lan englan tam

පුවත්

ටේලර් ස්විෆ්ට් උඩ යයි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බටහිර ගීත ක්ෂේත්‍රයේ සුපිරි තරු අතර වඩාත් කතාබහට සහ රසිකයින්ගේ උමතු ආදරයට ලක්ව සිටින  අමෙරිකාවේ ටේලර් ස්විෆ්ට් ලොව ධනවත්ම ගායිකාව ලෙස පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කොට තිබේ. 

වසර 2023  මාර්තුවේදී  ආරම්භ වූ ඇගේ 'The Eras Tour '  ජාත්‍යන්තර සංගීත චාරිකාව පසුගිය වසරේ දෙසැම්බරයේදී අවසන් වන විට ගීත ගායනයෙන් පමණක් ඩොලර් බිලියනයක් උපයා ගන්නට ඇය සමත් ව තිබේ. එමෙන්ම ඩොලර් බිලියනයක් උපයා ගත් ලොව පළමු සංගීත චාරිකාව 'The Eras Tour' ලෙසත් හැඳින්වේ.  

 
'The Eras Tour'   සංගීත චාරිකාව ආරම්භ වන විට ඩොලර් මිලියන 600කට හිමිකම් කී 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට්ගේ වත්කම මේ වනවිට ඩොලර් බිලියන 1.6 දක්වා ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්ථා කරයි.ඩොලර් බිලියන 1.4ක වත්කමකට හිමිකම් කියන රිහානා ලොව ධනවත්ම ගායිකාවන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ  සිටී.
 
 
අන්තර්ජාලයේ තොරතුරු ඇසුරිනි.
Back to top
Go to bottom