lan englan tam

පුවත්

තරුපතිගේ 'ශබ්ද මානව වංශවේදය' (Sound Ethnography)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ සංගීතවේදියෙකු ලෙස සිය නිර්මාණ කෙරෙන් ජන ප්‍රසාදය දිනූ සංගීතවේදී තරුපති මුණසිංහගේ ශබ්ද මානවවංශවේදය කෘතිය දොරට වැඩුම දෙසැම්බර් 20 වැනිදා සවස 03ට පැවැත්වේ.

කොළඹ මහවැලි කේන්ද්‍රයේදී කෘතිය එළිදැක්වීමට නියමිතය.
කෘතිය නිර්මාණය කිරීමේදී රචකයා විසින් සිය ශ්‍රවණ අත්දැකීම් හරහා කරන ලද සංස්කෘතීන් පිළිබඳ ගවේෂණ භාවිත කර ඇත.
මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා, විචාරක බූපති නලින් වික්‍රමගේ, මහාචාර්ය ප්‍රභා මනුරත්න සංවාද මණ්ඩපයට එක් වන අතර ඉන්ද්‍රසිරි සුරවීර විසින් වැඩසටහන මෙහෙයවනු ලබයි.
මීට සමගාමීව තරුපතිගේ බිරිඳ වන ජනප්‍රිය නිළියක වන ගයනි ගිසන්තිකාගේ දෙවන කාව්‍ය සංග්‍රහය 'ගලන දියේ හංගා'
කෘතියද එදින සවස 3.30ට මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වීමට නියමිතය.

Back to top
Go to bottom