ශ්‍රී ලාංකික සංගීත ඉතිහාසය තුළ නොමැකෙන නමක් වන ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ජීවිත කතාව ඇසුරින් නිමැවුණු "ක්ලැරන්ස් - Rhythm of the Guitar" අලුත්ම සිංහල චිත්‍රපටය හෙට, (ජූනි 27) සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වෙනවා.
සාරංග දිසාසේකර - දිනක්ෂි ප්‍රියසාද් - දමිත් විජයතුංග - ධනුෂ්ක ඩයස් - ඉඳුවර සූරියබණ්ඩාර, නිහාරි පෙරේරා, ඉශංකා ජහන්වී, ෆර්නි රෝෂිනි, ශ්‍රීමාල් වෙඩිසිංහ, දනුෂ්ක ඩයස්, ඉඳුවර සූරියබණ්ඩාර.. වැනි ජනප්‍රිය රංඟන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.
"ක්ලැරන්ස් - Rhythm of the Guitar" චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ තේජා ඉද්දමල්ගොඩ යි.
චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලැබුවේ KCC නිර්මාතෘ තුසිත විජයසේන විසින්.
කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තා විසින් වන අතර සංගීතය අධ්‍යක්ෂණය සුරේෂ් මාලියද්ද විසිනි.
පහතින් දැක්වෙන්නේ හෙට,(27) සිට ජූලි 03 වනදා දක්වා පළමු සතිය තුළ චිත්‍රපටය තිරගත වන සිනමා ශාලා පිළිබඳ තොරතුරුයි.
ඔබත් ළඟම සිනමා හලේදී "ක්ලැරන්ස් - Rhythm of the Guitar" චිත්‍රපටය නැරඹීමට එක්වන්න.
https://mirrorarts.lk/news/11242-rhythm-of-the-guitar-2#sigProIde4f93ee48b




