lan englan tam

පුවත්

ජයක් ලැබුවත් සිංහල චිත්‍රපට හොරුන් සෙවිය යුතුයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිනමා අධ්‍යක්ෂවරුන් දැමූ පැමිණිල්ලට එක්තරා වෙබ් අඩවියකින් පළ කර තිබූ සිංහල චිත්‍රපට සියල්ල ඉවත් කරගැනීමට පසුගියදා වාර්තා කෙරිණි.

DubHubLK.net නම් වෙබ් අඩවියෙහි පළ කර තිබූ චිත්‍රපට 350කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය බුද්ධිමය දේපල කාර්යාලයට පැමිණිලි කිරීමත් සමග එම වෙබ් අඩවියේ තිබූ සිංහල චිත්‍රපට සියල්ල ඉවත් කර තිබූ අතර මෙම සිදුවීම ජයක් ලෙස සැලකුවද මෙහි සැබෑ සොරුන් කවරේද යන්න සොයා බැලිය යුතු බව පැමිණිලි කළ ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ භාණ්ඩාගාරික සුනෙත් මාලිංග ලොකුහේවා පවසයි.
අදාළ පැමිණිල්ල සිදු කර පැය 36ක් එනම්, දින දෙකක් ගත වීමටත් මත්තෙන් එසේ සිදු වූයේ මෙය ක්ෂේත්‍රයේ සමීපතයකු සම්බන්ධ වීම හේතුවෙන් බව ඔහු පවසයි.
"ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය DubHubLK.net එකේ අනවසරයෙන් පළ කර තිබූ සිංහල චිත්‍රපට 350කට අධික සංඛ්‍යාවකට විරුද්ධව බුද්ධිමය දේපල කාර්යාලයේ පැමිණිල්ලක් සිදු කර පැය 36ක් ගත වෙද්දී එම වෙබ් අඩවියෙන් ඒ සියලුම සිංහල චිත්‍රපට ඉවත්කොට තිබේ! එයින් පැහැදිලි වන්නේ මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන කවුරුන් හෝ “අපි මේ හොඳටම දන්න” අය බවයි.
අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ගත් ක්‍රියාමාර්ගය දැක ඔවුන් වහාම මෙම චිත්‍රපට සියල්ල ඉවත් කරගෙන ඇති බව පැහැදිලියි. මේ වැඩේ කරනවා ඇත්තේ කවුද? කෙසේවෙතත් දැනට මේ ජයග්‍රහණය සමරමු! ඒ අතරේ මේ “හොරකම” කරන කෙනාව හොයමු!"
යනුවෙන් ඔහු සඳහන් කරයි.

Back to top
Go to bottom