lan englan tam

පුවත්

ගුරු ගීතය දිවයින පුරා....

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

උපාලි ගම්ලත් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ගුරු ගීතය' චිත්‍රපටය මීට දින කිහිපයකට පෙර දෙසැම්බර් 12 වැනිදා සිට පුළුල් තිර ප්‍රදර්ශනය ඇරඹීය.

කසකස්ථානයේ යුරෝෂියා සහ මොස්කව් අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනයට අවස්ථාව ලැබූ චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලැබ බොහෝ කලක් ඇවෑමෙන් තිර ප්‍රදර්ශනයට විවෘත වී තිබේ.
රූගත කිරීම් ආරම්භයේ සිටීම නැරඹීම අපේක්ෂාවෙන් සිටි ප්‍රේක්ෂක බලාපොරොත්තු සහ චිංගීස් අයිත්මාතව්ගේ 'ගුරු ගීතය' පාඨකයින්ගේ අපේක්ෂා ඉටු කරන්නක් බවට මෙය පත් වී තිබේ.
අධ්‍යක්ෂවරයාගේ පළමු සිනමාපටය වන ගුරු ගීතය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.
චිංගීස් අයිත්මාතව් යනු ලෝක ප්‍රකට රුසියානු ගත් කතුවරයෙකු වන අතර 'ගුරු ගීතය' නවකතාව සෝවියට් සමූහාණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව ඒ සඳහා කැප වී ක්‍රියා කළ දුයිෂෙන් ගුරුවරයා සහ අල්තීනායි නම් ශිෂ්‍ය චරිතය වටා නිමැවී ඇත.
රොෂාන් රවීන්ද්‍ර මෙහි ප්‍රධාන චරිතය වන දුයිෂෙන් ගුරුවරයාගේ චරිතය රඟපාන අතර දමයන්ති ෆොන්සේකා, කල්පනි ජයසිංහ අල්තීනායි ඇතුළු හයිසින්ත් විජේරත්න, ලංකා බණ්ඩාරනායක, ගාමිණී හෙට්ටිආරච්චි, අනෙකුත් චරිත සඳහා රංගනයෙන් දායක වෙති.
චිත්‍රපටයේ රූගතකිරීම් නේපාලයේදී සිදු කරනු ලැබ තිබේ.
චිත්‍රපටය තිරගත වන සිනමාශාලා පහතින් පළ කර තිබේ.

470214924 10165645787548018 2841172203267299521 n

Back to top
Go to bottom

Popular News