අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ස්වර්ණා මල්ලවාරච්චිගේ වසර 27ක සිහිනය, "රාණි " සිනමාපටය විචාර සම්මන්ත්‍රණය පෙබරවාරි 19 වන බදාදා සවස 03.30ට මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතය.
එහි දේශකයන් ලෙස ගාමිණි වියන්ගොඩ, ආචාර්ය නිම්මි නාලිකා සහ චින්තන ධර්මදාස සහභාගි වන අතර මෙම වැඩසටහන මෙහෙයවන්නේ සමන් අතාවුදහෙට්ටි විසින්ය. ස්වර්ණ සංඛ පදනම විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.
