lan englan tam

පුවත්

මහේෂ් මුණසිංහගේ “සූර්යා” ජූලි 12 දා සිට දිවයින පුරා සිනමාශාලා වලදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් “Rush” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ  මහේෂ් මුණසිංහගේ දෙවන සිනමා නිර්මාණය වන “සූර්යා” සිංහල චිත්‍රපටය 2025 ජූලි 12 වන දා සිට දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වීමට නියමිතයි.

ජනප්‍රිය රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ විසින් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර සනත් ගුණතිලක, මයික් ප්‍රනාන්දු, දිල්හානි ඒකනායක, නිහාරි පෙරේරා, සුදීක්ෂා සමාධි, අජිත් වීරසිංහ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සංගීත් ප්‍රභූ.. වැනි ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.

505397767 122219698394183099 6090415106492262793 n

රොනල්ඩ් දසනායක විසින් තිර රචනය සිදු කරනු ලැබූ ‘සූර්යා’ චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ජනප්‍රිය උපකාරක පංති දේශක දිනේෂ් මුතුගල විසිනි.

අත් නොහරින, උත්සහයෙන් යුතු තරුණ පරම්පරාවක් වෙනුවෙන් පිදෙන ‘සූර්යා’චිත්‍රපටය ජූලි 12 වනදා පටන් ඔබට ළඟම සිනමා හලේදී නැරඹිය හැකියි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෙතනින් නරඹන්න>>>

kemadasa

shungara

Back to top
Go to bottom