ජනිත් වික්‍රමගේ සහ නිහාරි පෙරේරා ප්‍රධාන චරිත නිරූපණය කරන “සූර්යා” සිංහල චිත්‍රපටය 2025 ජූලි 04 වන දා සිට දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වීමට නියමිතයි.
‘සූර්යා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මහේෂ් මුණසිංහ විසින්.
මෙය ඔහුගේ දෙවන සිනමා නිර්මාණය වන අතර මීට පෙර ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් “Rush:” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද ඔහු විසිනි.
ජනිත් වික්‍රමගේ සහ නිහාරි පෙරේරා ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, සුදීක්ෂා සමාධි, සංගීත් ප්‍රභූ, අජිත් වීරසිංහ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සංගීත් ප්‍රභූ.. වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙනවා.
‘සූර්යා’ චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ජනප්‍රිය උපකාරක පංති දේශක දිනේෂ් මුතුගල විසින් වන අතර ඔහු මෙහි චරිතයක් නිරූපණය සඳහා රංගනයෙන් දායක වී තිබීම ද විශේෂත්වයක්.
අත් නොහරින, උත්සහයෙන් යුතු තරුණ පරම්පරාවක් වෙනුවෙන් පිදෙන ‘සූර්යා’චිත්‍රපටය මෙය ජූලි 04 වනදා පටන් ඔබට ළඟම සිනමා හලේදී නැරඹිය හැකියි.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෙතනින් නරඹන්න>>>
‘සූර්යා’ චිත්‍රපටයේ නිල ගීතය මෙතනින් නරඹන්න>>>




