ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අද (27)උදෑසන වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ තිබේ.
ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට අපහාස සිදුකළ පුද්ගලයෙකුට එරෙහිව කර තිබූ පැමිණිල්ලක වැඩිදුර විමර්ශන සඳහාය.
පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඉරාජ් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ, දිගින් දිගටම අදාළ පුද්ගලයා විසින් යූටියුබ් හරහා තම දෙමාපියන්ට සහ ස්වාමීන් වහන්සේලාට අගෞරව කරමින් සිටින බවය.
සමාජ මාධ්‍ය තුළින් බොහෝ විට විවිධ හේතු පදනම් කරගනිමින් කලාවට සම්බන්ධ අය ඉලක්ක කරගනිමින් මෙන්ම විවිධ ක්‍ෂෙත‍්‍රවල අය ඉලක්ක කරගනිමින් මාධ්‍යවේදීන් යැයි කියාගන්නා අයද යූටියුබ් මෙන්ම සමාජ මාධ්‍ය හසුරුවන්න එය අවියක් ලෙස යොදාගනිමින් කිහිපදෙනෙක් මේ ආකාරයෙන් ඒ ඒ අයට අපහාසවන ආකාරයෙන් අපහසුතාවයන් ඇතිවන ආකාරයෙන් සාකච්ජා මෙන්ම වැඩ සටහන් ඉදිරිපත් කරති.
කව්රු කාට කුමන මාධ්‍ය උපයෝගී කොටගෙන අපහාසාත්මක ලෙස අවමන් සහගත ලෙස අපහසුතාවයන් ඇතිවන ලෙස හැසිරෙයිද ඔවුන්ට සිදුවන අගතිය වෙනුවෙන් නීතියේ සහන පැතීම කළයුතුය. නීතිය සැමට එකහා සමාන විය යුතුය.