lan englan tam

ලංකාවේ දැවැන්තම විප්ලවය '2022 අරගලය'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"මේ මැතිවරණය විහිළුවක්." මෙසේ පවසන්නේ රංගන ශිල්පී පීටර් ඩී. අල්මේදා ය.

ශ්‍රී ලංකාව තුළ පැන නැගි නව දේශපාලන ප්‍රවණතාව මත ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල දේශපාලනඥයින් කරන පිල් මාරුවත් තවත් කාරණා කිහිපයක් හේතුවෙන් මැතිවරණය විහිළුවක් වී ඇති බව රංගන ශිල්පියෙකු ලෙස පීටර් පවසයි.
Hashtag Generation සමග පැවති සංවාදයකදී හෙතෙම මේ බව පැවසීය.
රංගන ශිල්පියෙකු ලෙස තමන්ගේ ජීවිතයේ සන්ධිස්ථානය වන 'මල්දෙණිය' චරිතය පිළිබඳවද ඔහු පැවසීය.
සිය දැක්මට අනුව ලංකාවේ වඩා වැදගත් දේශපාලන සන්ධිස්ථානය වන්නේ 2022 වර්ෂයේ පැන නැගි ජනතා අරගලය බව පීටර් එහිදී පවසයි.
"ඒක විප්ලවයක්. දැවැන්ත රාජපක්ෂ පවුල.... විධායක ජනාධිපති කෙනෙක් එලෙව්වා. රාජපක්ෂ පවුල සමාජයත් සමග ගැඹුරින් තිබීම කැඩුනා. පොහොට්ටුව කැඩිලා තියෙනවා." පීටර් එහිදී පවසයි.

Back to top
Go to bottom