lan englan tam

පුවත්

'මා හඬවලා' පියාගේ ගීතයෙන් වින්ඩි 'පියුම් නීල විල' මැද දිලෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දැනට ජාතික රූපවාහිනියෙන් විකාශය වන ජනප්‍රියතම වැඩ සටහන වන "පියුම් නීල විල" සඳහා පසුගිය දිනෙක ආරාධිත ශිල්පියා ලෙස සහභාගී වූයේ ජනප්‍රිය සහ ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකයි.

රූකාන්ත සමග චන්ද්‍රලේඛා පෙරේරා, රයිනි, සනුක, වින්ඩි සහ දිල්මින් පෙරේරා යන ගායක ගායිකාවෝ මෙහිදී ගී ගැයීමෙන් දායකත්වය දැක්වූහ.
සෑම ඉරිදාවකම රාත්‍රී 09.30ට විකාශය වන 'පියුම් නීල විල' දිවයිනේ රූපවාහිනී නාලිකා සියල්ල අතුරෙන් ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානයට ලක් වූ සංගීත වැඩසටහනකි.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලාර් එන්. කාසිම්ගේ මෙහෙයවීමෙන් පටිගත වන මෙම වැඩසටහනේ අධ්‍යක්ෂවරයා චින්තක අනුරුද්ධ පෙරේරාය.
රූකාන්ත සහභාගි වූ 'පියුම් නීල විල' වැඩසටහනේදී රසවත් ගීත ගණනාවක් ගායනා කෙරුණු අතර ඔහුගේ බාල දියනිය වින්ඩි සිය පියාගේ 'මා හඬවලා' ගීතය ඉතා රසවත් ලෙස ගායනා කළාය.

Back to top
Go to bottom

Popular News