lan englan tam

පුවත්

දේශපාලන අධිකාරියත් බලන්න ආසා කළ ABBA කවුද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුප්‍රසිද්ධ ස්වීඩන් පොප් ගායන - සංගීත කණ්ඩායමක් වන ABBA ඉතිහාසය දශක 05කට අධික කාලයක් මුළුල්ලේ ලොව පුරා සිය කීර්තිය විදහාලූ එකකි.

ABBA ගැන මේ වන විට වැඩි කතාබහට ලක් වී ඇත්තේ රටේ දේශපාලන අධිකාරියේ කිහිප දෙනෙකු ඒ සඳහා සහභාගි වීමේ අවස්ථාව හේතුවෙන් නමුත්, ABBA ප්‍රසංගය පැවැත්වීමේ වටිනාකම එයින් බැහැර නොවේ.
ABBAහි නිත්‍ය ගිටාර් වාදක මයික් වොට්සන්ද සමග ආරම්භක සාමාජිකයින් දෙදෙනෙකු සහභාගි වූ මෙම ප්‍රසංගයට ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ලබා දෙමින් පසුගිය සෙනසුරාදා ගල්කිස්ස හෝටලය ආශ්‍රිත පැරඩයිස් වෙරළ තීරයේ ප්‍රසංගය පැවැත්වී තිබිණි.
ABBA සාමාජිකයින්ට මීට මාස කිහිපයකට පෙර ස්වීඩනයෙන් නයිට් පදවි පිරිනැමීණි. සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වන ඇග්නෙතා, බ්ජොන්, බෙනී සහ ඇනීගේ නම් උච්චාරණය වන පළමු අකුරු එක් කරමින් නිර්මාණය වූ ABBA වැනි සංගීත කණ්ඩායමක් දශක 05ක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන යන ජනප්‍රියතාව සහිතව තවමත් බිහිව නොමැත.
I have a Dream, Dancing Queen, Thank you for the Music සහ Fernando, Mumma Mia, Gimme Gimme, Chiquitita යනාදී ABBA ගායනා කළ ගීත තවමත් ලොව පුරා රසිකයින් අසන ගීත පෙළකි.

 

Back to top
Go to bottom

Popular News