුන්ගෙ පරාජය කොන්දක් ඇතිව භාරගන්න බැරිවෙනකොට ගැහැණියක් හිතන හැටි තමුන් මවාගෙන විරූපි අර්ථ දැක්වීමක් කිරීමද ඔබගෙ ස්ත්රී පුරුෂ සමානාත්මතාවය?
තමුන්ගෙ ජාතීවාදී භේද බින්න වීම් වලින් මිනිස්සුන්ගෙ චන්ද දිනාගන්න බැරිවෙනකොට ගැහැණියකගෙ අධ්යාපන සහ සන්නිවේදන කුසලතා සමාජ පන්ති වලට බෙදා වෙන් කිරීමද ඔබගේ අලුත් තුරුම්පුව?
නයි නැටෙව්වට මිනිස්සු නැටවෙන කාලෙ ඉවරයි! 
තුෂාරා වික්‍රමනායක පවසා තිබේ.
Back to top
Go to bottom

Popular News