lan englan tam

පුවත්

36 වන සරසවිය සම්මාන උළෙල 2025: හොඳම නළුවා ධනුක, නිළිය තිලක්ෂිණී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

36 වන සරසවිය සම්මාන උළෙල ඊයේ (24) රාත්‍රියේදී උත්කර්ශවත් අයුරින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

මෙවර සම්මාන උළෙලේ විශේෂත්වයක් වූයේ නව සම්මාන 08 ක් අලුතෙන් සම්මාන උළෙලට එක් කර තිබීමයි. (හොඳම දෙමළ භාෂිත චිත්‍රපටය, හොඳම හාස්‍යෝත්පාදක නළුවා සහ හොඳම ප්‍රතිවීරයා.. ඇතුළු සම්මාන උළෙලට අලුතෙන් එක් කර තිබුණා.)

එමෙන්ම මෙවර සම්මාන උළෙලේදී ජනප්‍රියම චිත්‍රපට ගීතය තේරීමට ද ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දී තිබුණා.

සම්මාන උළෙල ආරම්භයේදී පසුගියදා දැයෙන් සමුගත් හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා සිහිපත් කරමින් උපහාර අංගයක් පැවැත්වුණා.

ඉන් පසුව සම්මාන ප්‍රධානය ආරම්භ වූ අතර 2024 වර්ෂයේ ජනවාරි 01 සිට දෙසැම්බර් 31 වනදා දක්වා තිරගත වූ චිත්‍රපට මෙවර සම්මාන ප්‍රධානය සදහා සලකා බලනු ලැබුවා.

 

36වන සරසවිය සිනමා සම්මාන උළෙලේදී පසුගිය වසරේ හොඳම සහ විශිෂ්ටතම ලාංකීය සිනමාපටය ලෙසින් සම්මානය හිමි වූයේ' සිංහබාහු' චිත්‍රපටයටයි.

සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටය රේණුකා බාලසූරිය නිෂ්පාදනයක්.

 

36වන සරසවිය සම්මාන උළෙලේදී වසරේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජයග්‍රහණය කළේ උදයකාන්ත වර්ණසූරියයි.

පසුගිය වසරේ තිරගත වුනු, ඔහුගේ 'ගිනිඅවි සහ ගිනිකෙලි 02' චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔහු මෙලෙස සම්මානයට පාත්‍ර වුනා.

udayakantha best director

 

ජාතික චිත්රපට සංස්ථාවේ දත්ත පදනම් කර ගනිමින්, මෙවර සරසවිය සිනමා උළෙලේදී 'වසරේ ජනප්රියම චිත්රපටය' ලෙසින් අබිසෙස් ලැබුයේ සෝමරත්න දිසානයක අධ්යක්ෂණය කළ සිංහබාහු චිත්රපටයයි.

වසරේ සිනමාකර්ෂණීයම චිත්රපටයට හිමි සරසවි සම්මානය ප්රියන්ත කොළඹගේ අධ්යක්ෂණය කළ මන්දාරා සිනමාපටය වෙතට පිරිනැමුනා.

most populer film 2025

 

මෙවර 36වන සරසවිය සිනමා සම්මාන උළෙලේදී "වසරේ විශිෂ්ටතම කැමරා අධ්‍යක්ෂණයට" හිමි සම්මානය ලැබුනේ විශ්වා බාලසූරිය හටයි.

ඔහු කැමරා අධ්‍යක්ෂණය කළ 'සිංහබාහු' චිත්‍රපටය වෙනුවෙනුයි මෙම සම්මානය දිනාගත්තේ...

vishva balasuriya

 

මෙවර සරසවිය සිනමා උළෙලෙ හි "වසරේ හොඳම නළුවාට" හිමි සම්මානය දිනා ගත්තේ 'ගිනිඅවි සහ ගිනිකෙලි 02' චිත්‍රපටයේ රඟපෑ ධනුක දිල්ශාන් විසිනුයි.

best actor danuka dilshan 2025 sarasavi

 

දූස්රා චිත්‍රපටයේ ‘රතීගේ’ චරිතය වෙනුවෙන් ඉදිරිපත් කළ පෙරළිකාර රංගනය වෙනුවෙන්, සරසවිය සිනමා උළෙලේ "විශිෂ්ටතම රංගන ශිල්පිනිය" ලෙසින් ජය ගත්තේ තිලක්ෂිණී රත්නායක යි.

දූස්රා චන්න දේශප්‍රියගේ අධ්‍යක්ෂණයකි.

thilakshani rathanayaka

 

මෙවර මෙවර සරසවිය සිනමා සම්මාන උළෙලේදී 'වසරේ ජනප්‍රියම නළුවා' ලෙසින් සම්මානයට පාත්‍ර වන්නට, මේඝ සූරියආරච්චිට හැකියාව ලැබුනා.  (ප්‍රේක්ෂක sms මනාප ඇසුරින්)

එමෙන්ම හොඳම නවක නළුවාට හිමි ජූරියේ විශේෂ සම්මානයත් මේඝ සූරියආරච්චි හට හිමි වූවා.

512674622 732987442427347 3042546595904442919 n

 

සරසවිය 'වසරේ ජනප්‍රියම නිළිය' සම්මානය දිනා ගත්තේ රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද් විසිනුයි. (ප්‍රේක්ෂක sms මනාප ඇසුරින්)

513236040 732987469094011 2846189017577712302 n

 

 වසරේ හොඳම නවක නිළිය ලෙස ජූරියේ විශේෂ සම්මානය හිමි වූයේ  අභිලාශි සන්තුශ්කි හටයි.

510980526 711883828214421 1439339610906385861 n

 

 36වන සරසවිය සිනමා සම්මාන උළෙලේදී හොඳම සහාය නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ තිසරි වත්සලා යි.

'මින්නු' චිත්‍රපටයේ, පූර්ණිමා ලෙසින් ඉදිරිපත් කළ රංගනය උදෙසායි ඇයට මෙම සම්මානය හිමි වුනේ...

thisari wathsala best supporting actor

 

තරුණ පරපුරේ දක්ෂ නලුවෙකු වන සජිත අනුත්තර විසින් 36වන සරසවිය සිනමා උළෙලේ විශිෂ්ටතම සහාය නලුවාට හිමි සම්මානය දිනාගන්නට සමත් වුනා. ඒ ඔහු රංගනයෙන් එක් වූ ‘සිංහබාහු’ චිත්‍රපටය සඳහායි.

sajitha anuththara best supporting actor

 

මේ සමඟින් හොඳම චිත්‍රපටයද ඇතුලුව මෙවර උළෙලේ වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමි කරගත් චිත්‍රපටය වන්නේ ද සිංහබාහු සිනමාපටයයි.

එමෙන්ම වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය සිංහභාහු චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක සමන් පනාපිටිය විසින් දිනා ගනු ලැබුවා.

සම්මාන උළෙලේදී වසරේ හොඳම චිත්‍රපට ගීත ගායකයාට හිමි සම්මානය 'ගුරු ගීතය' චිත්‍රපටයේ 'ඉපල් රිකිලි සුළං' ගීතය ගායනා කළ කිත්සිරි ජයසේකර විසින් දිනාගනු ලැබූ අතර,  

වසරේ හොඳම චිත්‍රපට ගීත ගායිකාවට හිමි සම්මානය 'සිංහභාහු' චිත්‍රපටයේ 'ගිරි සිරස වසා ඇති' ගීතය ගායනා කළ නුවන්දිකා සේනාරත්න විසින් දිනා ගනු ලැබුවා.

 

kemadasa

shungara

Back to top
Go to bottom