ලොව ධනවත්ම පුද්ගලයා ලෙස හැඳින්වූ මයික්‍රොසොෆ්ට් සමාගමේ සම අයිතිකරු බිල් ගේට්ස් එම ස්ථානයෙන් දෙවැනි තැනට පත් කරමින් ලොව ධනවතා බවට පත්වීමට ඇමසන්' සමාගමේ (Amason) නිර්මාතෘ ජෙෆ් බේසොස්ට හැකි වී තිබේ.
ජෙෆ් බේසොස් ඇමරිකානු ඩොලර් බිලියන 91.4ක (ස්ටර්ලින් පවුම් බිලියන 70) වත්කමකට හිමිකම් කියන බව 'ෆොර්බ්ස්' සඟරාව ප්‍රකාශ කර ඇත.
'ඇමසන්' සමාගමේ කොටස් මිල ඉහළ යාමත් සමඟ ජෙෆ් බේසොස්ගේ වත්කම මයික්‍රෝසොෆ්ට් සම අයිතිකරුගේ වත්කමට වඩා ඩොලර් බිලියන 1.4 කින් ඉහළ ගොස් තිබේ.
'ඇමසන්’ සමාගමේ කොටසක මිල තවදුරටත් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ.