චින්තන ධර්මදාස සිය අලුත් චිත්‍රපටය නිර්මාණය කිරීමේදී ඒ සඳහා ලැබූ අවසරයට ලැබූ ප්‍රතිචාරය පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි.
"ලංකාවෙ චිත්‍රපටියකට මෙතෙක් ලැබිලා තියෙන ඉහලම සැලකිල්ල මාලිමාවෙ ආණ්ඩුව යටතේ ලැබෙමින් තියෙනවා. සතුටුයි.
චිත්රපටියෙ දර්ශන කීපයකට පොලිස් පර්මිෂන් ඉල්ලුවම ඒ චිත්‍රපටිය ගැන හොයා බලන්න විශේෂ පොලිස් කණ්ඩායමකට බාර දීලා.
මගේ විතරක් නෙමෙයි වැඩකරන කණ්ඩායමේ හැම කෙනෙකුගෙම ගෙදරට පොලිසියෙන් ගිහින්. වෙන වෙනම විස්තර වාර්තා අරගෙන. මේ තරම් උනන්දුවක් සිනමාවට!!
හැබැයි පොඩ්ඩක් ගෙවල්වල මිනිස්සු බයවෙනවා ආයිබෝං ඔය වැඩි සැලකිල්ල හින්ද. ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. හරිය
(පොලිසියට කොයිතරම් නාස්ති කරන්න කාලය හා මුදල් තියෙනවද. පොහොසත් රටක් කියන්නෙම ඒකයි)"
චින්තන විසින් මෙසේ සඳහන් කරන ලද අතර එයට සම්බන්ධ තවත් සටහනක් යළිත් මෙසේ පළ කර තිබිණි.
"කිරුළපන පොලිසියට ගිහින් චිත්‍රපටිය ගැන කිව්වා. හෙට මිරිහාන පොලිසියටත් හම්බුවෙන්න ඕනලු.
ෆිල්ම් එකේ වැඩ කරන අයගෙ ගෙවල්වලට ගිහින් අහල පහල අයගෙනුත් විස්තර අහලා.
මේ අය මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයද කියලත් අහලා. මං දන්නෙ නෑ ඒක චිත්‍රපටියට අදාල වෙන්නෙ කොහොමද කියල.😂😂😂😂
මාලිමා ආන්ඩුව එද්දි අපි බලාපොරොත්තු වුන තත්වය මාස දෙකක් යද්දිම උදාවෙලා තිබීම සතුටක්. රාජපක්ෂලව මේ තරම් විවේචනය කරලත් කිසි දවසක මෙහෙම නිර්මාණවලට බාධා කිරීම් කරලා නෑ. අලුත් දේශපාලන සංස්කෘතියක් කියන්නෙ මේකට වෙන්න ඇති"