lan englan tam

පුවත්

ශනුද්‍රිගේ "Long Weekend"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තරුණයින්ගේ හදවතේ රංගන ශිල්පීනියක් තමයි ශනුද්‍රි ප්‍රියසාද්. ප්‍රියසාද් පවුලේ ලාබාලම තරුණිය ඇයයි.

ඇගේ Youtube නාලිකාව ඔස්සේ ඇය විවිධ video ,vlog  ප්‍රේක්ෂකයන් වෙත මුදාහරිනවා. මේ පාර ඇය ඇගේ youtube නාලිකාව හරහා web series එකක් ගෙන ඒමට නියමිතයි. එහි official teaser එක මේ වන විට නිකුත් කර ඇත . ඒ "Long Weekend " නමිනි. 

 

 

මෙහි ශනුද්‍රි ප්‍රියසාද් සමඟ  අකලංක ප්‍රභාෂ්වර, කසුනි කාවින්දි, සතීෂ් නදීශාන් රංගනයෙන් දායක වන අතර මෙහි රචනය සහ  අධ්‍යක්ෂණය උදාර විජේසිංහගෙන්ද කැමරාකරණය   මනුක රත්නායක විසින් ද සිදුකර ඇත.
 
Vikings film production වෙතින් මෙය ගෙන එන අතර මෙහි නිෂ්පාදන කාර්යය කර ඇත්තේ ශනුද්‍රි ප්‍රියසාද් , අනුරුද්ධිකා ජයසිංහ  සහ උදාර විජේසිංහ විසින් ය.
 
 ලගදීම ඔවුන්ගේ "Long Weekend " එක පැමිණේවි.ඔබත් ශනුද්‍රි ප්‍රියසාද් Youtube නාලිකාව සමඟ රැදී සිටින්න.
Back to top
Go to bottom