lan englan tam

පුවත්

සුසන්තා චන්ද්‍රමාලි දිවි සැරිය නිම කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අබේසිරි නාරායන සුසන්තා චන්ද්‍රමාලි වනිගරත්න නොහොත් සුසන්තා චන්ද්‍රමාලි 1964 පෙබරවාරි 21වන දින  හම්බන්තොට මුලකිරිගල දී උපත ලැබීය.

 

14568067 1128616687256269 3091539280480548092 n

 

සුසන්තා චන්ද්‍රමාලි සුවහසක් ටෙලිවිෂන් පේ‍්‍රක්‍ෂකාගාරයේ ආදරය දිනාගනු ලැබූවේ  චාරුලතා ටෙලි නාට්‍යයෙන්  සහ කන්දෙ ගෙදර ටෙලි නාට්‍යයෙනි. එමෙන්ම ඇය සිනමාවේ සෝමරත්න දිසානායකගේ සරෝජා මහාචාරය සුනිල් ආරියරත්නයන්ගේ සුදු සෙවනැලි උදයකාන්ත වර්ණසූරියගේ රංකෙවිට  ඇතුළු චිත‍්‍රපට රැසක රංගනයෙන් දායක විය. 

සුසන්තාගේ ටෙලි නාට්‍ය රංගනය තුළ ඇය වඩාත් කැපී පෙන්නේ අහිංසක ගැමි චරිත තුළිනි. ආනන්ද අබේනායකයන්ගේ මුල්කාලීන ටෙලිනාට්‍ය කිහිපයකම සුසන්තා රංගනයෙන් දායක විය.

 61395550 518991498634240 6384376182929883136 o
 
 
කුමරු ලියනගේ සමග 1991දී විවාහ වන සුසන්තා ට එක් දියණියක් සිටී. ඇය තිසුරි යුවනිකා ය. ඇයද රංගන ක්‍ෂෙත‍්‍රයේ සම්මානයට පාත‍්‍රවූ දක්‍ෂ රංගන ශිල්පිණියක් විය.සුසන්තා 2009 වර්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්  ප‍්‍රාද්ශීය සභා මැතිවරනය සඳහා තරග කළද ඇයට ජය ගන්නට නොහැකිවිය. සුසන්තා 2004 වසරේ සිට දේශපාලන කටයුතුවල මැතිවරණ ජයග‍්‍රණයන් උදෙසා කලාකාරිණියක ලෙස  සම්බන්ධවිය.
2020 දී ඇය පියයුරු පිළිකා රෝගයට ගොඳුරු වීමෙන් ඇගේ රංගන කටයුතු මදක් අඩාල විය. නමුත් ඉන් සුවයක් ලද මෙහොතේද රංගන කටයුතුවලට දායක විය. 
 
428641385 7191424947642049 2550770186906310591 n 
 
වරින් වර ඇතිවූ රෝගී තත්වයන් නිසා සුසන්තාට වරින් වර ප‍්‍රථිකාර ලැබීමට සිදුවිය. පෙණහළු පිළිකා තත්වයට ගොඳුරුවීමෙන් පසු ප‍්‍රථිකාර ලබමින් සිටියදී මහරගම අපේක්‍ෂා රෝහලේදී ඇය ජීවිතයෙන් සමුගනු ලැබීය. ඇය මිය  යනවිට අවුරුදු 61 කි. 
සුසන්තාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එලැඹෙන සඳුදා එනම් මාර්තු මස 03වන දින සිදුකිරීමට නියමිතය. දේහය ට ගෞරව දැක්වීම සඳහා මාර්තු මස 01වන දින  සවස 3.00 සිට  සුහද මාවත කොතලාවල මාලඹේ යන ලිපිනයේ තැන්පත් කෙරෙණු ඇත.
 
සුසන්තාගේ අභාවය පිළබඳ මිරර්ආර්ට්ස් හි සාතිශය සංවේගය පළකරන්නෙමු.
 
Back to top
Go to bottom