lan englan tam

පුවත්

"ඉන්දීය සුපිරි නළු මොහාන්ලාල්ව මුණගැසීම ජීවිතයේ ලොකු වටිනාකමක්" - බිමල් ජයකොඩි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දීය සුපිරි නළු මොහාන්ලාල් විශ්වනාත් මේ දින වල ඔහුගේ නවතම චිත්‍රපටය වන 'පේට්‍රියට්' හි රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව ඔබ දන්නවා ඇති.

ඉතින් මෙම ගමනේදී අද (25) ඔහු ධර්ම යුද්ධය දෙවන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන රංගන ශිල්පී බිමල් ජයකොඩි හා සුහද හමුවකට එක් වූවා.

මේ හමුවීමේ විශේෂත්වයන් කිහිපයක්ම තියෙනවා.

ධර්මයුද්ධය 2 චිත්‍රපටය නිර්මාණය වෙන්නේ ‘Drishyam’ කියන මලයාලම් චිත්‍රපට මාලාව ඇසුරින්. මේ ‘Drishyam’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කරන නළුවා තමයි සුපිරි ඉන්දීය නළු මොහාන්ලාල්.

ඉතින් මුල් චිත්‍රපටයේ මොහාන්ලාල් නිරූපණය කරන චරිතයම තමයි බිමල් ජයකොඩි විසින් ධර්ම යුද්ධය දෙවන චිත්‍රපටයෙන් නැවත ප්‍රතිනිර්මාණය කරන්නේ.

drishyam 2 review

 

මේ හමුවීම රටවල් දෙකක ප්‍රධාන රංගන ශිල්පීන් දෙදෙනෙක් අතර ඉතා වැදගත් හමුවක් විදිහට සලකන්න පුළුවන්.ඒ වගේම මෙය කලාපීය සිනමාව හා දේශ සීමා මිත්‍රත්වය තුළත් ඉතා වැදගත් හමුවක් ලෙසත් හැදින්විය හැකියි.

අද පැවති මේ හමුවීමේදී "ධර්මයුද්ධය 2" සිනමා පටයේ රූගත කිරීම් සඳහා මෝහන්ලාල් විසින් බිමල් ජයකොඩි සහ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය සුබ පැතුම් එක් කරලා තිබුණා.

ඒවගේම සිනමා රසිකයින්ට නැවුම් බලාපොරොත්තුවක් දෙමින් Drishyam 3 සිනමා පටයේ සියලු වැඩ කටයුතු මේ වසර අවසන් වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් මෝහන්ලාල් පවසා තිබෙනවා.

මේ හමුව ගැන බිමල් ජයකොඩි සඳහන් කරලා තිබුනේ ධර්ම යුද්ධය 2 රූගත කිරීම් අතරතුර, Drishyam මලයාලම් සිනමාපටයේ ප්‍රධාන රංගන ශිල්පී, ඉන්දීය සුපිරි නළු මෝහන්ලාල් ව මුණ ගැසීම ජීවිතේ ලොකු වටිනාකමක් බවයි.

ඒ වගේම ඔහු නිරූපණය කළ චරිතයම නැවත ශ්‍රී ලාංකික රසිකයන් වෙනුවෙන් පනපොවන මොහොතක මෝහන්ලාල්ගේ සුබ පැතීම ඒ ගමන්ට ලොකු අත්වැළක් බවත් ඔහු සදහන් කරලා තිබුණා.

511806198 3962919927281669 6621061207696615931 n

kemadasa

shungara

Back to top
Go to bottom