දිවයින පුරා ඊයේ (10) සිට සිනමාහල් ප්‍රදර්ශනය ඇරඹෙන 'ගෞතම බුද්ධ මාතා' සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතවලට පණ පොවන පල්ගුණී ඛන්නා, අදිති සිං, තුෂාර් චිබ්බර් සහ හිමන්ෂි ජෛන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණ තිබේ.
චිත්‍රපටයේ ඊයේ දින පැවැත්වුණ මංගල දර්ශනය සඳහා සහභාගී වීමෙන් පසුව ඉදිරි දින කිහිපයේ චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සඳහා සහභාගී වීමට නියමිතය.
උත්තරීතර මාතෘත්වයේ ප්‍රතිමූර්තිය බඳු වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ ජීවිත කතාව පාදක කරගෙන නිර්මාණය වූ ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණය සම්මානිත මහාචාර්යය සුනිල් ආරියරත්න මහතාගේ අධ්‍යක්ෂණයක් වන අතර තිලංග සුමතිපාල මහතාගේ නිෂ්පාදනයක් වේ.
ඉන්දීය නළු නිළියන්ට අමතරව දිල්හානි ඒකනායක, සම්පත් ජයවීර, ධනංජය සිරිවර්ධන, සම්පත් දයාරුවන්, ගෙවින් අවිශ්ක, නෙතූ ගම්ලත් ඇතුළු නළු නිළි විශාල සංඛ්‍යාවක් මෙම සිනමා නිර්මානය සඳහා තම රංගන දායකත්වය සපයති.