ලාංකීය දේශපාලනයේ වෙනස් නොවන ව්‍යුහය වන්නේ ආත්මීය භාවය බවත් නිදහසින් පසු කෙතරම් උත්සාහ ගත්තද මේ දේශපාලනය වෙනස් කළ නොහැක්කේ එකී ආත්මීය සාධකය නිසා බවත් HE ද්විමාසික සඟරාවට වසරක් පිරීම නිමිත්තෙන් ''දෙවසරක යහපාලනය සහ හෙට දවස'' යන තේමාව ඔස්සේ පැවැති 'HE FORUM' හිදී අදහස් දැක්වූ 'සත්හඬ' පුවත්පතෙහි කර්තෘ දීප්ති කුමාර ගුණරත්න මහතා පැවසීය.
ඔහු තව දුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසිය.
'' උදාහරණයක් විදියට සමලිංගිකත්වයට ඉඩ දෙන්න කියලා අදහසක් මතුවුණාම අපේ රටේ රාජ්‍ය පාලකයෝ එකට කැමැති නැහැ. සමලිංගිකත්වය තහනම් කරන්නේ සුද්දා. ඊට පස්සේ අපි හිතනවා ඒ තහනම් කළ එක තමයි අපේ සංස්කෘතිය කියලා. සුද්දටත් ඒක ඇතිවුණාම අපි තවදුරටත් හිතනවා මේක තමයි අපේ උරුමය කියලා''
නිදහසින් පසු සෑහෙන කාලයක් ගතවී ඇතත් අපි කොච්චර උත්සාහ ගත්තත් මෙම දේශපාලනය වෙනස් කරන්න තවමත් අසමත් වී ඇත්තේ මේ කියන්නා වූ ආත්මීය ව්‍යුහය නිසා බව දීප්තිකුමාර ගුණරත්න මහතා පැවැසීය.
LGBTQ හිමිකම් ක්‍රියාකාරීන්ගේ දෝෂ දර්ශනයට
එසේම ලංකාවේ සමලිංගිකත්වය නීති සංශෝධනය ප්‍රතික්ෂේප වීම මෙරට ක්‍රියාත්මක සංවිධාන කිහිපයක දෝෂ දර්ශනයට ලක්ව ඇත.
ඊක්වල් ග්‍රවුන්ඩ්ස් විධායක අධ්යක්ෂ, රොසානා ෆැලැමර් කල්දේරා ප්රමුඛ LGBTQ හිමිකම් ක්‍රියාකාරීන් එම තීරණ සහ තීන්දු අභූත ඒවා ලෙස අර්ථ දක්වා ඇතැයි පවසා සිටියේය.
"මෙම පියවර රජය බ්‍රිතාන්‍ය වික්ටෝරියානු සම්ප්රදාය බිඳීමට ඇති අකමැත්ත පෙන්වා ඇති බවත් ඔවුන්ගේ ලිංගික දිශානතිය මත පදනම් වූ පෞරාණික නීති අදාළ නොවන බවත් මෙම කණ්ඩායමේ කොන් කිරීම් සිදුවීමේ සමාජ ගැටලුව අවඥාවෙන් බැහැර කර ඇති බවත්‘ ඇය පෙන්වා දෙයි.
"අපි බටහිර ක්‍රිස්තියානි නීති වැළඳ යුතු වන්නේ ඇයි? සාමය, පිළිගැනීම සහ බුදු දහම කියාදෙන අන් අය ඉවසීම පිළිගන්නේ නැත්තේ ඇයි‘ දැයි ඇය ප්‍රශ්න කර ඇත.